විභාගය නිමා වීමේ ප්‍රීතියෙන් උද්දාමව කේවට්ටයා ජයගත් මහෞෂධයා මෙන් විජයග්‍රාහීව ගෙදර ආවෙමි.ගෙදර මිදුලට එද්දීම මොකක් නමුත් අවුලක් ඇති බව දැනුනේ නාසයටය.වසර ගණනාවකින් විඳ නුපුරුදු මිහිරි සුවඳ රැසක් කළවම් වී පොරකමින් මගේ නාසයෙන් ඇතුළුව මොළයේ විවිධ මතක උත්තේජනය කරන්නට යෙදුනේය.මම විජිතපුර ජයගෙන එන වේළුසුමනයා මෙන් එක් උරකින් ලැපත් අනි උරෙන් ඇඳුම් බෑගයත් රැගෙන දකුණු පය පෙරට තබා ගෙට ඇතුළු වීමි.
'කෑවනේ.කෑවනේ බූරුවා..........දුවේ මං උඹට කිව්වේ මේ උඹේ පොඩි එකාගේ මොළේ අඩුයි කියලා.එහෙව් උංවනේ ඉතිං විස්ස විජ්ජාලවලට තේරෙන්නේ.බලපං මගේ මේ තුනටියේ අමාරුවත් තියාගෙන පොලිස් කොරාපු බිම මේකා මේ මඩ සෙරෙප්පු දෙක දාං ඇවිත් ජරා කොළානෙව.' ආච්චිගේ ගෝරනාඩුව හමුවේ මම නැවතත් එළියට වීසි වීමි.
අම්මා කුස්සියේ ඉඳ ඇඳගෙන සිටි රෙද්දේ අත පිහදාමින් ආවාය.
'අම්මේ ඕකට කියලම ආයෙත් සුද්ද කොරවගන්ඩ.මම යනවා කුස්සියට කැවුම් ගෙඩිය රොස් වෙනවා.ඕකා කොහොමත් රටක් ආගමක් ජාතියක් ගැන කැක්කුමක් ඇති එකෙක් යෑ....'
බොලේ මේ එකෙකුටවත් මගේ විභාගේ ගැන අහන්ඩ කැක්කුමක් නැති හැටි අම්මපා ඇත්තට උඹ කාලද තේ එකක් හදන්ඩ ද කියලවත් අහපු නැති හැටි.ඇත්තමයි ආපහු යනවා හොස්ටල් එකට.ඒ උනත් හොස්ටල් එකේ ඉඳලා කරන්ඩ වැඩක් නැති හින්දාත් අතේ වියදමට සත පහක්වත් නැති හින්දාත් මම මේ ගැරහුම් මධ්‍යයේ ක්ෂාන්තිවාදී තවුසා මෙන් උපේක්ෂාවෙන් සියල්ල ඉවසා දරා සිටීමට තීරණය කර ගතිමි.
හොස්ටල් එකට, මරදානට, පුංචිබොරැල්ලට, වැසිකිළියට ආදී සෑම තැනකටම මා නොහැර මාත් සමගම ආ ගිය මගේ සෙරෙප්පු කුට්ටම එළියේ ගලවා තබා මම ගෙට ඇතුලු වීමි.අම්මා ගහයි හොකී පිත්තෙං කිව්වාලු ය.ගෙදර සුර විමනක් වගේ සරසලා ය.එද්මොන් දාන්තේගේ මොන්තක්රිස්තෝවේ ලෙන් ගුහාව වගේ මන්මත් කරවන සුළු යැ.නේත්‍ර පිනවන වර්ණාලේපිත යැ.මදය නැති මගේ පරණ ඩෙස්ක්ටොප් පරිගණකය අන්දවා සරසා අළුත්ම පරිගණක මේසයක් මත නැගැගෙන සාලයෙ එක් කොණකය.තවත් කොණක ඇඟ කෙට්ටු කරවන ටෙලිවිශනයේ විකුණන ඇබ්කිං ප්‍රෝ එකක් ය.ඒකත් එක්කම ආච්චී ඇඳ සිටි රෙද්දත් හැට්ටයත් අතරින් දැක පුරුදු එල්ලා වැටෙන බඩ වෙනුවට පැකැට්ටු හයේ බඩක් හෙවත් සික්ස් පැක් දැක මම විශ්මයෙන් භ්‍රාන්ත වීමි.
