පච ගහ කියලා කිව්වට ගොඩක් අය දන්නෙ නෑ මගෙ හිතේ.පච ගහ කියන්නෙ කොළඹ වෛද්‍ය පීඨ භූමියේ තියෙන සංකේතයක් කිව්වොත් හරි.මේ පච ගහ කියන්නෙ රොබරෝසියා කියන ජාතියෙ ගහකට.මෙන්න මේ පච ගහ වෛද්‍ය පීඨයේ දරුවන්ට වන්දනීය එකක් වෙන්නෙ ගොඩක් අයගේ වෛද්‍ය පීඨ ජීවිතේ මතකයන් ගොඩක් ඇරඹෙන්නෙ මේ කියන පච ගහ යටදි හින්දා.
05 February 2012
පචගහ
පච ගහ කියලා කිව්වට ගොඩක් අය දන්නෙ නෑ මගෙ හිතේ.පච ගහ කියන්නෙ කොළඹ වෛද්‍ය පීඨ භූමියේ තියෙන සංකේතයක් කිව්වොත් හරි.මේ පච ගහ කියන්නෙ රොබරෝසියා කියන ජාතියෙ ගහකට.මෙන්න මේ පච ගහ වෛද්‍ය පීඨයේ දරුවන්ට වන්දනීය එකක් වෙන්නෙ ගොඩක් අයගේ වෛද්‍ය පීඨ ජීවිතේ මතකයන් ගොඩක් ඇරඹෙන්නෙ මේ කියන පච ගහ යටදි හින්දා.
27 January 2012
නුදුරු අනාගතේ
2005 උ/පෙ කණ්ඩායම අවුරුදු පහක් කාපු කට්ට සහ අතැඹුලක් සේ එකතු කරගත්තු දැණුම පැය ගාණකට කැටි කරලා අවසාන විභාගෙට මුහුණ දුන්නා.විභාගෙදි සිද්ද වෙච්ච එක එක රස කතා අස්සෙ මෙච්චර කාලයක් ටොන් ගාණක් ඔළුවෙ තියං හිටපු ඈයො වගේ හෙමිහිට ඇවිදපු, පාඩං කරපුවා හේදිලා යයි කියලා අඩුවෙං නාපු, ඒ විතරක්යැ අපි කැරම් ගහද්දි ඈතිං ඒ දිහා සුසුම් හෙලමිං බලාගෙන ගිය ඈයො පස්වනක් ප්‍රීතියෙං පිරිලා ඉතිරිලා කොමන් රූම් එකේ එහෙට දුවනවා මෙහෙට දුවනවා.මාර ආතල් එකක් ඇත්තෙ.අපිට උඩ බැච් එක, ඒ කියන්නෙ 2006ත් ඔය කෙරුවාවම කළාට පස්සෙ අපිට තමයි බඩු බනිස් වෙන්න තියෙන්නෙ.ලබන අවුරුද්දෙ අග වෙනකොට අපිත් අවසාන විභාගය කියන මරු කපොල්ල ගාවට එනවා.පනිනවාද නැද්ද කියන එක තීරණය කරන්න ඕනෙ අපි.
17 January 2012
ඔන්න ඔහොමයි
නත්තලත් ඉවරය.මිනිස්සුංගේ සාක්කු ඒත් හිස් වෙලා ඉවර නැත.මොකද ජනවාරි පළවෙනිදාත් ලොකුවට රටට පේන්න වෙඩි ගහලා සමරන්න තියෙන නිසාය.මේ කාලේ ගෑනුන්ට හරි ආතල්ය.ඒ ශොපිං සැණකෙළිය පටං ගන්නා නිසාය.ඒක එකාගේ ඇඟේ හැපෙමින් ගැට කපන්නන්ගෙන් ගැටය ප්‍රවේසම් කරගෙන කේවල් කරමින්, රණ්ඩු වෙමින් සාප්පු සවාරි යෑම ගෑනුන්ට ආතල් උනාට අසරණ සැමියන්ට ආතල් නැත.ඔවුන්ට ඇත්තේ ප්‍රශ්න දෙකකි.කීයට හෝ බිරිඳ නැවත එන තුරු වාහනය නවත්තාගෙන සිටීමට තැනක් සොයා ගැනීමත්, බිරිඳට හොරෙන් බෝතලයක් සඳහා මුදල් ඉතුරු කර ගැනීමත්ය.
