කැරපොත්තෙක්
පියාඹා ඇවිත්
වැටුනා බත් පිඟානට
සුදු පාට බත් ඇට
ඉව කරමින් පිඟාන පුරා
ඇදෙන කැරපොත්තා දිහා
බලා හිටියා මම
අනිමිසලෝචනයෙන්
පිඟානෙන් නැගී
මගේ අත දිගේ
ඇදුනා ඌ
ඇති කළා ම'හිත
කිතියක්, හිරිකිතක්
බත් පිඟාන නොහැලෙන්නට
ප්‍රවේසමෙන් නැගිටලා
ගසා දැම්මා කැරපොත්තා
වම් අතින් මම
හරි පිරිසිඳු සතෙක්ලු
කැරපොත්තා
පත්තරේක තිබුනා
ලිපියක් ඒ ගැන
බත් කටක් අනලා
කටේ දාගන්න කොට
හිතුවා මං එහෙම
ඇත්තටම මෙහෙම උනාද
ReplyDeleteඅපොයි තවම එච්චර දරිද්‍ර නෑ.මෙහෙම අයත් ඇති.අපි හැමෝගෙම නුදුරු අනාගතේ තමයි මේ
Deleteදරිද්‍ර තාව වැඩි උනාම ඔයිට වඩා දෙවලුත් නොදැක්ක වගේ ඉදිවි..
ReplyDeleteඒක ඇත්ත.වැඩේ කියන්නේ දරිද්‍රතාව ඇති කරගන්ඩ පාලකයින්ට බලේ දෙන්නෙත් අපෙ උන්මනේ
Deleteදුප්පත්කම වැඩි උනාම බිම වැටුනා කියලා උනත් බලන්නේ නැතුව වැලි ගසලා දාලා කන්න වෙන කාලයක් තමයි ඉදිරියට එන්නේ !
ReplyDeleteඅනිවා.ඒ උනත් බලන්ඩකෝ මේ ඡන්දෙත් ඒ ගොල්ලො දිනන හැටි
Deleteකෑමවල තියෙන ජාතිත් එක්ක මේවා මොනවාද ඉතින් :D
ReplyDeleteඑව්වා එහෙම තමයි.නොදැන කෑම සහ දැන දැන කන්න සිදුවීම අතරේ තියෙනවනේ වෙනසක්
Deleteමමනම් කැරපොත්තෝ සුප් එකක් බිව්වා ලගදි ....
ReplyDeleteඅපේ කැන්ටිමෙං මම කාපු සම්බෝල එකක තිබ්බා බයිසිකල් බෝලයක්.කොහොමද ඕක කැවිලා එම් ආර් අයි එකක් එහෙම කෙරුවනං
Delete