ආච්චිගේ මූණත් ටිකක් එළිය වැටී ඇති බවද මම දැක බලා ගතිමි.මේ අවස්ථාවේ අදහස් දැක්වීම නුවණට හුරු නැත.සික්ස් පැක් එක්ක ආච්චිගේ බයිසෙප්ස් ද හැදී ඇතුවා නිසැකය.නිකං දත් කඩා ගන්නවාට වඩා විමර්ශනය කොට අවබෝධයෙන් කටයුතු කිරීම මැනැවැයි සිතා ගෙන මම කාමරයට ඇතුල් වීමි.
කාමරයට දෙයියංගේම පිහිටය.අහෝ මගේ සමාජවාදී පොත් ටික ඔක්කෝම අතුරුදහන් වෙලාය.පොත් මේසයේ තිබූ කොවූර් මහත්තයාගේ පොත් දෙක ඉවත් කොට එතැන බණපොත් ගොඩ ගහලාය.පහුගිය සතියක උදළු ගාන්නට තරම් තත්ත්වයක තිබූ කාමරය දැං බිම බත් දාගෙන කන්ඩ හිතෙන තරමට අස් පස් කරලා සුද්ද පවිත්‍ර කරලාය.හොඳ දේවල නිකං නොලැබෙන බව සිතා මම හිත හදාගතිමි.
ගෙදර උං මේ ලැස්ති වන්නේ මොන ආකාරයේ මගඩියකට දැයි මට හිතා ගන්නට බැරිය.මේ මගේ කසාදයට ලෑස්ති වෙනවානම් වෙන්නට බැරිය.එහෙම උනානං මාව මෙච්චර නොසලකා හරින්නේ නැත.ටික වේලාවක් කාමරයේ සිරි නරඹා ඇඳුම් ගලවා ජාතික ඇඳුම නොහොත් සරමට බැස සාලයට ගිය විට දුටු දසුනින් මගේ හෘදය මොහොතකට නතර විය.මේ දකින සියල්ල එක්කොට ගංජා ගැසූවෙකුගේ සිහින කියා හෝ දිනුකගේ විශ්මලන්තය කියා පොතක් පල කිරීමට උවත් හැකිය.අම්මාත් ආච්චීත් දෙන්නාම සාලයේ එක්කෙනෙක් සීයාගේ හාන්සි පුටුවේත් අනෙකා සැටියේත් දිගාවී සිටිති.මූනේ කිරිද යෝගට් ද කොහෙද උලලා ය.ඇස්වල පිපිඤ්ඤා පෙති තියලාය.අබුද්දස්ස කාලේන කජ්ජේන පුහුලං කිව්වාලු ය.ඒ මදිවාට දෙන්නාම කෙහෙවලු වටා යෝධ තුවායක් බැගින්ද ඔතා ඇත.මිනිස්සු වැඩට ගිය කල්හී නුගසෙවන ඈ වැඩසටහන් නරඹා සිදුවන විපරීතයන් මේවායැයි මට සිතුනි.
'අම්මේ'
මම පාලනය කරගත් හඬින් මනා සංයමයකින් ආමන්ත්‍රණය කළෙමි.
'තව පැය භාගයක් යනකං මට හෙල්ලෙන්ඩ බෑ මෙතනිං.දැං ගිහිල්ලා ආච්චිගෙයි මගෙයි සාරි දෙකක් තියලා ඇති ඇඳ උඩ.ඒක අයන් කරපං.පරිස්සමෙන් අයන් කරපං දෙකම එහා ගෙදර කෙල්ලගෙං ඉල්ල ගත්තේ ඒකි වැඩට අඳින් ඒවා කිව්වා.පුච්චන්නේ එහෙම නෑ.'
