16 May 2012

දයාබර මිනිසා


ඔබා මාමා යන්න ගියේය.මම මගේ ජීවිතයේ මිය ගියවුන් දැක ඇත්තෙමි.මිය යන්නවුන් දැක ඇත්තෙමි.මා විශ්වාස කරන අන්දමට මිනිසෙකුට ලද හැකි සන්තෝෂජනකම සහ සාමකාමීම මරණයට මෙම වාසනාවන්ත මිනිසා උරුමකම් කියා ඇත.සිය ජීවිතයේ වගකීම් ඉටුකොට දිවියේ සැඳෑ සමය ගතකරමින් සිංහල බ්ලොග්කරුවන්ගේ සිත් සතන් ආමන්දානන්දයට පත් කරමින් සැමට සතුට බෙදා දෙමින් ලිපි ලියූ ඔහු අවසන් මොහොතට පෙරද කාගේත් බ්ලොග්වලට කොමෙන්ට් කර හිතේ සතුටින් අවසන් ගමන් ගියේ ය.

දයාබර ඔබා මාමේ ඔබ සතුටින් ගිය මඟ ඔබ ගිය ලෙසටම මටත් යෑමට පාර කියන්න.මෙවන් වාසනාවන්ත මරණයකට ඔබ උරුම කීවේ අන්‍යයන් සතුටු කිරීමේ යහ ක්‍රියාවේ ප්‍රථිඵලයක් නිසා වන්නට ඇත.

5 comments:

  1. ඔබා මාමා නැති අඩුව අපිට හැමදාම දැනේවි.. :(

    ReplyDelete
  2. සිංහල බ්ලොග් අවකාශයෙ ඔහුගෙන් පසු ඇති වුණ රික්තකය පුරවන්න කිසිවෙකුට හැකිවෙන එකක් නෑ. අළුතෙන් තරුණ අය බ්ලොග්කරණයට ඇතුල් වුණත් ඔබා මාමගෙ වයසෙ අය මේ පැත්තට යොමුවෙන සම්භාවිතාව හුඟක් අඩුයි. අනෙක ඒ වගේ ඇසුපිරූ තැන් ඇති සරල සුන්දර නිහතමානී වැඩිහිටියෙක් අපට මුණගැහෙනකක්ම නැති වෙයි.

    ReplyDelete
  3. උඩ කමෙන්ට් එක දාලා තියන ඇනෝ කවදාවත්ම වයසට යන කෙනෙක් නෙමෙයි මට හිතෙන හැටියට.
    බ්ලොග් බලන නාකියෙක්

    ReplyDelete
  4. ඇත්ත ඔහු නැති අඩුව කවුරු පුරවන්නද?

    කුණුහරප කොමෙන්ට් දාන ඇනෝලට කියන්නෙ,

    කුණුහරප කියන එක හෙන පොර වැඩක් කියලා උඹලා හිතං හිටියට මම එහෙම හිතන්නෑ.අනික මනුස්සයෙක්ගෙ මරණෙකදිවත් උඹලගෙ මෝඩ චූන් නොදා ඉන්න තරං සංවර කමක් උඹලට දෙමව්පියෝ කියලා දීලා නැද්ද?

    ReplyDelete
  5. මරණය නම් වාසනාවන්ත නැහැ යාලුවා.ඔහු තවත් කලක් ජීවත් වුනානම් එකයි වාසනාව.

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...