22 October 2011

අනාථ කවියා


කවියද ඔයාද
දෙකෙන් එකක්
තෝරගන්න කිව්වම
කවි ලියපු
අතත් එක්කම කපලා
වැළලුවා මම පෑන
අපේ ගෙදර
වත්ත පහල

ඌවද මාවද
දෙකෙන් එකක්
තෝරගන්න කියලා
මම කිව්වම
ඔයා
ඌව
තෝරගත්තට පස්සෙ
මම
වත්ත පහලට ගිහින්
හෑරුවා ආපහු වළ

ප්ලාස්ටික් පෑන
දිරලා නැතත් තාම
ඒක එක්ක වලදාපු
මගේ අත
නෑ පේන්ඩ
දිරලා ගිහිල්ලද කොහෙද

19 October 2011

දැක්ම




"අපේ යක්කුන්ට
 තේරෙන්නෑ මල්ලි
 හයි වේ හදලා
 හැමතැනම
 සී ප්ලේන් එකේ
 යතෑකි රට වටේම
 කොච්චර කළත්
 අගයක් නෑ අපේ උන්ට"

එහෙම කියලා
ධර්මේ අයියා එල්ලුනා
කෝච්චියේ
ෆුට් බෝඩ් එකේ

"ඕයි
 යනවලකො
 පොඩ්ඩක් ඇතුලට
 පේන්නැද්ද
 දොරේ යන්නෙත්
 මිනිස්සුම තමයි
 තමුසෙලා විතරක්
 සැපට ගියාම හරිද?"

18 October 2011

අසිරිමත්ම සිදුවීම




පහුගිය සතිය හරිම කාර්ය බහුලව තමයි ගත උනේ.අත්දැකීම්, කකුල්දැකීම් රාශියක් ලබා ගන්න පුළුවං උනා.ජීවිතේට වටින කියන පාඩම් රැසක් එක්ක මිනිස්සු අඳුර ගන්න, ජීවිතේ තේරුම් ගන්න වැදගත් සිදුවීම් බහුල සතියක්.

ඇත්තටම කියන්න හැදුවෙ පහුගිය සතියේ මගේ ඇස් දෙකෙන් ලෝකේ සිද්දවෙන අසිරිමත්ම සිදුවීම දැකගන්න මට වාසනාව ලැබුණා කියලා.දරු ප්‍රසූතියක් හැබෑවට දකින්න ලංකාවෙනං ගොඩක් දෙනෙක්ට ලැබෙන්නෙ නෑ.අපි පහුගිය සති දෙකේම හිටියෙ දි සොයිසා කාන්තා රෝහලේ.දරු ප්‍රසූතියක තියෙන ඒ ආශ්චර්යමත් බව ගැන කතන්දර අහලා තිබුණට සහ පොත්වලින් කියවලා තිබුණට ඒක මොනවගේද කියලා දැකගන්න මම පුදුම කුතුහලයකිං හිටියෙ.ඒක ඉටු කරලා දීපු සොයිසා රෝහලට දීර්ඝායු වේවා!!!!

26 September 2011

ලව් ගොඩ දැමීමට කලාවේ දායකත්වය......


මේක බොහොම ඉස්සර මම ලියපු එකක්.ඇත්තටම කිව්වොත් අපි එතකොට පළමු වසරේ ශිෂ්‍යයො.අපේ පළවෙනි තීරණාත්මක විභාගයෙන් පස්සෙ රිපීට්වූවන් ගොඩ දැමීමේ මහා රිපීට් කැම්පේන් එක තිබ්බ දවස්වල.ඔන්න ඔය කාලේ තමයි අපේ පණ්ඩිත්ගෙ පළමු ප්‍රේම සිතුවිල්ල පහල උනේ.දාහක් බාධක කම්කටොළු මැද්දෙ මේක ගොඩ යැවීමේ පරම පවිත්‍ර චේතනාවෙන් මගේ දායකත්වය දැක්කුවෙ මේ ජාතක කතාව ලියලා නෝටිස් බෝඩ් එකේ ගහලා.ලව් එකනං ගොඩ ගියා.තවම අපිට හිතාගන්න බැරි ඇත්තටම අසරණ උනේ තාරා ද, පණ්ඩිත් ද, නැත්තං මේ අපිම ද කියන එක.......

24 September 2011

නිශ්ඵල





දැඩි වෙහෙසෙන්                 දුබල
හිස මත හිරු ද නැඟි              කල
සොයා සෙවනෙන්             සිහිල
රැඳී පල නැත කැහැටු රුක     මුල

තොල කට ද                       වේලී
තල්ලේ දිව ද ඇලි                ඇලී
සොයා දිය                     නිකෙළී
නොයන් සමුදුර බලා          ඉගිලී

සිතුවිලි                             ගුගුරලා
හදවත සොවින්                  බිඳිලා
ඇතත් තනි                           වීලා
නොයන් ළඳකගෙ සෙවණ පතලා

19 September 2011

මටත් කෙළ උනා........






මම මේක මේ ලියන්නේ ලෝකයට පණිවිඩයක් දී සිය දිවි නසා ගන්නට සිතාගෙන නොව.මගේ සිතේ නැගුණු චකිතය පහ කර ගැනීම පිණිස පමණි.


පොඩි කාලෙදිවත් කවදාවත් පන්තියෙ පළවෙනියාවත් දෙවෙනියාවත් අඩුම තරමෙ තුන්වෙනියාවත් වෙන්න මට බැරි උනා.හැමදාම මම පන්තියෙ විසි ගණන් හරි තිස් ගණන් හරි තමයි.ඉතිං ඔන්න පහ වසරට ආවා.ශිෂ්‍යත්වෙ ලිව්වා.පාස් උනා.ඊට පස්සෙ කොළඹ ලොකු ඉස්කෝලෙකට ආවා හය වසරට.පළවෙනි වාරෙ පන්තියෙ එකොළොස් වෙනියා.ඊළඟ පාර පහළොස්වෙනියා.

17 September 2011

ලෝක අර්බුධය......






ප්‍රංශය, එංගලන්තය, ජර්මනිය, ඉතාලිය ආදී යුරෝපීය රටවල් මෙන්ම ඇමරිකාව, කැනඩාව පමණක් නොව ජපානය, චීනය ආදී ආසියානු රටවල ද මේ දිනවල පවතින තරුණ අසහනය සහ ඒත් සමඟ පැනනැගී ඇති කැරලි කෝලාහල එම රටවල සාමය හා සාමාන්‍ය ජනජීවිතය අඩාල කර ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.සිය රටවල උසස් අධ්‍යාපන ක්‍රමවේදය සමඟ  උරණ වූ තරුණ ප්‍රජාව