ඉස්කෝලෙ කාලේ.....හම්මෝ...ඒක තමයි මරුම කාලේ.ඉස්කෝලේ ඇවිත් වෙන මොකුත්ම නොකර පොතේම හිටපු එවුන් විතරක් නෙමේ, හැමදාම ඉස්කෝලෙ එනවා කියලා ගෙදරින් ඇවිත් ඉස්කෝලෙ පැත්තෙවත් නොගිහිං කට්ටි පැනලා ගංජා ගහපු එවුන් පවා කියන්නේ ඉස්කෝලෙ කාලේ තරං ආතල් කාලයක් නං නෑ කියලා.කොල්ලොත් දිග කලිසං එහෙම ඇඳලා දැලි රැවුල රේසරේකිං බූ ගාන්ඩ පටං ගන්න කොට වගේම, කෙල්ලංගෙත් ටයි පටිය දෙපැත්තෙං ගවුං රෙද්ද උඩට මෝදු වෙනකොට මුංගේ ඉහට ගහනවා මනමාල විසේ.අපි දකින දකින හැම චිත්තරපටියකම, හැම මල් නවකතාවකම, හැම ටෙලි නාට්‍යයකම, පත්තරවල චිත්‍රකතාවල ඒ විතරක්නං මදෑ සිංදුමනං කීයක ඔය පාසැල් ප්‍රේමේ ගැන උජාරුවට විස්තර කරනවද?ඒවායේ පාසැල් ප්‍රේමෙ කොච්චර පූජනීයද?
හැබැයි ඉස්කෝලෙ යන කාලේ කාටත් ලව් කරන්ඩනං තහනං ඈ.ලියුමක් අහු උනොත් එහෙම නැත්තං දෙන්නා කතා කර කර ඉන්නවා කාගේ හරි ඇහැ ගැටිලා ඉස්කෝලෙ වගකිවයුත්තෙක්ගේ කනේ තිබ්බොත් එදාට ලෝක විනාසේ.ගුරුවරුංගෙයි දෙමව්පියංගෙයි ඔලු ගෙඩි ඇතුලේ කොල්ලා පොල් කඩන එකෙක් සහ කෙල්ල ගාර්මන්ට් එකක ජුකී මැෂින් එකක වැඩ කරන්නියෙක් වෙලා ඉවරයි.ඔය කොච්චර බාදක තිබ්බත් කවුරුත් ලව් කරන එකනං නවත්තන්නෙ නෑ.මමත් නැවැත්තුවේ නෑනෙ.මටනං ලොකුවට බාධා ආවේ නෑ.
ඉස්කෝලේ කාලේ පටං ගන්න ගොඩක් ප්‍රේම සම්බන්ධකං ඒ කාලෙම කැඩෙනවා.ඒ කාලෙට ඉතිං හරි තේරුමක් තියෙන එකක්යෑ.කීපයක් දිගටම පවතිනවා.කැදිච්චා වෙන ඒවාට සෙට් වෙනවා.ඔන්න ඉස්කෝලෙ ඉවර වෙලා කට්ටියක් කැම්පස් යද්දි ගොඩ කට්ටියකට බැරි වෙනවා.(දැන්නං අවුලක් නෑ.බැරි වෙච්ච කට්ටියට මාළඹේ යන්ඩ ඇහැක්නේ...). ඔන්න දැං සමහර ප්‍රේමවන්තයිංගේ එක්කො කොල්ලා කැම්පස්, කෙල්ල ගෙදර.නැත්තං අනිත් පැත්ත.එහෙමත් නැත්තං දෙන්නා කැම්පස් දෙකක.පවතින න්‍යායට අනුව මේ සම්බන්ධකං කැඩිලා කැම්පස් ගිය එකා ඇතුලෙන් වෙන එකක් සෙට් කර ගද්දි අනිත් එකා කඳුළු බිබී ගෙදෙට්ට නාකි වෙනවා.ඉතිං කැම්පස් ගිය එකා තමයි චපලයා.ඇයි 'ඌ' හෝ 'ඈ' තමංගේ වර්ථමාන තත්ත්වෙට හරියන එකක් සෙට් කරගන්ඩ කළිං එකා අතෑරියා වෙනවනේ.
වසර නවයකට ආසන්න වෙච්ච ප්‍රේමයක් තවම විවිධ ගැටුම් හා හැල හැප්පීම් මත සාර්ථකව පවත්වාගෙන යන මම (මම කොළඹ විශ්වවිද්‍යාලයට යද්දී මගේ ප්‍රියම්භිකාව යන්නේ පේරාදෙණියට ) මේ ගැන අධ්‍යයනයක් කළා (මොකද මටත් කෙළ උනොත්!! අවධානමට පෙර සූදානම හොඳයිනේ ).ඇත්තටම මේ අය චපලද?
