28 August 2011

ෆැකල්ටියේ විරහව....


රුපියල් දෙකේ
ප්ලේන්ටියෙන්
ඉතුරු වෙනවා
රුපියලක
තාම
ඇවිත් බොන්න
මම ගියාමවත්

හැබැයි
දැනටමත් නිවිලා

7 comments:

  1. අපේ නම් දැන් ප්ලේන්ටියක් රුපියල් තුනයි. අපි කැම්පස් ආපුම දවස්වල නම් රුපියල් දෙකට තිබ්බා.

    ReplyDelete
  2. @මධූ : අප්පච්චියේ එහෙනං ඔයාලගේ ෆැකල්ටියෙ එකෙක්ට මේක කියන්න වෙන්නෙ රුපියල් එකයි පනහක් ඉතුරු කළා කියලා.හඃ හඃ හා....

    @ඉන්දික : ඉස්තූතියි මේ පැත්තෙ ආවට සහ කොමෙන්ටුවට......

    ReplyDelete
  3. ප්ලේන්ටිය කීයද කියන එක ප්‍රශ්නයක් කරගන්න එපා බං. කියලා තියන කතාව බලාපල්ලා.
    මචං දිනුක, මේක ඇත්තටම සිරා..
    ඒත් මට මේක තේරෙන්නෙ නෑ..., ප්ලේන්ටිය නිවිලා නම් ඇයි බොන්න එන්න කියන්නේ..?

    ReplyDelete
  4. @Phoenix: ඒ කියන්නෙ මචං කොල්ලගේ ලව් එක දැං ටික ටික මැකීගෙනයි යන්නෙ.ඒත් තවම බලාපොරොත්තුව තියෙනවා.මගේ ඔළුවට ආවෙ ඒ වගේ අදහසක්.

    ReplyDelete
  5. කොල්ලගේ ලව් එක සෑහෙන අඩු වෙලා බව තේරුණා. සෑහෙන කියන්නෙ නැත්තටම නෑ වගේ හිතුනේ.

    "හැබැයි
    දැනටමත් නිවිලා"

    නොකියා...

    "හැබැයි
    දැනටමත් සෑහෙන්න නිවිලා"

    වගේ අවා නම් තවමත් බලාපොරොත්තුව තියනවා කියලා හිතෙනවා.

    මම දන්නෙ නෑ... කියවද්දි හිතුන නිසයි එහෙම ලියන්න හිතුනෙ. කොමෙන්ට් එකක් දාන්නත් හේතුව, ඒ කවියට මම සෑහෙන්න කැමති නිසා.
    මොනවා උනත් සිරාම සිරා...

    ReplyDelete
  6. ඇත්තට එච්චර දෙයක් මතක් උනේ නෑනෙ මචං.එහෙම ආවනං හොඳයි කියලා මටත් දැං හිතෙනවා උඹ කිව්වට පස්සෙ.ඉස්තූතියි අදහසට....

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...