අම්මා උනත් ගැහැනියක්ය.ගැහැනියකගේ අණට අකීකරු වීම තරම් නුනුවණ කමක් පිරිමියෙකුට තවත් නැත.
මට මෙව්වා අයන් කරනවා තබා මගේ ඇඳුමක්වත් හරියට අයන් කරගෙන පුරුදු නැත.අනික අත්කොට හැට්ට් අයන් කරන්නට ගොස් දෙපාරක් අතද පුච්චා ගතිමි.ගෑනු ඇඳුම් අඳින්නේ හැකි තරමක් ඇඟ පෙන්වීමටය.හැබැයි පිරිමින් ඒ දෙස බැලීම වනචරකමය.
මම ආපසු සාලයට යනවිට ආච්චී මූනේ කිරි තට්ටුව හූරමින් බල්ලාට දානවාය.බල්ලා ඌ ළඟට දැමූ කිරි දෙසත් ආච්චිගේ මූණ දෙසත් බලා අපුලෙන් පිඹිමින් යන්නට ගියේය.මම කල්යල් බලා අම්මාට කිට්ටු කළෙමි.
'අම්මේ දැං ආච්චිද අම්මද බඳින්ඩ යන්නේ?'
'නෙද්දකිං හිපාටු හිවලා. යකෝ අපි හැඩට ඉන්නවට උඹලා ඉරිසියයි නේද?ජේවීපී හැත්ත ඔක්කොම ඔහොමමයි.'
අම්මාගේ ගුණ වර්ණනාව අසා ආච්චීද කුස්සියට දුවගෙන ආවාය.ඇගේ වයසට ඔහොම දුවන්නට හොඳ නැත.කොහොමත් පපුවේ අමාරුවට බෙහෙතුත් ගන්නා නිසා හදිසියේවත් හෘදය අකර්මන්‍ය උවහොත් මම ඈ අල්ලා ගැනීමට සැරසුනෙමි.
'අහකට ගනිං උඹේ අත.හුහ්..උඹලා හිතාගෙන ඉන්නේ අපි වැටෙයි කියලා තමයි බොල.ඒ උනාට බලපියාපේ රජ්ජුරුවො වැටෙන්නෙත් නෑ අපි වැටෙන්නේත් නෑ.තොපි කොච්චර කතා කිව්වත් බලපං උන්නාන්සේ නොහිටින්ඩ තොපිට චන්දිරිකාවක් තියා අහස් ගුන්ඩුවක්වත් යවා ගන්ඩ ඇහැක්ද? උන්නාන්සෙගෙ පුතා ඔය වික්‍රමේ කොලේ තොපේ මහලොකු විස්ස විජ්ජාලෙට ගිහිල්ලද?අර ගෑනී සල්ලි කෝටි ගණං වංචා කොරලා අන්තිමට දෝසාබියෝගයක් ගෙනාවම තොපි ඒකටත් කතා කියනවනේ අම්මපා ඇත්තට.හැබැයි උන්නාන්සේ සැලෙන්නෙත් නෑ අපි සැලෙන්නෙත් නෑ අන්න ඒක දැනගනියව්.'
ආච්චි අනුර කුමාර දිසානායකට බණින්න තියෙන ටිකෙං මට බැන්නාය.මම කම්මුල අතගා බැලුවේ මගෙත් කම්මුලේ ඉන්නෙක් ඉන්නවද කියලාය.
'මොන පිස්සුද ආච්චි මම බණිනවද ඕවට.ඇත්තටම ආච්චි ඔය චන්ද්‍රිකාව යවලා මොකක්ද උනේ??'