මේ මහා ජන ගංගාව මධ්‍යයේ කරක් ගැසීම තරම් අප්‍රසන්න කටයුත්තක් මට තවත් නැති උවත් සීයාත් ආච්චීත් බැලීමට ගමට යන විට අත්දෙක වන වනා යන සිරිතක් අපේ පරම්පරාවේ නැති නිසා දුකසේ ඉතුරු කරගත් මහපොල සල්ලි ටිකක්ද එක්කාසු කරගෙන මම ද සාප්පු සවාරි ගියෙමි.මුලු පාරම එකම විලාසිතා ලෝකයකි.වෛවාරන්න විච්චූරණ වතේ උලාගෙන, ගතේ අලෝගෙන, පටලවාගෙන සරුංගල් වගේ කෙල්ලෝ එහෙ මෙහෙ යති.මහ හඬින් සිනාසෙති.ඇස් යටින් බැලුම් හෙළති.ආච්චිලා රවති.ඒ කොල්ලෝ ඒ අය දිහා නොබලන හින්දා වෙන්න ඇතිය.වාහන දක්කන ඈයෝ ඇක්සලරේටරයට වඩා පාගන්නේ 'හෝන්' එකය.ලොරි හෝන්වල මන්ද්‍ර ස්වරත්, ත්‍රීරෝද රථවල තීව්‍ර ස්වරත් එක්ව කර්ණ රසායන මධුර ස්වර සුසංයෝගයක් දෙන නිසා ඉක්මනින් ගන්න ඉලව්වක් ගෙන ගමේ යන්නට බසයකට ගොඩ වෙන්නට හිත හදා ගතිමි.
ආච්චිට ගන්නට යමක් හිතාගන්න අමාරුය.ආච්චිලා දැං අඳින්නේ කෙල්ලෝ වගේය.කෙල්ලෝ අඳින්නේ කොල්ලෝ වගේය.කොල්ලෝ අඳින්නේ කෙල්ලෝ වගේය.අබුද්දස්ස කාලේ ලබුත් මෙව්වා වෙලාය.ආච්චීට පට කම්බා හොයන්නට නැති හින්දා කිමෝනාවක් මිළදී ගතිමි.සීයාට අමුඩ ලේන්සු හොයන්නට නොගිය තැනක් නැත.අන්තිමට චේ ගුවේරා හා බොබ් මාලි ඉන්නා ලොකු සයිස් ලේන්සු දෙකක් ගත්තෙමි.දෙන්නාම මැරිලා හින්දා අපවාදයක් එන්නට ඉඩක් නැතැයි හිත හදා ගත්තෙමි.මහපොළෙන් ඔයිට වඩා ගන්න පුළුවන් දෙයක් නැත.බස් එකක් හොයාගෙන ගියෙමි.
කොන්දොස්තරටවත් රියදුරු මහත්තයාටවත් යන්නට හදිස්සියක් නැත.බොහොම නිස්කළංකයේ දෙන්නාම බුලත් හපති.මගියෝද තම තමංගේ වැඩ ය.එක්කෙනෙක් පත්තරේ කියවන්නේය.තවත් එක්කෙනෙක් ජංගමයෙන් බොහොම බරපතල කතාවක්ය.පෙම්වතුන් පෙම් කෙළිති.ආච්චි කෙනෙක් එළවළු මල්ල බදාගෙන දොයි ය.එක පාරටම කොන්දොස්තර තැන කුපිත උනේය.රියැදුරු තැනද හරි බරි ගැසී රියදුරු අසුනේ වාඩි වී පස්ස බලන්නට පටං ගත්තේය.පිටිපස්සෙන් සීටීබී එකක් එනවාය.බසය කුලප්පු විය.සියල්ලෝම කරමින් සිටි වැඩ පසෙක දා අහුවෙන අහුවෙන තැන්වලින් හයියෙන් අල්ලා ගත්තෝය.බසය හැල්මේ ඇදෙන්නට විය.සීටීබී ය නොපෙනී ගිය පසු සියල්ල නැවතත් සුපුරුදු සාමකාමී තත්වයට පත්විය.
