27 May 2018

වැල







කොස් ඉදුනාම හයියට හැපෙන එක වරකාය. අනිත් එක එනම් ලිස්සලා යන එක 'වැල' ය. කඳ කෙළිං තියෙන ශාක වර්ග ගස් ය. කඳ කෙළිං නැතිව කොහේ හරි එතිලා වෙලිලා හැදෙන ශාක විශේෂ 'වැල්' ය. මේවාට අමතරව තවත් වැල වර්ගයක් තිබේ. ඒවා නම් ලිංගික දර්ශන ඇතුලත් කාම ප්‍රකාශනයන් ය. ඒ වැල ලංකාවේ තහනම්ය. කරන්න තහනම් නැති උනාට බලන්න තහනම් ය.

මුළින් බැලුවේ වැල පත්තරය. හැමෝටම හොරෙන් පන්තියට ගේන වැල පත්තරය සහජීවනයෙන් පිටු වෙන වෙනම බෙදාගෙන රස වින්දෙමු. මාට්ටු උනොත් සොරි ය.වැල පත්තරය ශිෂ්‍ය නායකයින්ගේ හස්ත කර්මාන්ත සඳහා රාජ සන්තක කර ගනිති. පත්තරවල රූපවලට වඩා ඇත්තේ කතාවය. ඒක කියවන එක වෙනම ලල් එකක්ය. තැනින් තැන ඇති ඡායාරූපද කළුසුදු ඒවාය. පින්තූර තත්ත්වයෙන් බාලය. නමුත් ඒ කාලයේ ඒවාට වඩා දේවල් තිබුණේ ඉතා කළාතුරකින්ය. එහෙම කළාතුරකින් පිටරටවලින් ගෙන්වූ වර්ණ කාම සඟරා ළඟ තිබූ වරප්‍රසාදිත පන්තියේ උන් ද සිටියෝය. උන් අනික් උන් අතර ගෞරව බුහුමානයට පාත්‍ර වූහ. එකම පත්තරය නවලා දිග ඇරලා නැමුම් පාරවල් දිගේ ඉරිලා ගියත් විසි කරන්නේ නැත. එකල සිටියෝ සම්පත් නාස්තියට එරෙහි වූවෝ වූහ.

ඉන්පසු ආවේ වීඩියෝ කැසට් යුගය හෙවත් VHS යුගයයි. ඒවා පත්තර මෙන් සඟවා තබා ගැනීමට අපහසු තරමේ ප්‍රමාණයෙන් විශාල වීය.එමෙන්ම යටිතල පහසුකම්ද ඇවැසි විය. වීඩියෝ කැසට් යන්ත්‍රයක් හෙවත් 'ඩෙක් එකක්' තිබුණේ එහෙමත් කෙනෙක් ළඟය.එනිසා ගෙදර වැඩිහිටියන් නැති වෙලාවක් බලා කොල්ලෝ කල්ලි ගැසී වැල බැලූහ. එය වෙනම සංස්කෘතියක් වීය. සජීවී විචාර, ඇගැයීම් මෙන්ම නැවත විකාශය කිරීම් සමඟ විශයානුබද්ධ දැනුම බෙදාගැනීමේ මහඟු අවස්තාවක් ඔවුන්ට හිමි වූ අතර කැසට් පටවල බැඳුනු දිලීර හෙවත් පුස් ඉවත් කිරීම වෙනමම කලාවක් ලෙස වර්ධනය විය.