'අපි කොහොමද බොල ඔය තාක්සනේ ගැන දන්නේ.ඒකේ මොකක් හරි ඒ උත්තමයන්ට වැඩක් ඇති.මේ උඹලා අපිට වැඩක් නැති උනාට'
'අනේ මංදා ආච්චී මම හිතුවා අඩුම තරමේ ඉන්ටර්නෙට් එකේ ස්පීඩ් එකවත් වැඩි වෙයි කියලා.මොකුත් උනේ නෑනේ.කමක් නෑ ඉතිං ඇත්තට අපි නොදන්න ඒ උන්නාන්සෙලට වැදගත් මොකක් හරි ඇතෑ.ඒ උනාට ආච්චී අර ගෑනු මනුස්සයා අයිං කරන්ඩ කළිං කොච්චරක් කට්ටිය ඉන්නවද අයිං කරනවනං නේද?මං කිව්වේ ඇමති ගොල්ලොම.'
මේ උඹයි මමයි දන්න දේසපාලනේ.අනේ යකෝ අපි ඉස්සෙල්ලම චන්දේ දාද්දි තෝ තියා තොපේ මහ එකාවත් ඉපදිලා නෑ බොල.එහෙම වංචා කළයි කියලා ඇමති ගොල්ල අයිං කරලා කොහොමද බොල ආණ්ඩුවක් ගෙනියන්නේ.අනික ඔය වංචා වගේ ඒවා කවදාවත් නැති කරන්ඩ බෑ.අපි ඒවගේ ඒවා ඉවසන්ඩ පුරුදු වෙන්ඩ ඕනේ.'
'හරි හරි ඒකෙන් වැඩක් නෑ.අම්මයි ආච්චියි මොකාටද මේ ලෑස්ති වෙන්නේ ඈ??'
'ඇයි බොල තෝ දන්නැද්ද උන්නාන්සේ මේ අපේ පැත්තට එනවා කියලා ප්‍රාදේශීය සබාවයි ජොගිං ටැක් එකයි විවෘත කරන්ඩ.'
'මොකක් කිව්වා ජොගිං ට්‍රැක් එකකුත් හදලද මේ උඩුගම්පොල? පිස්සු පීකුදු බිස්කට් නේ ආච්චි.ඉතිං ඕකේ දුවලා ඇඟ අඩු කරගන්ඩ කට්ටිය ඉන්නවැයි? අපේ පැත්තේ ගොඩක් උන්ට මන්ද පෝෂණේයි රක්තහීනතාවයි නේ තියෙන්නේ.'
'ඔය මං කිව්වේ...මොන වැඩේ කලත් උඹලට වැරදියි.කවුරුත් නැත්තං මම යනවා බොල උදේටයි හවසටයි ඇස්සයිස් කොරන්ඩ.'
'එතකොට ආච්චිගේ හන්දිපත් රුදාවයි පපුවෙ මහන්සියයි??'
'මළත් මොකද බොල.උන්නාන්සේ රටට කරන දේවල්වල වටිනාකමක් තොපි වගේ හරක්ට පෙන්නනලා දීලා'
'ඉතිං එතකොට මේ ලෑස්ති වෙන්නේ උන්නාන්සේ පිළිගන්ඩ ද?'
'නැතුව බොල ඔය ටීවී එකෙයි පෝස්ටර්වලයි හැමතැනම තියෙන්නේ උන්නාන්සේ ගෙවල්වලට ගිහිල්ලා දුක සැප අහනවා.ආච්චිලා ඉඹිනවා,ළමයි වඩා ගන්නවා ඉතිං වැරදිලාවත් උන්නාන්සේ මේ ගෙදර තෝරගත්තොත් ඇවිත් තේකක් එහෙම බොන්ඩ.'
'ඇත්ත ඇත්ත බැරිවෙලාවත් ආවොත් මොන දෙයියන්ට කියන්ඩද නේද?'
පහුවදා උදේම ලෑස්ති වී ඇඳ පැළඳ ගත් අම්මාත් ආච්චීත් ලොක්කා හෙලිකොප්ටරෙන් බහිනවා බලන්ඩ ගියෝය.පැය ගාණක් හිටං ඉඳලා දාඩිය පෙරාගෙන හවස ආව වෙලාවේ ඉඳලා කියවිල්ල ඉවරයක් නැත.