පාර කාපට් කරලාය.අතුරු පාරවල් කොංක්‍රීට් කරලාය.පාළං ලොකුවට හදලාය.ඒත් බස් යන්නේ හිමිංය.පැය ගාණක් කොට කොටා ගොස් අන්තිමට බහින තැනට ළං වූ විට සැනසුම් සුසුම් හෙළීමි.
තෑගි බෝගත් අතින් කටින් එල්ලාගෙන ඉස්තෝප්පුවට ගොඩ වීමි.සීයා හාන්සි පුටුවේ සැප නින්දකය.මම උගුර පෑදුවෙමි.සීයා අවදි විය.
'අප්පට බොළ උඹ තවම ජීවතුං අතරද? අර වතුර ගහන කඳුළු ගෑස් ගහන බැටං පොළුවලිං ගහන විදිහට මම හිතුවෙ උඹත් පරලෝ සැපත් වෙලාය කියලා.ඉතිං ඉතිං කොහොමද අරගල එහෙම?'
මම උත්තර නොදී හිනාවෙන් ෂේප් උනෙමි.සීයාගේ හඬට ආච්චී කුස්සියේ සිට දුවගෙන ආවේ රෙදි පොටේ අත පිහදාන ගමන්ය.ඇය පැන්න ගමං මගේ බෙල්ලෙන් අල්ලා කමිස කර ඈත් කර එබී බැලුවාය.මට ලැජ්ජා හිතුණි.
'කෝ තොගෙ සයනයිඩ් කරල? උඹට තාම දුන්නෙ නැද්ද එකක්?'
'ඒ ඒ ඒ....ඒවා දාන්නෙ කොටිනෙ ආච්චි'
'ඒක තමයි ඇහුවෙ.තොපි කොටිනෙ යකෝ.තෝව ඔය විස්ස විජ්ජාලෙ යවන කොට මම කිව්වා තොපේ මහ උන්ට.තෝත් ඔය චේ ගුවේරා කාරයො එක්ක එක්කාසුවෙලා රට පෙරළන්න පටං ගනීය කියලා.කොහෙද තොපේ මහ එකීට විස්ස විජ්ජාලෙ හෙණට ලොකු උනානෙ.'
'අපි කොටි නෙමෙයි ආච්චි.කොටි එක්ක එක්කහුවෙලා අහවල් එකක් කරන්නද? අපි පිකට් කරන්නෙ අපේ ප්‍රශ්න විසඳගන්න.'
'ප්‍රශ්න? මොනවද බොලව් තොපිට තියෙන ප්‍රශ්න? අර උත්තමයො අමාරුවෙං මේ රට බේරලා දුන්නා.තොපි මේ රට ආයෙත් කාබාසිනියා කරලා දාන්න විප්ලව කරනවා.ඇත්ත කියපියව්, අර උත්තමයො කියන්නා වගේ තොපි හදන්නෙ යුද්ධ කරන්ඩ නේද බොලව්? '
'යුද්ද කරලා මොන කෙංගෙඩියකටද ආච්චි.මේ උත්තමයො ඔය හොඳට රට කරන්නෙ.