10 August 2011

චාටර් බ්ලොගා



මම දැන් ටිකකට කළිං මගේ බ්ලොග් පොස්ට් ටිකක් ආයෙමත් කියවලා බැලුවා.අප්පා මළ චාටර්.සමහර එව්වා කියවද්දි මටම හිනා(කටින් විතරක් නෙමෙයි ).මම හෙණ ලොකුවට මම ගැන හිතං හිටියට මම ලිවීමේ කාර්යයේදී කොච්චර අප්සට් ද කියලා මට ම තේරුණේ තුන්වෙනි පාර්ශවයක් විදිහට ගිහින් මගෙම එව්වා කියවලා බලද්දි.හැබැයි මෙහෙම දේකුත් තියෙනවා මම සෑහෙන්න සතුටුවෙන මට්ටමේ උසස් ය කියලා කියන්න පුළුවං නිර්මාණ දෙක තුනකුත් ඒ අස්සෙ තිබුණා.ඒක ඉතිං අර ගල් අහුරක් ගහපුවාම එකක් දෙකක් හරියට වැදිලා අඹ වැටෙනවා වගේ මෙව්වා සංසිද්ධියක් ය කියලා මගේ ආත්මාභිමානෙ පැත්තකින් තියලා කියන්ඩ සිද්ද වෙනවා.

මගේ හිතට හෝ ගාලා අදහස් ගලාගෙන ආවට ඒවා අනිත් මිනිස්සුන්ගෙ හිතට වදින විදිහට ලියාගන්න මම එච්චර සමත් නෑ කියලා මට හිතුණා.හැබැයි අපරාදෙ කියන්න බෑ ඕනෙ මඟුලක් කාගෙ උනත් හිතට වදින්න කියාගන්න කටක්නං මහා බ්‍රහ්මයා ලෝබ නැතුව මට දීලා තියෙනවා.කාට හරි ඒ ගැන සැකයක් එහෙම තියෙනවානං ඔය අපේ ෆැකල්ටියෙ කාගෙං හරි අහලා බැලුවට කාරි නෑ.ඒත් ඉතිං මට ඕනෙ හොඳ ලේඛකයෙක් වෙන්න මිසක්කා මේ නිකං වාචාල කමට කියෝන එකෙක් වෙන්න නෙමෙයි.මොකද වාචාලයෝ ඕනෙ තරං ඉන්නවා.ඕනෙ තැනකිං වාචාලයො බිහිවෙනවා.ඒත් ලේඛකයො එහෙම නෑ.

මම මෙහෙම මං ගැනම පාපොච්ඡාරණයක් කළේ මගේ බ්ලොග් එක කට්ටිය කියවලා තියෙනවනෙ.මම දන්න වගේම දන්නැති අයත්.මගේ සමීපම මිත්‍රයෝ කීප දෙනෙක් සහා මගේ ප්‍රියම්භිකාව මගේ ලියන එව්වයෙ අඩුපාඩු කියනවා."මචං අර දාලා තියෙන එක චාටර්" කියලා මූනටම කියනවා.ඒත් අනිත් ඈයො එහෙම කියන්නෑ.මම දන්නවා එයාල එහෙම කියන්නැත්තෙ ලියන එකාගේ හිත රිදෙයි, හිත රිදිලා ඌ ලියන ඒක නවත්තයි කියලා හිතලා කියලා.ඒත් මම කැමති කවුරු උනත් මගේ අඩුපාඩු කියනවානං.එහෙම උනානං මෙයිට ගොඩක් කළිං මට තේරුම්ගන්න තිබ්බා මම ලියන ඒවා හෙණ චාටර් කියලා.දැං ඉතිං කෙනෙක් කියන්ඩ පුළුවං ඉතිං බූරුවො තොගෙ යාළුවො තොට කිව්වනං එව්වා චාටර් කියලා තෝ බූරුවට ඕක කලිං තේරෙන්න තිබ්බනෙ කියලා.ඇත්ත තමයි.ඒත් ඉතිං මගේ තියෙනවනෙ බොරු උද්ධච්ච කමක්.හෙණ ලොකුකමක්.ඉතිං එකෙක් දෙන්නෙක් කිව්වට මම එච්චර හිතන්නෑ.මම හිතං ඉන්නවා මම හෙණ පොරනෙ ඒක හින්ද මම ලියන එව්ව පට්ට සිරා කියලා.

