24 March 2012

නව ජීවන ක්‍රමය





ලියුමක් ඇවිත්
බෝඩිමට
ආවමයි ලියුමක් මට
බෝඩිමට කෙසේ වෙතත්
ජීවිතේටම
පළවෙනි වතාවට


අම්මා නොවැ මේ
ලියලා ඇත්තේ
අහන්ඩ සැපදුක්
කෑවද බීවද?
විභාග ලේසිද?

ඇයි වදේ
තිබුණනෙ ගන්ඩ
ඇමතුමක්
මගේ ජංගමේට
කපලාවත්ද මගේ
සම්බන්ධතාවය
නොගෙවූ නිසා බිල
මහපොළක්වත් නෑනෙ
තාම මේ මාසයට

කපටියා තක්කඩියා
නිවටයා නිකමා
ආමන්ත්‍රණය සැරයි
ආශීර්වාද තොරයි

මෙච්චර කල් රැවැට්ටුවා
තෝ අපව
අරවාට වියදම්ය
මේවාට වියදම්ය
අර බිල් ය
මේ බිල් ය
අර පොතට මෙච්චරයි
කලිසම්ද කමීසද
නිමක් නැති නාස්තිය

තොගේ ඔය ජංගමේ
නාස්තියෙ උල්පතයි
ඉන්ටර්නෙට් කිය කියා
සිය ගණන් නැති කළා

ඇටෙන් පොත්තෙන් එන්න
පෙරාතුව පටන්ගත්
උඹේ පෙම් හුටපටේ
මේ දැන්ම නවතපන්

වයස විසි හතරකට
අනේ බොට මොන ලව් ද?
වියදමක් නේද බොල
ජංගියත් අරන් දෙන

නවකතා කෙටිකතා
අදින් පසු ගන්න බෑ
වේදිකා නාට්ටි හෙම
බලලා අහු වෙන්න බෑ
හදිසියේ තිබහකට
තැඹිලිවත් බොන්න බෑ
දවාලට කැන්ටිමෙන්
මිස මොකුත් කන්න බෑ

මෙඩිසින්ය කිය කියා
පොත් මොකුත් ගන්නෙපා
ලයිබේරියේ පොත්
වෙන උන්ට දෙන්නෙපා
කළාතුරකින් උනත්
බස් එකක යන්නෙපා
ඇවිදලා ගෙවෙනවට
පාවහන් ලනු එපා

පඩිපතම පිනට දෙන
අපේ මහ මැතිතුමා
පෑදුවා දෑස් අපෙ
නාස්තිය නවතලා

දෙදාස් පන්සීයක්ය
වැය වෙන්නෙ අයෙක් හට
අවැසි නැති මෝස්තර
කපා හළ මාසයට

රටට හෙළි කෙරුවාට
අළුත් ජීවන ක්‍රමය
ඒ උතුමා බුදු වේවි
නැති කෙරුව සතයටම
අනේ තොට හෙණ ගහවි

දෙන්නෙ නෑ මින් මතුව
එක පණම් කාසියක්
උඹෙ දිවිය රැක ගනින්
මහපොළෙන් බොට ලැබෙන

පින්තූරෙ ගත්තේ: cdashnaw.wordpress.com 

11 comments:

  1. අම්මලා හරි නේද?
    ඔය කියපු උත්තමය
    බොරු හලන්නෑ නේද?
    ඉතිං ඔය වැඩිමනන්
    නාස්තිය නවතලා
    අද ඉඳන් පටං ගමු
    දෙදහකිං සැනසෙන්න!

    ReplyDelete
  2. අත්ථකිලමථානු යෝගෙටත් යනව 2500ට වැඩියෙන්...

    ReplyDelete
  3. මහපොළක්වත් නෑනෙ නේද?

    ReplyDelete
  4. කියන්න දෙයක් නෑ වගේ ඉතිරි වෙලා. දෙදාහෙන් මොනා කරන්නද?

    ReplyDelete
  5. 2500 තියා 20000න් මෙහානම් බෑ බන් එකෙකුට.මේ කියන්නෙ බෝඩ් වෙලා කොළඹ ඉන්න එකෙකුට.

    ReplyDelete
  6. මරු වැඩේ !!
    දැන් ඉතින් සෙරෙප්පුත් නැතුව පයින් යමකෝ ! ආහ් ෆෝන් එහෙමත් පාවිච්චි කරන්න තහනම් නේ හික්ස් :)

    ReplyDelete
  7. @hare :-) : ආර්ථික විද්‍යාවෙ
    පරතෙරට උගත්තෙක්
    කියාවිද මුසාවක්
    කරන්නට බැරි දෙයක්

    @අකූ : එයාලා කාමසුඛල්ලිකානුවෙං ඉඳලා අපිට මෙහෙම කියන එකනොවැ අවුල

    @dreams : මහපොළ හම්බ උනාම ඒක නිකම්ම ඉවර වෙනවා.හරියට ඩිස්ප්‍රීන් පෙත්තක් වතුරට දැම්මා වගේ

    @Il mondo di una povera pazza : එළවලු විතරක් කනවනං ඇති.මේ දවස්වල එළවලුනං ලාබයි ඕං

    @Sabith : :ඩී :ඩී

    @sithuwam : අනිවා මචං.හාමුදුරු කෙනෙක්ටත් බෑ ඔය කියන ගාණෙන් නං ජීවත් වෙන්න.

    @මධුරංග : ඒ විතරක්යැ ඉන්ටර්නෙටුත් තහනංලුනෙ.දැං ඉතිං අපිට බැරියෑ අයි ටී එන් එකෙයි රූපවාහිනියෙයි පෙන්නන සංවර්ධනේ බල බල නොකා නොබී ගෙවල්වලට වෙලා ඉන්න.

    ReplyDelete
  8. හොඳ වැඩේ බොට :-)

    ReplyDelete
  9. බන්දුල මාමා බඩට ගහද්දි ඔබා මාමා හිනා වෙන එකනේ ඉවසන්න බැරි.

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...