25 December 2011

සොරි අංකල්




වෛද්‍ය අධ්‍යාපනය ගැන දන්න අය අහලා ඇති ඒකෙ කට්ටිය සායනික පුහුණුවට යන්නෙ කුඩා කණ්ඩායම් විදිහට කියලා.ඒවට සිංහලෙන් කියනවා 'කිලිනිකල් ගෲප්' එක කියලා.මම අයත් වෙන මේ සායනික කණ්ඩායම ගැන වෙනම බ්ලොග් එකක් ලියන්න පුළුවන් තරම් විවිධත්වයක් අපේ කට්ටිය අතරේ තියෙන්නෙ.මේ අසමානකම හින්දම අපිට කණ්ඩායමක් විදිහට විනෝද සංචාරයක් යන්න ලැබුනෙම නෑ.අනිත් කණ්ඩායම්වල් උන් හම්බවෙන හැම නිවාඩුවකම කොහෙ හරි ගිහින් මූණු පොතේ දාන ෆොටෝ බල බලා අපේ කණ්ඩායමේ උන් ඉරිසියාවෙන් පුපුරණවා.


කොහොම හරි මේ ඉරිසියාව පුපුරන්න කිට්ටුවෙච්ච බෝම්බයක් වගේ තියෙද්දි තමයි කලාතුරකින් ක්ලිනිකල්ස් එන අපේ රතු අයියා හදිස්සියෙ ක්ලිනිකල්ස් ඇවිත් නත්තල් නිවාඩුවේ මේ චාරිකාව ලෑස්ති කළේ.

දවස් තුනක් චාරිකාවට වෙන් කරපු අපි මුලින්ම අපේ එක සාමාජිකාවකගේ ගෙදර යන්න තීරණය කළා.එතුමියගෙ ගම ඇහුවම කියන්නෙ ගාල්ලෙ කියලා.ගාල්ලෙ කොහෙද ඇහුවම කියනවා ඇල්කඩුවෙ කියලා.ඇල්කඩුවෙ කොහෙද ඇහුවම කියනවා පිටිගල කියලා.එතනින් එහාට අපි අහන්න දන්නෙ නැති නිසා අහන්නෙ නෑ.ඒත් පසුව ලැබුණු ආරංචිවලට අනුව පිටිගලිනුත් තව බස් එකක ගිහින් අන්තිමට ටිකක් පයිනුත් යන්න තියෙනවලු.අන්තිම ටිකලු යන්න අමාරුම.අන්තිම කඩෙන් අලිඩොං එහෙම අරගෙන, එකෙක් පොඩි පොලු කෑල්ලකින් යන පාර තල තලා යන්න ඕනෙලු බැඳලා තියෙන කඳන් පත්තු වෙන්න.නැත්තන් ඉතිං දණිස්සට පහල කකුලට සමු දෙන්න වෙනවා කියලා තමයි කියන්නෙ.

මේ හද්දා ඩොටේ ප්‍රදේශයේ අපි යන දවසේ රාත්‍රිය ගත කරලා පහුවදාට තංගල්ල බලා පිටත්වෙන්න තමයි ප්ලෑන.අපේ ප්‍රධාන සංවිධායක රතු අයියා තංගල්ලෙ 'රන්න' කියන හරියෙ.දීපු ටෝක්ස්වල තරම දැනගත්තෙ ගියාම තමයි.රන්නෙ ඉඳලත් තව බස් එකක යන්න ඕනෙ.ඒ පාරෙ තියෙන්නෙත් බස් එකක් විතරයි.අපිට ඒක මිස් වෙච්චි හන්දා අපිට සිද්ද උනා අමාරුවෙන් තෙසක් රිය දෙකක හිරවෙලා අන්තිම දුර යන්න.

රතු අයියගෙ ගෙදර රෑ නැවතිලා පහුවදා මුහුදෙන් නාලා ආපහු එන්න තමයි කාගෙ කාගෙත් අපේක්ෂාව උනේ.අපේ කණ්ඩායමේ දාහත් දෙනාගෙන් දොළොස් දෙනෙක්ම ගමනට සෙට් උනා.අම්මපා ඇත්තට එච්චර ගොඩක් එක දවසෙ ක්ලිනිකල්ස්වත් ඇවිත් නෑ.ආවෙ නැති පස්දෙනාට විවිධ හේතු.එකෙක්ට උණ, තව එකෙක්ට දානයක්, එකෙක්ට ගෙදර වැඩ, එක්කෙනෙක්ට අපි පොෂ් මදි, එක්කෙනෙක් ගෙදරින් පිට ඉඳලම නෑ.

කොහොම හරි බාධක මැද්දෙ අපි ගමන පිටත් වෙලා අර ඩොටේ ප්‍රදේශයට සෑහෙන වෙලාවක් ගිහින් සම්ප්‍රාප්ත උනා කියමුකො.කාලා දොළකින් නාලා එහෙම අපි කට්ටිය අපේ සංග්‍රාහිකාවගේ නිවාසෙ පිටිපස්සෙ තිබ්බ පුංචි කඳු ගැටය තරණය කළා.මේ කන්දට චිරාත් කාලයක් තිස්සේ නමක් නොතිබ්බ නිසා අපේ රතු අයියා මේක 'ඩොටේගල' කියලා බෞතීස්ම කළා.