ඉතිං ඕක දහ පාළොස් දෙනෙක් විතර කිව්වනං මොකද්ද බූරුවො අර ලියලා තියෙන්නෙ.මෙලෝ යකෙකුට හිනා යන්නෑ නිකං සිංහල කොමඩියක් වගේනෙ කියලා.එහෙම නැත්තං මචං උඹට තියෙන ආදරේට ,මේ කියන්නෙ කාටවත් වැඩක් නැති පජාති බ්ලොග් ලිය ලිය ඉන්නෙ නැතුව මොකක් හරි රටට වැඩදායී වැඩක් කරපං කියලා කිව්වනං අද මමත් හොඳ තැනක ඉන්න තිබුණා.

දැං මම මට චාටර් කියලා හිතෙන බ්ලොග් පෝස්ට් ටික අයින් කරන්න ගියොත් දෙක තුනකට වඩා ඉතුරු වෙන්නෙ නෑ.කමක් නෑ මම එව්වා එකක්වත් අයින් කරන්නෑ.මීට පස්සෙවත් හොඳ බ්ලොග් පෝස්ට් ටිකක් දාන්න ඕනෙ.එතකොට මට වගේම කියවන ඈයින්ටත් පුළුවං මගේ ප්‍රගතියක් තියෙනවද නැත්තං කලිං හිටපු චාටර් බ්ලොගාමද කියල බලන්ඩ.

රෙද්ද ගැළවී මගේම නිරුවත දුටිමි.නමුදු දැනේ සතුටක් මන්ද මගේ නිරුවත මම ද දුටු නිසා.

8 comments:

  1. මුල්ම වතාවට මේ පැත්තේ ආවේ අද තමා, මක්ක වෙනවද බොලන් වෙන කවුරුවත් ලියපු එකක්යැ තියන් හිටු මකන්නේ නැතුව..

    ReplyDelete
  2. මමත් ඔහේ ලියනවා මිසක් ලස්සනක් කියලා නම් නෑ. කාලයක් ගියාම ඔය සේරම හරි යයි. හැමෝම එක විදිහේ නෑනේ.ඒ නිසා ගනන් ගන්නේ නැතුව ලියමු.

    ReplyDelete
  3. @ චතුර : සාදරයෙං පිළිගන්නවා මගේ වැයික්කියට.බොහොම හරි නෙව.මම ලියාපුවා මොකටෙයි මං මකන්නෙ.

    @මධූ : බලමුකො බලමුකෝ මමත් අත අරින්නෑ මේ වැඩේ.ඉස්තූතියි සහෝදරයා.

    ReplyDelete
  4. ado..sinhala comedy walata mukuth kiyanna epa...aewata hina yanawa..

    other than that..me wage baila liyanne nethuwa hoda ekak liyapan..

    liyana aewage hoda narakak ne, aewa nidahas adahas nam..ela ela..ohoma palayan..

    ReplyDelete
  5. අනේ පලයන් ඌරා සිංහල කොමඩි හෙණ චාටර්.වැටෙන පෙරලෙන ඒවට හිනා යන උන්ටනං හොඳයි.කමක් නෑ ඔන්න ඔහොම කෙළින් කියන්න කියල නේන්නං මම මේ කියන්නෙ...

    ReplyDelete
  6. අයියගේ ඒවා නරකයි කියලා ඔයා හිතනවා නම් මගේ බ්ලොග් එකේ නම් එකම පෝස්ට් එකක්වත් හොඳයි කියලා කියන්න බෑ. හපොයි, අයියා ලියන ඒවා කොච්චර හොඳද..

    ReplyDelete
  7. adai palaweni parata pela dorata godawune.. uba liyapuwain keepayak mama kiyewwa.rasa winda. ithuru ewath kiyawala beluwata narakama ne kiyala hithuna. hasya, upahasaya athare thawa jeewithayata ganna dekuth e athare keti wela thibuna. eth samahara thenwala mul deken ekakata tikak wedipurra barawunu gathiyak thibunada manda.. eth rasayennam aduwak ne ube nidahas sithuwili aara.

    keep it up machan..

    ReplyDelete
  8. ඉස්තූතියි ඉස්තූතියි ප්‍රාර්ථනා දහිරියමත් කරනවට......

    @ Geeth - විචාරයට බොහොම ඉස්තූතියි සහෝදරයා.බලමු ඉස්සරහට තව වෙනස්කං ටිකක් කරල.

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...