ප්‍රේම සම්බන්ධයකදී අධ්‍යාත්මික, පූජනීය, නිකැළැල්, අම්මට හුඩු කියන විදිහේ බැඳීමකට වඩා කායික බැඳීම ප්‍රභලයි.අරවත් නැතුවා නෙමෙයි.නමුත් අර සින්දුවේ කියන්නා වගේ රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි, පාරිශුද්ධයි, සුරම්‍යයි නං නෙමේ.
ඉතිං ටික කාලෙකට ඈත් වෙනවා වගේ නෙමෙයි මේ කැම්පස් එකක් තුලින් වෙන් වෙන වෙන් වීම.මොකද වෙනම සමාජ අත්දැකීම්, අළුත් යාළුවෝ එක්ක එකෙක්ගේ ජීවිතේ හැඩ ගැහෙද්දි අනිත් එකා හිටපු තැනම එහෙමම වයස්ගත වෙනවා.ඔහොම බාහිර නව්‍ය උත්තේජන එන අස්සේම දෙන්නගේම හිතේ අර භෞතිකමය ගැටීමේ අඩුව දැනෙනවා.මේක භෞතික ගැටිමේ අඩුව විතරක් වෙන්නේ අධ්‍යාත්මික ගැටීමට අවුලක් නොවෙන නිසා (ජංගම දුරකථන, එස් එම් එස්, ස්කයිප්, ඊමේල්). සෙනඟ පොඩ්ඩක් අහක බලනකං ඉඳලා පස්ස පොඩ්ඩක් කොනිත්තන එකේ, කනක් හෙමිහිට චුට්ටක් හපන එකේ ලොකු බලයක් තියෙනවා මේ සම්බඳකම් පවත්වාගෙන යන්න.පූර්ව වෛවාහික සංසර්ගයනුත් පාසල් ප්‍රේමය වගේම ලංකාවේ තහනං මාතෘකාවක් උනාට සිද්ද නොවෙන්නේ නැති නිසා ඒකේ අඩුවත් සෑහෙන්න බලපානවා ඇති.
ඔය කායික ගට්ටන අඩු වෙන කොට යටිහිත මේ අඩුව පුරවගන්ඩ අළුත් උත්තේජයන් හොයාගෙන යනවා.එතකොට පරණ සම්බන්ධේ මේකට බාධාවක් වෙන හින්දා ඒක නවත්තන්ඩත් යටිහිත උත්සාහ කරන්නේ නිරායාසයන්මයි.කලිං කොල්ලගේ හෝ කෙල්ලගේ නොදැකපු අඩුපාඩු පේන්ඩ පටං ගන්නේ මේ වෙද්දි තමයි.පුංචි වැරදි අල්ලගෙන ලොකු ලොකු ආරවුල් එහෙම ඇතිවෙන්නෙත් මේ මතමයි.ඊට පස්සේ තමංගේ දුක කියන්ඩ විරුද්ධ ලිංගිකයෙක් වර්ථමාන පරිසර රාමුව ඇතුලෙන් හොයාගන්ඩත් පෙළඹෙනවා.
ඔන්න දැං තමයි සිද්ධියේ හොඳම ටික පටං ගන්නේ.කෙල්ලෙක් තමුන්ගේ දුක කියන්ඩ තමංව තෝරගත්තා කිව්වම කොල්ලෙක්ට ඇතිවෙනවා අභිමානයක්.මම හොඳ පොරක් වෙන්ඩැති, ඒකනේ මේ කෙල්ල දුක කියන්ඩ මාවම තෝරගත්තේ.කෙල්ල මට කැමති ඇති, නැත්තං මෙහෙම පුද්ගලික දේවල් මගෙ ඉස්සරහා වමාරයියෑ කියලා ඌට හිතෙනවා.ඉතිං ඌ කෙල්ලට දක්වන සැලකිල්ල වැඩි කරනවා.ඒකි ගැන හොයලා බලනවා.දුක අහං ඉන්නවා.උපදෙස් දෙනවා.
කෙල්ලත් දුක කියන ගමං කල්පනා කරනවා අනේ මූ කොච්චර හොඳ කොල්ලෙක්ද?මම කියන දේ අහං ඉන්නවා.මට උපදෙස් දෙනවා.මං ගැන හිතනවා.අරූ වගේ නෙමෙයි කියලා තමුංගේ කොල්ලා ගැන තවත් වෛර බඳිනවා.ඉතිං මාස දෙකක විතර කතාවක් කෙටියෙන් කිව්වොත් එළියෙ එකාට බූට් එක වදිද්දි ඇතුලේ දෙන්නා සෙට් වෙනවා.කොල්ලෙක් කෙල්ලෙක්ට දුක කියද්දිත් මේ විදිහටමයි වැඩේ වෙන්නේ.
මම ඔහොම සිද්ධි කීපයක්ම දැකලා තියෙනවා.කැම්පස් විතරක් නෙමෙයි, පිට පැතිවල ජොබ්වලට යද්දිත් ඔහොමම තමයි.