'ඒ උත්තමයා බැස්ස ගමං අත වැනුවේ අපේ පැත්තට.හම්මෝ මාර පාටක් ඒක.රත්තරං පාටයි.හොඳ ප්‍රෞඪ පෙනුමක් තියෙන්නේ.වෙන කොයි නායකයටද එහෙම පෙනුමක් තියෙන්නේ.උන්නාන්සේ අපේ පැත්තට හැරිලා හිනා වෙනවා දැක්කම මට සන්තෝසෙ දරාගන්ඩ බැරුව ගියා.වෙලාවට අර දිව යට තියන පෙත්තක් අරං ගියේ.'
'නෙද්දකිං මේ හැත්ත මිනිස්සුංව අන්දලා ආයෙත් පෙට්‍රල් වැඩි කරලනේ.හෙණම ගහන්ඩ ඕනේ මේ යක්කුන්ටනං.කොල්ලෝ අර කැවුං ගෙඩියක් අරං වරෙං කෝ කෙහෙල් ගෙඩියකුත් එක්ක.දැං ඉතිං ඕවයිං ජිල් ගහන්ඩයැ' සීයා පත්තරය බලමින් කීවේය.
ආච්චී සීයාටද රවා ගෙට ගියාය.
පස්ටයි ඕයි ලියලා තියන විදිහ නම්
ReplyDeleteඇත්තද සීන් එක ?
ඉස්තූතියි මචං.සිද්ධි කීපෙක එකතුවක්.ජොගිං ට්‍රැක් එකනං ඇත්ත.
Deleteහි හි හී... මගෙ මොළෙත් මඤ්ඤ්ං උනා මේක කියවලා...
ReplyDeleteඒ මොකෑ ඒ...?? දුවලා ඇඟ හදා ගන්ඩ හලෝ.....ඔහෙ නැද්ද ජොගිං ට්‍රැක් එකක්??
Delete"ඒකත් එක්කම ආච්චී ඇඳ සිටි රෙද්දත් හැට්ටයත් අතරින් දැක පුරුදු එල්ලා වැටෙන බඩ වෙනුවට පැකැට්ටු හයේ බඩක් හෙවත් සික්ස් පැක් දැක මම විශ්මයෙන් භ්‍රාන්ත වීමි." කාලෙකින් කියවපු හොඳම පන්ච් ලයින් එක :D
ReplyDeleteමෙහෙම කොමෙන්ට් දැක්කම ලැප බදාගෙන ඉඹින්ඩ හිතෙනවා අප්පා.ඉස්තූතියි ඈ...
Deleteමතක නෑද්ද ගම්පහ නගරයේ විදුලි පඩිපෙලවල් ගහලා බස් නෑවතුම් පලක් හෑදුවා.ඒකෙ ගිහිල්ල ශොපින් කරලා පහලට ඈවිත් බස් එකක් නෑතිව පෑය ගනන් බලා ඉන්නවා එති නේද.
ReplyDeleteසිරාවට එහෙම උනාද ඈ?? මොනවා කළත් වැඩක් නෑ ගම්පහ ප්‍රයිවට් බස් කාරයින්ට හොඳ පුරුදු පුරුදු නොකර.
Deleteකවදත් වගේ හරිම රසවත්..
ReplyDeleteඉස්තූතියි අයියා.......
Deleteසිරාම කතාව.. ලියපු විදිහට ක්‍රෙඩිට් එකක් දෙන්නම ඕන...
ReplyDeleteඅනේ දියංකෝ මචං අතේ සතේ නැතුව ඉන්නේ මේ ටිකේ.........
Deleteකතාවක් වුණත් විස්තරේ ඇත්ත තමා. අපේ පැත්තට ජොගින් ට්‍රැක් එකක් නෙමේ දෙකක්ම තියෙනවා :D
ReplyDeleteකතාවක් උනාට විස්තරේ බොහෝ දුරට ඇත්ත මචං.ජොගිං ට්‍රැක් එක අපේ පැත්තේ හැදුවේ මාලිගා ගොඩැල්ල පංසල ගාව.ජොගිං ට්‍රැක් එකක් හදන්ඩ අනවශ්‍ය තැනක අනවශ්‍ය විදිහට බැකෝ දාගෙන සැහෙන්ඩ ගැඹුරට හාරගෙන සෙල්ලං දානකොට නිධාන කතාවකුත් ඇසී නෑසී ගියා මචං.මේ පැත්තෙනෙ සකලකලා වල්ලභ කියන කුමාරයා හිටියා කියන්නේ.
