හැමදාම කවි ලියනව කිය කිය බොරු කරල මටත් ඇති වෙලා තියෙන්නෙ.ඒකයි මම මේ කතාවක් කියන්ඩ හිතුවෙ.
මම ඊයෙ බෝඩිමේ කාමරේ අස් කරල අතුගෑවා.හොණ්ඩරයක් විතර එකතු වෙච්ච කුණු ගෙනිහින් දාලා කුණු බාස්කට් එකත් කට ගාවටම පිරුණා.මුළු බෝඩිම ම අස් කරල අතුගාන්ඩ ඕනෙ කියන සැදැහැවත් සිතුවිල්ල ඇති වුනත් ඔක්කොම අතු ගෑවනං බ්ලූමැන්ඩල් කුණු කන්ද වගේ කුණු ගොඩක් එකතු වෙයි කියල මටම ඇතිවෙච්ච බය නිසා පහන් සංවේගයෙන් යුතුව මම කාමරේ විතරක් අතු ගාලා නිවන් ප්‍රාර්ථනා කළා.
ඇත්තටම මට කියන්ඩ ඕනෙ තැනට තවම ආවෙ නෑ.ටිකක් ඉවසීමෙං කියවං යන්ඩකෝ..
ඊට පස්සෙ මම දැං විභාගෙත් අත ළඟටම ඇවිත් නිසා මගෙ පොත් මේසෙ අස් කරන්ඩ පටං ගත්තා.කළිං ලියපු මොඩියුල් වල ටියුට් ඔක්කොමත් මේ පාර තියෙන ඒව අස්සෙ.මම වගේ අධ්‍යයනකාමී ශිෂ්‍යයෙක්ගෙ පොත් මේසෙ උඩ නොතිබිය යුතු නවකතා, කෙටිකතා, සංගීත පොත් විතරක් නෙමෙයි එක එකාගෙ යට ඇඳුං පවා අයිං කරලා පිළිවෙලක් කරගෙන යනකොට තමයි මට පරණ ඩයරියක් ඇතුළෙ තිබිල මේ කතාවට ප්‍රස්තුත වෙන කොල කෑල්ල හම්බ උනේ.
ඇති යංතං කියල කාට හරි හිතුනනං මට කියන්ඩ තියෙන්නෙ මටත් එහෙමම තමයි හිතෙන්නේ.කතාවකට ප්‍රවිශ්ඨයක් ගන්ඩ කොච්චරනං අමාරුද?
මේ කොලේ දිනේ දාලා තිබුණෙ 2010.06.03 කියලා.තිබුණෙ කෑම ලිස්ට් එකක්.මම කොලෙත් අතේ තියං මතක් කරන්ඩ ගත්තා.
අපේ ෆැකල්ටියෙ කැන්ටිමේ මම යි, අකූ හෙවත් කලුවයි, නුවන් හෙවත් තඩියයි එක මේසෙක ඉඳගෙන හිටියෙ.
ලිස්ට් එකේ තියෙන්නෙ අපි එදා කාපු කෑම.මුළිංම තියෙන්නෙ අපි ගත්තුවා.කිරි, එග් රෝල් සහ එළවලු රොටී.
අපි කාලා ඉවර උන ගමන් තමයි නිලංකා කැන්ටිමට ආවෙ.අපි හරිම අසරණ මූණු ටිකක් පෙන්නලා හරිම අමාරුවෙන් නිලංකාගෙන් ප්ලේන් ටී ගෙන්න ගත්තා.
අපේ දෙවෙනි ගොදුර රවී.රවී ගානෙ අපි කෑව රොටී.
ඊළඟට විකී.විකී දායක උනේ ආප්ප වලින්.
ලෝකෙ ඕනෙ තැනක මේ වගේ අසමජ්ජාති වැඩක් වෙනවනං තමංගෙ කරුමෙ ගෙවල ඉවර කරන්ඩ එතනට එන තාරා එදත් එතනට පාත් උනේ වෙලාවට.තාරා අපිට කෙසෙල් අරං දීලා ලබන ආත්මෙ වෙන කොහෙ හරි ලෝකෙක(අපි නැත්තං අපාය උනත් හොඳයි කියල තමයි කිව්වෙ ) ඉපදේවා කියල ප්‍රර්ථනා කළා.
සැදැහැවත් අණුක ආවා ඊට පස්සෙ.දෙවියන් වහන්සේ එදා උදේ අණුකට කියල තිබුණලු පවු කාරයන්ට රෝල්ස් අරන් දෙන්න කියලා.ඉතිං අණුක ගානෙ අපිට රෝල්ස් හම්බ උනා.
තාරාට තමංගෙ කරුමෙ ගෙවුනා මදි කියල හිතිලා අපිට ආයෙත් කෙසෙල් අරං දුන්නා.ලබන ආත්මේ තාරා ඉන්න තැනක ඉපදෙන්නෑ කියල අපි කෙසෙල් ලෙලි උඩ අත් තියල දිවුරුම් දුන්නා.එතකොට තාරාගෙ ආත්මයට විමුක්තිය ලැබුණා.
තිළිණ හෙවත් තට්ටයා තමන්ගෙ ඉතුරු කෙස් ටික කෙල්ලෙක් සෙට් කරගන්නකං පවතීවා කියල ඉත සිතින් ප්‍රර්ථනා කරගෙන අපිට ප්ලේන් ටී අරන් දුන්නා.
රවිත් හෙවත් නේද අයියා තිළිණට නොදෙවෙනි වෙන්න හිතාගෙන අපිට අරන් දුන්නා ටී.
කාටත් අත හිත දෙන චාමර ගානෙ අපි කෑව ආප්ප.හැබැයි මැද විතරයි.වටේ කෑවෙ ඌ.
අවසාන වශයෙන් මේ මහා දානමය පුණ්‍යකර්මයට තමන්ගෙ දායකත්වයත් නොදී බැරි නිසා තාරක අපිට වෙල්ලවැහුම් අරන් දුන්නා.
මහින්ද මාමගෙ දන්සැලෙන් කෑවත් මෙච්චරනං කන්ඩ බෑ කියල මට දැං හිතෙනවා.නුවන් හෙවත් තඩියගෙ බඩ පිරිල පිරිල බුරිය හෙවත් නාභිය පිටතට නෙරා ආ බව තමයි වංසකතාවල සඳහන් වෙන්නෙ.
ඔන්න ඕක තමයි කොලේ කතාව.කාට හරි සැකයක් තියෙනවනං අපිට ගොදුරු උන ඇත්තංගෙං අහල බැලුවට කාරි නෑ ඕං..
හපොයි අයියේ..
ReplyDeleteඅකූ අයියයි ඔයයි මාරයිනේ.. ඇත්තට ඔච්චර කන්න බඩේ ඉඩ තිබුනද? හික්ස්...
බෑ කියල හිතන්නත් බෑ, ගානේ හැටියටඔය රෝල් එකක් එහෙම එක කටකටත් මදිනේ නේද? හික්ස්..
සයිස් එකනං ටිකක් අඩුයි තමයි.අනිත් එක අපේ කැන්ටිමේ කෑම හරිම රසයි නොවැ.ඉතිං අපි කෑවා.නිකං හම්බ උන හන්දා..හිහ් හිහ් හී....
ReplyDelete