ඒ ඇත්තන්ට පොඩි පොඩි අවුල් කීපයක් උනා මිසක් රට කොච්චර හොඳට දියුණු වෙනවද? ඔය චුට්ටක් අප්සට් ගියා අර පෞද්ගලික විශ්‍රාම වැටුප ගෙනල්ලා,එතකොට අර එළවළු කූඩ කේස් එකේදි,තව අර ඇතුලෙ දෙන්නෙක් වෙඩි තියාගෙන් එකෙක් මළේ, ආ අර කැළණියේ රෙදි ගලෝ ගන්න එකයි, විභාග ප්‍රශ්නෙත් ඉතිං එච්චර ලොකු දෙයක් නෙමෙයිනෙ,බාල පෙට්‍රලුයි සිමෙන්තියි ගෙනාව එකත් උන්නාන්සෙල විසඳුවානෙ,ඔය සුදු වෑන්වලිං මාසෙකට එකෙක් දෙන්නෙක් උස්සං ගියාට රටට දැනෙනවා කියලයැ.ඒ වගේද අරහේ වරායට හෝ ගාල එන නැව්.නෙළුම් පොකුණෙ පොඩි මිනිස්සුන්ට නාට්‍යක් පෙන්න ගන්න බැරි උනාට ඔය ලොකු ලොකු ඔක්කොම කර ගත්තැකිනෙ,අනික පුද්ගලික විශ්වවිද්‍යාල නැතුව රට කොච්චර අසරණ වෙලාද හිටියෙ.දැං ඉතිං ඒ ප්‍රශ්නෙත් ඉවරයිනෙ.ලක්ස හැට පහක් විතරයි හොයාගන්න ඕනෙ.දුප්පත් පෝසත් කියලා බේදයක් නෑ ඔක්කොටම කැම්පස් යන්න පුළුවං.නෙළුම් කුළුණත් ගැහුවම රට සර්ව සම්පූර්ණයි.ආච්චිටත් පුළුවං තිත් නැතුව ටීවී එක බලන්න.'
සීයා කට කොණෙන් හිනා වෙමින් මිදුලට බැස්සේය.ආච්චී මගේ අතේ තිබූ තෑගි පාර්සලයත් උදුරාගෙන කුස්සියට ගියාය.
'ආච්චි තේ එකකුත් හදන්ඩ.ඉක්මනට යන්ඩත් ඕනෙ.අද හවසට තුවක්කු වගයක් හම්බ වෙනවා.අපේ උං සෙට් වෙලා බෝම්බ හදන්නෙ.මම නොගිහිං හරි නෑනෙ'
කියමින් මමද මිදුලට බැස්සෙමි.සීයා බඩ අල්ලාගෙන හිනාවෙන්නට විය.
04 January 2012
කළම්බෝ කළම්බෝ අයි ලව් යූ.........කළම්බෝ.......
'කොළඹ කියන්නෙ ලංකාවෙ තියෙන අග නගරය උනාට ලංකාවට වඩා කොළඹ ලොකුයි.ඒ කියන්නෙ ලංකාව තියෙන්නෙ කොළඹ ඇතුලෙ'.ඔන්න එතකොට ප්‍රේක්ෂකාගාරෙ ඇතුලෙ මුණු මුණුවක් යනවා.ඇත්ත නේන්නං ලංකාවට වඩා කොච්චර ලොකුද කොළඹ.හැබැයි මෙතෙන්දි කතා වෙන්නෙ කොළඹ අපි දකින සුන්දර සීනි බෝල පාවෙන ජීවිතවල ඇතුලාන්තය.ඒ කියන්නෙ ඒ ජීවිතවල ඇත්ත.වැල්ලවායෙ මිසක් වැල්ලවත්තෙ නොවන කොල්ලෙක්ගෙන්, බත්තරමුල්ලෙ මිසක් බත්තලංගුණ්ඩුවෙ නොවන කෙල්ලෙක් බලාපොරොත්තුවෙන අවිනිශ්චිත අනාගතයක් ගැන.