උඩට නැගීමේදී අපේ ගමන ගැන පොඩි ඩොකියුමෙන්ට්‍රි එකකුත් රූගත කළා.පස්සෙ ඒකත් ජාලගත කරන්නංකො.උඩට නැගලා වෙහෙස මහන්සිය නිවාගන්න උඩ ගල්තලාවක ඉඳන් ඉන්න කොට තමයි එකා එකා ඇම්ඩංගෙ කතා එහෙම කියන්න පටං ගත්තෙ.

ඔන්න මට මතක් උනා කතාවක්.

එක කුකුළු ෆාම් එකක් තිබ්බලු.කුකුළු ෆාම්වල කිකිළියො ගොඩකට ඉන්නෙ එක කුකුළෙක් විතරනෙ.මේ ෆාම් එකේ හිටපු කුකුළා වයසට ගිහිල්ලා හින්දා අළුතෙන් තරුණ කුකුළෙක් ෆාම් එකට ගෙනාවලු.මේ අළුත් කුකුළා ටිකක් නාහෙට නාහන මහ පඩත්තර ජාතියෙ එකෙක් ලු.ඌ උගේ රාජකාරිය කරන විදිහ බලාගෙන හිටපු නාකි කුකුළට අප්සට් ගිහින් තරුණ එකාට කිව්වලු,

'පුතා අපි අපේ වැඩේ ගැන විතරක් හිතලා හරියන්නෙ නෑ.අපි අපිට මේ රස්සාව කරගෙන යන්න උදව් වෙන මේ කිකිළියන්ට ගරු කරන්ඩ ඕනෙ.තමංගෙ රාජකාරිය කළාට පස්සෙ ඒ අයට ඉස්තූති කරන්ඩ අපි අමතක කරන්ඩ හොඳ නෑ.'

'ඒක තමයි අංකල් මට ඒක කල්පනා උනේ නෑනෙ.' තරුණ එකාටත් අප්සට් ලු.

'මම කියන්ඩද පුතා, දැං හවස ෂිෆ්ට් එකට අපි දෙන්නම යමු.ගෑනු කට්ටියට පෝළිමට ඉන්න කියලා මම එක කෙළවරකින් පටං ගන්නං.පුතා මම ඒ අයට කරුණාවෙන් සළකන විදිහ බලලා අනිත් කෙළවරෙන් පටං ගන්න.' තරුණ එකත් වැඩීහිටි උපදේශෙට කැමති උනා.

ඔන්න දැං කිකිළියො ටික පෝළිමට තියලා අංකල් එක කොණකින් පටං ගත්තා.

'තැංකියු මැඩම්'. අනිත් කිකිළි ගාවට................... 'තැංකියු මිස්'. අනිත් කිකිළි ගාවට..............'තැංකියු මිස්'....................'තැංකියු මැඩම්'........................'තැංකියු මිස්'...............

ඔන්න ඕක බලං ඉඳලා තරුණ එකා පටං ගත්තා කිකිළි පෝළිමේ අනිත් කොණෙන්.

'තැංකියු මැඩම්' 'තැංකියු මිස්' 'තැංකියු මිස්' 'තැංකියු මැඩම්' 'තැංකියු මිස්' 'තැංකියු මැඩම්' 'තැංකියු මිස්' 'සොරි අංකල්' 'තැංකියු මැඩම්' 'තැංකියු මිස්'.....................

කොල්ලාගේ තරුණ ජවය හින්දා අධික වේගයෙන් නාකි අංකල්වත් පහු කරගෙන පෝළිමේ අනිත් කොණටම ගියේ එහෙමයි.

කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගේ කතාවක් තමයි ලියවුනේ.කියවලා අප්සට් ගියානං සමාවෙන්න හොඳේ.......



4 comments:

  1. මොකද්ද බං... මුළු කතාවෙම මූඩ් එක කෑවා අන්තිම එකෙන්...

    ගාල්ල පැත්තෙ අපි දන්න කෙනෙකුත් ඉන්නවා. එයත් ඇහුවම කියන්නෙ ගම ගාල්ලෙ කියලා. පයින් එන දුර කිව්වට මල ගෙයක් වෙලා යන්න සෙට් වුනාම තමයි අපිත් දැනගත්තෙ ගම ගාල්ලෙ මායිමේ කියලා... :D

    ReplyDelete
  2. ගමන ගැනත් දාහං පෝස්ටුවක්!

    ReplyDelete
  3. පුදුම ගරු කිරිල්ලක් නේ. අර ගෑල්ලමයාගේ ගෙවල් පැත්තේ වල් ඌරෝ ඇති නේ. ඒකනේ අරම තුවක්කු බැඳලා තියෙන්නේ. අම්මෝ සෑහෙන අනතුරුදායකයි. බැරි වෙලාවකවත් තුවක්කුවත් පත්තු උනොත්... සොරිම තමා.

    ReplyDelete
  4. සොරි අංකල්.... මේක තමා පට්ටම කෑල්ල...

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...