Delete@ දිනුක
Deleteසකලකලා වල්ලභ ගැන කාලෙකට කලින් මම ලිපියක් ලිව්වානේ. නිධන් කතාවත් බොරුවක් නොවෙන්නත් පුලුවන් මොකද. සකලකලා වල්ලභ මියයන්නේ උරුමක්කාරයෝ නැතුව. ඒක නිසා වස්තුවක් හැංගුවා වෙන්නත් බැරිකමක් නැහැ
එහෙම පොඩි කතාවක් අපේ පැත්තේ තියෙනවා.දැං ඉතිං ඒකට මක්කා උනාද කියලා දන්නෙ නෑ.සකලකලා වල්ලභ ගැන ලිපියනං කියෙව්වේ නැද්ද මංදා.බලමුකෝ කියවලා........
Deleteතෝ මේක ගැන අපහසෙන් කතාකරන්නේ මිනිස්සු Jog කරලා සෞඛ්‍ය සම්පන්න උනොත් තොගේ private practice එකට පාඩු නිසා නේද බොල
ReplyDeleteශිඃ මාට්ටු උනානේ.........
Deleteහික් හික්..මරු ඇ..
ReplyDeleteහික් හික් ඉස්තූතියි ඈ......
Deleteඅඩේ උඹ සුපිරියට ලියලා බන්.
ReplyDeleteපට්ට
ඉස්තූතියි කිව්වා මචං......
Deleteදැන් ඉතින් විභාගේ හෙම අහවර හින්දා අපිට හොඳ බ්ලොග් සටහන් ටිකකුත් බලාගන්න පුළුවන් වෙයිනේ ....!
ReplyDeleteඔහොම කියල අර අහිංසක ආචිචිලගේ හීන බිඳින්න එපා. හීනෙන් හරි සෞභාග්‍යයට යන්න ඉඩ දෙන එක නේද අපේ යුතුකම....
මේකටනං දිග කොමෙන්ට් එකක් දාන්ඩ වෙනවා.විභාගේ ඉවරයි නෙමෙයි අක්කේ විභාගයක් ඉවරයි.අන්තිම අවුරුද්දේ අපිට විශයන් 5ක් තියෙනවා ඉගෙන ගන්ඩ.ඒ පහෙන් නාරි හා ප්රසවවේදය () කියන විශයයේ ප්‍රායෝගික පරීක්ෂණය ඉවරයි.ආයේ ඒකෙම ලිඛිත පරීක්ෂණයත් කරන්ඩ තියෙනවා.ඔන්න ඊයෙ ඉඳං ශල්‍යවේදය පටං ගත්තා.හෆෝයි අපේ තරුණ ජීවිත.මංවත් දුක්වෙනවා ඒ ගැන.අපි පව් මෙයා...........
Deleteආච්චිලටනං මොකද.බැරි මරගාතෙ ගිහිල්ලා සරම අඳින එකා බලලා කතිරේ ගහල එනවා.ඒවයේ ප්‍රථිඵල බුක්ති විඳින්නේ අපිනේ......
අයියෝ සල්ලි කිව්වලු............ අදමයි මේ පැත්තේ ආවේ මරුවටම ලියල තියෙනවා.
ReplyDeleteකෝරලේ වලව්ව
බොහොම ඉස්තූතියි කිව්වා කෝරලේ මහත්තයෝ........
Deleteචන්ද්‍රා අනගිරත්නගෙ නරලෝ හොල්මන් මතක් උනා වෙන්ඩ දොස්තර මහත්තයෝ !
ReplyDeleteඒ මහත්තයාගේ පොත් කියවලා තමයි උපහාසේ පුරුදු උනේ......
Deleteමේකනම් නියමයි මල්ලියේ.
ReplyDelete