28 December 2011
උඹ නාඩං අපිට පිස්සු
ශ්‍රි ලංකාවේ අධ්‍යාපනය බිඳ දැමීමේ ක්‍රියාවලිය ඇරඹී දැන් ටික කලක් ගත වී ඇතත් වර්ථමාන ආණ්ඩුව තරම් එයට සිය උපරිම දායකත්වය ලබාදුන් ආණ්ඩුවක් ලංකාවේ පැවතියේ නැත.අවිඥානිකව සිය මුග්ධභාවය නිසා හෝ, සවිඥානිකව සිය කූට අරමුණු මුදුන් පැමිණවීමට හෝ අපේ රටේ අධ්‍යාපනයේ මිනී පෙට්ටියට අවසන් ඇණයද පෙරේදා මධ්‍යම රාත්‍රියට සුළු මොහොතකට පෙර ගසන ලදී.මෙය එක්වරම සිදුවූ අභාග්‍යක් ලෙස හුවා දැක් වීමට උසස් අධ්‍යාපන ඇමතිවරයාත්, විභාග කොමසාරිස්වරයාත් උත්සාහ කළ ද, ඇස් කන් ඇරගෙන මෙරට ජීවත් වූ ජනතාවට මෙය ක්‍රමවත්ව සිදු වූ සිදුවීම් මාලාවක තවත් එක් සිදුවීමක් පමණක් බව අවබෝධ වනවා නිසැකය.
විභාග ප්‍රශ්නපත්‍රවල කුණුහරප තිබීම මෙන්ම එකම ප්‍රශ්නපත්‍රයේ ප්‍රශ්නවලට අදාල පිළිතුරු ද ඇතුලත්ව තිබීම ආදී වූ ප්‍රශ්නපත්‍ර ගැටළුවේ සිට ප්‍රශ්නපත්‍ර අඩුවෙන් ලබා දීම නිසා ප්‍රශ්නපත්‍ර ඡායා පිටපත් කොට සිසුන්ට ලබා දීමට සිදුවීම, ප්‍රශ්නපත්‍ර කළින් පිට වීම, ප්‍රශ්නපත්‍ර අතර මග දමා ගොස් තිබී හමු වීම, විභාග ශාලාධිපතිවරුන්ගේ අත්තනෝමතික ක්‍රියා, විභාග නිසි වේලාවට ආරම්භ නොකිරීම, නිසි වේලාවට ප්‍රථිඵල නිකුත් නොකිරීම ආදී වූ ගැටළු සියල්ල මතුවන්නේ බොහොම මෑත ඉතිහාසයේ ඉතාමත් කෙටි කාලයක් තුලදී ය.
මෙයට සමාන්තරව විශ්වවිද්‍යාල සිසුන් කෙරේ සමාජයේ අප්‍රසාදය ජනිත කරවීමේ ව්‍යාපාරයක්ද රට තුල ක්‍රියාත්මක වූ බව රටේ ජනතාවට තියා විශ්වවිද්‍යාල සිසුන්ටවත් අවබෝධයක් ඇත්දැයි සැක සහිතය.නමුත් යථාර්තය එයයි.විශ්වවිද්‍යාල සිසුවා යනු ජේ.වී.පී යට කඩේ යන, නවකවදය දීමෙන් සිය සහෝදර සිසුන් අතවරයට ලක් කරන, සෑම විටම උද්ඝෝෂණ කිරීමෙන් රටේ සාමයට බාධා කරන්නාවූ සහ කිසිදු වෘත්තියකට සුදුසුකම් නැති උපාධියක් කරපින්නාගෙන නැවත සමාජයට පැමිණෙන්නෙකු ලෙසත්, එසේ පැමිණි පසුවත් සමාජයට බරක් වෙමින් ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණ කරමින් රජයට දොස් පවරමින් හැසිරෙන පිරිසක් ලෙසත් අපූර්ව චිත්‍රයක් ජන මනසේ චිත්‍රණය කරවනු ලැබ ඇත.