ඉනුත් පසු පැමිණියේ VCD සමයයි. වීඩ්යෝ කැසට් මෙන් නොව ප්‍රමාණයෙන් කුඩා වීමත් පොතක් අතර පහසුවෙන් සඟවා ගෙන යා හැකි වීමත් නිසා මේවා යොවුන් පරපුර අතර සීඝ්‍රයෙන් ජනප්‍රිය වී ගියේය. CD මුද්‍රණය කළහැකි එනම් රයිටරයක් සහිත පරිගණකයක හිමිකරුවෙකු එකල සැලකුණේ ජීවමාන දෙවියෙකු වැඩ සිටින දේවාලයක කපු මහතෙකු මෙන්ය. පරිගණක අහිමි මුත් CD යන්ත්‍ර හිමි උන්, එවන් කොල්ලන්ට දොල පිදේනි දෙමින්, පොල් ගසමින්, උන් වටා කැරකුණේ තමන්ට ඇවැසි වැල CD මුද්‍රණය කරවා ගැනීමටය. මෙම CD කාටත් හොරෙන් සඟවා තැබීමත් නැවත නැවත භාවිත කිරීමත් නිසා ඇතිවන් සීරීම් සමඟ රූපවල කොටු වැටීම සහ වීඩියෝව හිරවී නැවතීම වැනි අභාග්‍යසම්පන්න ඉරණම්වලටද මුහුන දීමට සිදු විය. ජීවිතේට දත් මදින්නේ නැති උන් දත් බෙහෙත් භාවිතා කොට CD පිරිසිඳු කිරීම ආරම්භ කිරීමත් සමඟ දත් බෙහෙත් වෙළඳාමද ඉහළ ගියේය.

ඉන්පසු DVD ද පැමිණි අතර ගුණාත්මයෙන් වැඩි වැල වැඩි ප්‍රමාණයක් එක තැටියක අන්තර්ගත කළ හැකි වීම නිසා කොල්ලන්ගේ නින්ද අඩු විය. එළි පහළියට බැසීම මෙන්ම කෑම බීම පවා අඩු විය. ඉස්සර සාලයේ තිබූ පරිගණක කාමර තුළට රිංගවා ගැනිනි.සමාජ ආශ්‍රය අඩු වීම නිසා සමාජයෙන් කොන් වූ කොල්ලන්ගේ පෝෂණයද අඩු වීම නිසා කෘශ වී ගියෝය. නමුත් සතතාභ්‍යාසයේ යෙදුණු සුරත නම් වැඩී වර්ධනය වීය.

අන්තර්ජාල ප්‍රවිශ්ඨය පහසු හා වේගවත් වීම සමඟ පැරණි වැල සංස්කෘතීන් සියල්ල අභාවයට ගොස් ඇති අතර යෞවනයන් තව දුරටත් එකිනෙකාගෙන් ඈත් වෙමින් පවතී.

මිනිසුන් එකිනෙකා ප්‍රේම කළ යුතුය. නිසි වයසේදී විවාහ විය යුතුය. ලිංගිකව එක් වී දරුවන් බිහි කළ යුතුය. මිනිස් ඝාතන නොකළ යුතුය. පහර දීම්, මංකොල්ල කෑම් නොකළ යුතුවාක් මෙන්ම බොරු කීම, මත්ද්‍රව්‍ය භාවිතය හා අනියම් සම්බන්ධතා නොපැවැත්විය යුතුය.
නමුත් නීතියට අනුව වැල බැලීම තහනම්ය. එනම් සැවොම කළ යුතුයැයි සමාජ සම්මත ලිංගික ක්‍රියා නැරඹීම අසම්මතය. නමුත් මිනී මැරීම්,පහර දීම් ආදිය ඇතුලත් චිත්‍රපට පවුලේ සැවොම එකට ඉඳ නරඹති. අත්පොලසන් දෙති. බොරු කීම්, වංචා කිරීම් මෙන්ම අනියම් සබඳතා ටෙලි නාට්‍යයවල සුලභය. කවුරුත් ඒවා තහනම් කිරීමට පෙළඹෙන්නේ නැත.

වැල බැලීමෙන් ඒවායේ තිබෙන දේ කරන්නට පෙළඹෙන බවට සමාජ මතයක් ඇත. වැලවල ගොඩක් ඇත්තේ බොරුවය. ස්පයිඩර් මෑන් චිත්‍රපට බලා කවුරුත් බිත්ති දිගේ නගින්නේ නැත. සුපර් මෑන් චිත්‍රපට නරඹා වාහන උස්සා විසි කරන්නට යන්නේ නැත. වැලවල ඇති අසාමාන්‍ය දෑ අත් හදා බලන්නට යන්නේ මානසික රෝගීන්ය.එහෙම උන් මහා ගොඩක් නැත.