ඉතිං කතාවේ ආදර්ශය තමයි ඔබේ සහකරු හෝ සහකාරිය කායිකව තනි කරන්න එපා.වෙලාවක් හම්බවෙච්ච ගමං හම්බවෙන්ඩ යන්න.හැබැයි නිකං කඩිමුඩියේ ගිහිං 'පරක්කුයි මම යන්නං' කියලා ඉක්මනට එන්නත් එපා.
එතකොට මේ මං වගේ සාර්ථක බොහෝවිට විවාහයෙන් කෙළවර වියහැකි ප්‍රේම සම්බන්ධයක් රසවිඳින්න ඔබටත් හැකි වේවි.
මලඉලව් ආදරේ
ReplyDeleteඔන්න ඔන්න ඉරිසියාවද කොහෙද? මේකනං ඔන්න මානසික ලෙඩක් නෙමෙයි ඈ.අංගොඩ යවනවා කිව්වම හොඳ වෙන.
Deleteඅයි හෙට් ලවු ස්ටෝරිස් !!!!
ReplyDeleteඅඩේ උබලා දෙන්නා හෙන වාසනාවන්තයි නෙව. කෙල්ල පේරාමෙඩ්ඩියක්.. කොල්ලා කොළඹ මෙඩ්ඩෙක් !
උබලා දෙන්නට සුබ පැතුම් !
මෙඩ්ඩා= මෙඩිකල්
අඩෝ මම ඊට වඩා වාසනාවන්තයි බොලේ.මගේ පවුල පේරා ෆිසියොතෙරපි.මට වඩා හොයන්ඩ පුළුවං නෙව.අනික මගෙ ළඟට එන ලෙඩ්ඩුංව මට බැරියෑ පවුල ළඟටම යවන්ඩ.
Deleteෆිසියොතෙරපි ??? සම සෞඛ්‍ය විද්‍යා පීඨයේද ?
Deleteපොඩ්ඩක් පැහැදිලිව කියහල්ලකෝ... නෙට්වර්ක් කේබල් රවුටර් ස්විච් එක්ක ඉන්න අපට ඕවා තේරෙන්නේ නෑ මලේ...
ඔව් බං අයියේ.සමසෞඛ්‍ය ඇත්තො තමා.....
Deleteසම සෞඛ්‍ය පීඨය තවම නැගලා යනවද? මගේ පවුල මම ඕකෙන් අස්කරගත්තේ නැත්තං ඒ කාලේ තවම කැම්පස් ද මන්දා..
Deleteසම සෞඛ්‍ය එක ටිකක් කරදර මැද්දෙ තමයි ඇදගෙන යන්නේ.අපේ ඩොකාලමනේ ලෙඩේ දාන්නේ
Deleteහක හක..ඔය දුක කියන්න යන උන්ගෙන් තමයි පරිස්සම් කරගන්න ඕන.උනුත් හරි වෙලාව එනකම් මග බලං ඉන්නෙ මුක්කුව ගහන්න~
ReplyDeleteඅනිවා මචං.අනුකම්පාවෙන් ගෑනු දැලේ දාගන්න එකත් එක ක්‍රමයක් නෙව
Deleteපිස්සුවක් ඇතෑ නිකම්ම දුක අහන්න..
ReplyDeleteඑක ඇත්ත.නිකං ඔය අඳෝනා විලාප අහං ඉන්ඩ බෑ තමයි.ඒකට මේ මම වගේ දුක අහන්ඩ වෙන එකෙක්ට සෙට් කරලා පැත්තකට වෙන්ඩ ඕනේ.
Deleteඅපි වගේ ආධුනිකයන්ට මේ කතාවලින් වැඩක් තියේවි වගේ :D
ReplyDeleteආධුනිකයින්ටනං ඕන් හොඳා....පරිස්සමෙං ඈ....
Deleteමේ කොයි බං අර නන්දිකඩාල් කතාව??? හලේ ලියපන්කො මල්ලි ඒවගේ කතා ටිකක්..
ReplyDeleteක්සැන්ඩර් | Xander
නිමිත්තක් නෑනෙ බොලේ.බලමුකෝ ලොක්කො ටික මොකක් හරි කෙළියක් කරන්නැතෑ.
Deletehebei ban nitharama amba kanakotath epa wenawalu.Campus wala pudina godak love walata wennet okamane.hemadama ekama ambe dakala,ekama ambe kala,diwe rasa ankura tikath welila yanawa,wamane yanna enawa,antiamata ambe dakinakotat uru juwal.ehema netuwa sathiyata eka parak,masekata dethun wathawak wage angili gena gena indala ambe dakinakota hemadama amuthu newum gathiyak tiyenawa.nedda man ahanne?
ReplyDeleteඇත්තක් නැත්තෙමත් නෑ.හැබැයි ඉතිං එහෙම උනොත් බැන්දට පස්සේ සොරිම තමයි නේ.....
Delete