මෙහි ප්‍රථිඵලය වන්නේ නිසැකවම රාජ්‍ය විශ්වවිද්‍යාල මෙන්ම රාජ්‍ය අධ්‍යාපන ක්‍රමයම කෙරෙහි ජනතා අප්‍රසාදයක් ජනිත වීම නොවේද? සත්‍ය ලෙසම වර්ථමානයේ එම තත්වය නිර්මාණය වී නැතිද? පෞද්ගලික විශ්ව විද්‍යාල වෙනුවෙන් පෙනී සිටින්නන් විසින් ඉදිරිපත් කෙරෙන ප්‍රධානම තර්කයක් වන්නේ උසස් පෙළ විභාගය දක්ෂයා තේරීමේ සාධාරණම ක්‍රමය නොවේ යන්නයි.පෙරේදා සිදුවීමෙන් පසු ඔවුන් තවත් ප්‍රශ්නයක් නගනු ඇත.ඒ ඔබ ලබා ඇති ප්‍රථිඵලය නිවැරදි එකක් ද? යන්නයි.ඔවුන්ගේ පැත්තෙන් එය සාධාරණය.වර්ථමානයේ ඇති කර ඇති තත්ත්වය අනුව කිසිවෙකුට තමන්ගේ ප්‍රථිඵල නිවැරදියැයි සහතික වීමට නොහැකිය.රාජ්‍ය අධ්‍යාපනයේ වටිනාකම තුට්ටු දෙකට වට්ටමින් ජනතාව වෙනත් විකල්ප කෙරේ යොමු කෙරෙන ආකාරයේ වැඩ පිළිවෙලක් දැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන.නො එසේ නම් 2005 උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ බහුවරණ පත්‍රය වැරදි ලෙස ලකුණු කොට ප්‍රථිඵල නිකුත් කළ දා පටන් නොයෙකුත් අඩු පාඩු සහිතව විභාග පවත්වන විභාග කොමසාරිස්වරයා මේ දක්වාම තනතුරෙහි රඳවාගෙන සිටියේ මන් ද?
එසේත් නොමැතිනම් වර්ථමාන ඇමරිකාවේ ක්‍රියාත්මකවන්නා වූ ආකාරයට පාලනය කිරීමට පහසු, 'එහෙට' කියූ විට එහෙට යන, 'මෙහෙට' කියූ විට මෙහෙට වන බුද්ධි හීන පාලිතයින් පිරිසක් නිර්මාණය කිරීමේ වැඩ පිළිවෙළක එක් පිම්මක් වන්නට ද පුළුවන.
රටේ තුන් ලක්ෂයකට ආසන්න සිසුදරුවන්ගේ ජීවිත තුට්ටුවට දමා ක්‍රියාකරන මොවුන් වෙනුවෙන් කඩේ යන රාජ්‍ය මාධයයන්ට රටේ වැදගත්ම විභාගයක ප්‍රථිඵල අවුල් සහගත වීම නිසා ප්‍රථිඵල අත් හිටුවීමට සිදූවීම ප්‍රධාන ප්‍රවෘත්තිවල සිරස්තලයක් බවට වත් වන්නේ නැත.රට පුරාම වසර හතකට පෙර සිදුවූ සුනාමි ඛේදවාචකය සමරන අයුරු පෙන්වීමට ඔවුහූ කෙතරම් උත්සුක වූවෝද යත් ජීවවිද්‍යා විශය ධාරාවෙන් උසස් පෙළට පෙනී සිටි සිසුවෙකු වාණිජ විශය ධාරාවේ ප්‍රථිඵල ලැබීම කෙතරම් කණගාටුදායක දැයි යන්න පවා අමතක වී ගොස් ය.වාසනාවට එම ශිෂ්‍යයාගේ වාණිජ විශය ප්‍රථිඵලය අසමත් ලෙස ලැබී තිබිණි.බැරි වෙලාවත් ඔහු සමත් වී වාණිජ විශය ධාරාවෙන් විශ්වවිද්‍යාලයට තේරී තිබුණා නම් ඔහු විශ්වවිද්‍යාලයේ දී නොදන්නා විශයක් ඉදිරියේ අසරණ වන්නට ඉඩ තිබිණ.
