19 June 2011

මොකක්ද මේ ..............?

මම ඔය මග තොටේ යන එන කොට ලෝකෙ තියෙන වැඩි දෙනෙක් නොහිතන දේවල් ගැන තමයි හිත හිත යන්නෙ.

ඔන්න මේ ළඟදි දවසක් මම හිතන්න ගත්තා ඇත්තටම මොකක්ද මේ විනය කියල කියන්නෙ කියලා.ඇයි මේක ආරක්ෂා කරවන්ඩ කට්ටිය මෙච්චර දත කන්නෙ.ඕක නෑ කියල ඇයි මේ විදිහට චාටර් කරවලා සමාජ විරෝධියෙක් විදිහට හංවඩු ගහලා පුළුවන් උනොත් හිරෙත් දාන්නෙ.

මට තේරිච්ච විදිහට විනය කියන්නෙ සීරුවෙන් සිටින් කිව්වම සීරුවෙන් ඉන්න එකට, පහසුවෙන් සිටින් කිව්වම පහසුවෙන් ඉන්න එකට, මෙහෙ යනකොට සුදු ඇඳගෙන පල කිව්වම සුදු ඇඳගෙන යන එක වගේ කවුරු හරි කියන දේකට කීකරු වීම.ගොඩක් වෙලාවට මේ වගේ නියෝග කිසි තේරුමක් නැති ඒවා.

මම මේ කියන එක වැරදියට තේරුම් ගන්න එපා.විනය කියන එක සදාචාරය, හැදියාව, නීතිය වගේ සංකල්ප එක්ක පටලවා ගන්න එපා.සමාජයක පැවැත්මට අර ටික ඕනෙ.ඒත් විනය ඕනෙ මොකටද?

හමුදාවකටනං විනය ඕනෙ ඇති.ඒක මම හරියටම දන්නෙ නැහැ.මොකද මම යුධ භටයෙක්වත් යුධ වාදියෙක්වත් නොවන නිසා.ඒත් මම අහල තියෙන විදිහට හමුදාවක(මේක ලෝකෙ ඕනෙම හමුදාවකට පොදුයි ) සුළු භටයෙකුට අයිතියක් නැහැ ඉහළින් එන නියෝගයක් ප්‍රශ්න කරන්න.හරි වේවා වැරදි වේවා පිළිපදින්න වෙනවා.යුද්දෙකට ඒක ඕනෙ කියමුකො.ඒත් සිවිල් සමාජෙට මොන උලව්වකටද ඒ වගේ සංකල්පයක්.

පාලකයාට ගරු කිරීම.ඌ යන තුරු පාරෙන් ඉවත් වී සිටීම.පාලකයාට 'අති ගරු' කියා තමාට 'ගැත්තා' හෝ 'බලු ගැත්තා' කියා ගැනීම.පාලකයා කන හැටි බලා හිඳ කුසගින්නේම සතුටු වීම.ඌ ගන්නා ඕනෙම තීරණයක් හරියි කීම.පාලකයා කියන හැම ගොබ්බ කතාවකටම 'හුරේ' කීම වගේ දේවල් ඇරුනාම විනය කියන එකෙන් සිද්ද වෙන කෙංගෙඩියක් තියෙනවද සමාජෙට?.

දැං ඉතිං කියයි විනයක් නැතුව කොහොමද සාමූහික ක්‍රියාවක් කරන්නෙ කියලා.උදාහරණයක් විදිහට අපි ගමු රජයේ කාර්යාලයක සේවක පිරිස.එතන එකෙක් විනය විරෝධීව හැසිරුනොත් මොකද වෙන්නෙ?.සමස්ත ක්‍රියාවලියම ඇණ හිටියි ද? නෑ.මොකද තමන්ට නියමිත ක්‍රියාව කරනවට තමයි ඌට ගෙවන්නෙ.ඌ උගේ වැඩ ටික හරියට කළේ නැත්තන් ඌව අයින් කරල වෙන එකෙක් ගන්න කියල නීතියක් තියෙනවා.ඒක දන්න නිසා කවුරුත් පැහැර හරින්නැහැ වැඩ.(දැං රජයේ කාර්යාලවල වැඩ සිද්ද නොවෙන්නෙ විනය නැති කම නිසා නෙවෙයි.විනය කියන සංකල්පයේ පැවැත්ම බලාපොරොත්තු වෙන පාලකයා කියන එකාගෙ වැඩ පිළිවෙලේ තියෙන අඩුපාඩු නිසා.පුද්ගලික ආයතනවල මේ විනය කියන එක මහ ලොකුවට බැලුවෙ නැතුවට ඒවයෙ වැඩ හොඳට යනවා.පොඩි එකාට තියෙනව අයිතියක් ලොකු එකාව ප්‍රශ්න කරන්ඩ ආයතනයේ යහපත වෙනුවෙන්.ඒ කියන්නෙ හැමෝගෙම යහපත වෙනුවෙන්.)

මෙව්වා ගැන ලියද්දි කියද්දි මම හරිම ආවේගශීලී වෙනවා.ඒකට සමාවෙන්ඩ හොඳේ......

3 comments:

  1. විද්‍යා දදාති විනයං

    ReplyDelete
  2. සංකල්පය විග්‍රහ වුණා මදි....
    විනය මීට වඩා සාකචිචා කල යුතු මාතෘකාව ක්...

    ReplyDelete
  3. ඇත්ත පණ්ඩිත් විග්‍රහය වැඩි උනොත් කියවන්ඩ කම්මැලි හිතෙයි කියල ටිකක් ලිව්වෙ.කලුවා කියපු එකේ තේරුම මම දන්නෙ නැහැ.මොකක් හරි ඉස්කෝලෙක එකක් කියල විතරයි මතක...

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...