නමුත් සමහර අවස්ථාවලදී අනෙක් පාර්ශ්වය නොදැනුවත් වීම නිසා අකරතැබ්බ සිදු වෙනවාය. කොල්ලෝ වැල බැලුවාට කෙල්ලන්ට බලන්න දෙන්නේ නැත. අඩුම තරමේ උන් තමන් වැල බලන බව කෙල්ලන් ඉදිරියේ පිළි ගන්නේද නැත. ඉතින් බැන්දාට පසු වැල බැලූ කොල්ලාට සාමාන්‍යකරණය වී ඇති ගුද රමණය අත් හදා බලන්නට ගිය විට වැල නොබැලූ කෙල්ලට එය ජුගුප්සාජනක අද්භූත අද්දැකීමක් වනවා නියතය. දික්කසාදයකින් පවා කෙළවර විය හැක.

වැල බලා මානසික පීඩනය මෙන්ම ශුක්‍ර තරළයද මුදා හැරීමෙන් ලැබෙන මානසික සහනය පුද්ගලයෙකුගේ අනෙකුත් කටයුතු සඳහා මහත් පිටිවහලක් වේ. ලිංගික පීඩනය අඩු වීම නිසා බස්වල ජැක් ගැසීම් ආදී සුළු සුළු අතවරයන් යම් තරමකින්හෝ පහළ යා හැක. පුළුල් පරාසයක ලිංගික අත්දැකීම් ලැබෙන බැවින් තමන්ගේ ලිංගික ජීවිතය නැවුම්ව හා ක්‍රියාශීලීව පවත්වා ගැනීමටද වැල දායක කර ගත හැක. ඔසප් දින මෙන්ම ගර්භනී අවධියේ ශාරීරික අපහසුතා නිසා ලිංගිකව එක්වීමට අපහසු දිනවලදී යම් සහනයක් ලබා ගැනීමට වැලවල පිහිට පැතිය හැක.

ලිංගිකත්වය මහා කුණුහරුපයක් සේ සිතීම නවතා ( කුණු හරුප සියල්ලම එක්කෝ ලිංගික අවයව හෝ ක්‍රියාව කේන්ද්‍ර කොටගෙන නිර්මාණය වී ඇත.) එහි සුන්දරත්වය අත් විදිමු. වැලවලට සමාජයේ නිසි තැන දෙමු. ඕනෑම හොඳ දෙයක් මෙන් නරකටද භාවිතා කළ හැකි නිසා මනාව දැනුවත් වී සිහි බුද්ධියෙන් භාවිතා කරමු. සැනසෙමු.

ස්තූතියි!!!

7 comments:

  1. ඉස්කෝලෙ ගස් බෙන අස්සෙ වැල පත්තර හංගල ගත්ත ආතල් එක දැං ඉන්න කොල්ලන්ට ගන්න බෑ. මොනව උනත් තාක්ෂණය නිසා ඒ කාලෙ තිබ්බ සහජීවනය, එකමුතුබව දැන් නැතිවෙලා ගිහින්.

    ReplyDelete
    Replies
    1. බෙදා හදා ගෙන ගත්තු ආතල් එක තනියම රස විඳින්න තරමට ආත්මාර්ථකාමී වෙලා.

      Delete
    2. පත්තර ලැම්නේට් කරලද බං ගස් අස්සෙ එබුවෙ? වැස්සට තෙමුනෙ නැතෙයි ?

      Delete
    3. ඒව අස්සෙ තෙමෙන් නෑ බං.

      Delete
    4. ඔව්වා ඇවිල්ලා මචං ශක්‍යතා අධ්‍යයන කරලා පරිසර වාර්ථා අරගෙන පාවිච්චියට ගන්න ගස් බෙන.අවශ්‍යතා ආවම මිනිස්සු සෑහෙන්ඩ නිර්මාණශීලී වෙනවා.

      Delete
  2. අම්මෝ වැලේ විකසනය ගැන ඉස්කෝල කාලෙ කතන්දර ඇසුරින්ම මම ලිව්වා ඉස්සර.
    එව්වයි සැප, දැන් කොයිද පත්තර ?

    ReplyDelete
    Replies
    1. ඒ ආතල් එක අපේ ළමයින්ට නෑ බං. කෙලින්ම සර්ච් කළා බැලුවා. අර ත්‍රාසය භීතිය මොකුත්ම නෑ.

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...