වඩාත්ම උපහාසාත්මක වන්නේ උසස් අධ්‍යාපන ඇමතිවරයා බෝලය ජනපතිට පාස් කිරීමය.ජනපති සියල්ලන් කැඳවා බැණ වැදුනු නිසා කඩිමුඩියේ ප්‍රථිඵල නිකුත් කරන්නට සිදුවූ බවත්, එහිදී පරිගණකයේ සිදුවූ සුළු දෝශයක් නිසා මෙම සුළු දෝශය ඇතිවූ බවත් කියා ඔහු අත පිහදා ගත්තේය.ජනපති බැණ වැදුනේ ළමුන්ට ඉක්මනින් ප්‍රථිඵල ලබා දීමට යැයි කියන නිසා ඔහුද වැරදි කරුවෙක් නොවේ.වැරදි කරුවෝ අපිම වෙමු.සමහර විට ජ්‍යාමිතික සූත්‍රයකින් සංඛ්‍යානය දත්ත ගණනය කළ උසස් අධ්‍යාපන ඇමතිවරයාගේ නවතම ක්‍රමවේදය නිසා ළමුන්ට නවතම ආකාරයේ ප්‍රථිඵල ලැබුණා ද විය හැක.ළමුනට දැන් සිදු වී ඇත්තේ ඉදිරි අධ්‍යාපන ක්‍රියාවලියත් ඇමතිවරයා මෙලෙසින් ම කළවම් න්‍යායන් මගින් ලබා දෙන තුරු ඉවසා සිටීමයි.
මෙම හාස්‍යජනක ක්‍රියාවේ දුක්ඛ පක්ෂය තවමත් අවසාන නැත.විභාග ප්‍රථිඵල දැනටමත් ප්‍රමාද වී ඇත.ලැබුණු ප්‍රථිඵලවල අවිනිශ්චිතභාවය හමුවේ විශාල සිසුන් පිරිසක් ප්‍රශනපත්‍ර නැවත අධීක්ෂණය සඳහා ඉල්ලුම් කරනු ඇත.එම අධීක්ෂණය අවසන් වීමට ගතවන කාලයත් එකතු වූ විට මෙම සිසුන් සඳහා විශ්වවිද්‍යාල විවෘත වනු ඇත්තේ බොහෝ ප්‍රමාද වී ය.එය පාලකයින්ට සුළු ප්‍රශ්නයක් වුවද පවුලේ බර කරට ගැනීමට සිටින අසරණ දුප්පත් දරුවන්ට එය දුෂ්කර වූ ද දීර්ඝ වූ ද කාල පරිච්ඡේදයක් වනු නො අනුමානය.
25 December 2011
සොරි අංකල්
වෛද්‍ය අධ්‍යාපනය ගැන දන්න අය අහලා ඇති ඒකෙ කට්ටිය සායනික පුහුණුවට යන්නෙ කුඩා කණ්ඩායම් විදිහට කියලා.ඒවට සිංහලෙන් කියනවා 'කිලිනිකල් ගෲප්' එක කියලා.මම අයත් වෙන මේ සායනික කණ්ඩායම ගැන වෙනම බ්ලොග් එකක් ලියන්න පුළුවන් තරම් විවිධත්වයක් අපේ කට්ටිය අතරේ තියෙන්නෙ.මේ අසමානකම හින්දම අපිට කණ්ඩායමක් විදිහට විනෝද සංචාරයක් යන්න ලැබුනෙම නෑ.අනිත් කණ්ඩායම්වල් උන් හම්බවෙන හැම නිවාඩුවකම කොහෙ හරි ගිහින් මූණු පොතේ දාන ෆොටෝ බල බලා අපේ කණ්ඩායමේ උන් ඉරිසියාවෙන් පුපුරණවා.
07 December 2011
ඩෙංගු
ඩෙංගු ආයෙත් රටේ පැතිරෙන්න පටන් අරන් නිසා ඒ වෙනුවෙන් සමීක්ෂණයක් කරන්න රජයේ හිතවතෙක් විදිහට මට ටෙන්ඩර් පටිපාටියට පිටින් කොන්ත්‍රාත්තුවක් ලැබුණා.රජතුමා කතා කළාම කටක් ඇරලා බෑ කියන්න බැරි හින්දාත්, බෑ කියලා ගෙදර ගිහිං මෑණියන්ගේ කන්දොස්කිරියාවට කන් දීගෙන ඉන්න බැරි නිසාත් මම ඔන්න ඔහේ හා කියලා වැඩේ බාර ගත්තා.
Subscribe to:
Posts (Atom)


