02 August 2011

නම වෙනස් කිරීමයි.....



මම මේ කරපු වැඩේ හරිද කියලා මම දන්නෙ නෑ.ඒත් මට හිතුනා නිකං මගේ නම ඉස්සරහට දාලා මගේ බ්ලොග් එක ලියනවට වඩා වෙන නමකිං මේක කරං යන එක හොඳයි කියලා.මම හරියටම දන්නෙ නෑ ඇයි මට එහෙම හිතුනෙ කියලා.ඔය පත්තරෙත් හැමදාම ඉන්නෙ දහ පාලොස් දෙනෙක් නම වෙනස් කරන.ඉතිං මම කරපුවාම මොකෝ.මම දාපු නම ඒ කියන්නෙ 'පෑල දොර' කියන එක මම තෝරගත්තෙ මම කියන්ඩ හදන ගොඩක් එව්වා මිනිස්සු පෙන්නන්ඩ අකමැති ඒත් ඇත්තටම ලෝකෙ තියෙන දේවල් හින්දා.පෑල දොරත් ඒ වගේ.අපි ගෙදරකට ඉස්සරහින් ගියාම අපිට පේන්ඩ තියෙන්නෙ බොරු ආටෝපය විතරයි(ගොඩක් තැන්වල ).ඒත් පස්සෙ දොර තමා ඇත්ත පෙන්නන තැන.ගෙදරක මිනිස්සුන්ගෙ කල්කිරියාව හැදියාව විතරක් නෙමෙයි ආදායම් තත්වෙ ගැන උනත් විස්වාසනීය තක්සේරුවක් ගන්න පුළුවන් තැන තමා ඒ.අනික පස්සෙ දොර තමා සංග්‍රහශීලී සංවාදශීලී සුහද තැන.ඔය ගොඩක් කේළම් එහෙමත් හුවමාරු වෙන්නෙ සමාජගතවෙන්නෙ පස්සෙ දොරෙන්නෙ.ඉස්සරහ දොරෙන් ගෙට ගන්නෙ (අපේ රටේ ) ගොඩක් වෙලාවට අමුත්තෝ, නාඳුනන අය.ඒත් හොඳටම හිතවත් පවුලෙම අය තමයි පස්සෙ දොරෙන් ගෙදරකට වැද්ද ගන්නෙ.ඉතිං ඔය බත් ටිකක් එහෙම කාල විටක් හප හපා මිදුලට කෙළ පාරක් එහෙම ගහලා හොඳ කයියක් ගහගෙන ඉන්න පුළුවං 'පෑල දොරට' ආවොත්....

3 comments:

  1. නම වරදක් නම් නෑ . . . ඒත් පුතෝ පෑල දොරෙන් නොකියම යන දේවල් නම් එමටයි ජීවිත වල . ඉස්සරහ දොර වගේම පෑල දොරත් මතක්වුණු එක ලොකු දෙයක් . ඉස්සරහ දොරයි පෑල දොරයි දෙකම රැකගන්න දිනෙන් දින ඉව වැඩේවා කියලා පතනවා . . .ජය .:)

    ReplyDelete
  2. නම වෙනස් කලාට නම් අවුලක් නෑ. ඒත් යූ ආර් එල් එක වෙනස් කරන්න නම් එපා. එතකොට නම් හරි වදේ වෙනවා. අපිට දිනුකව හොයා ගන්න බැරුව යයි. ඒ වගේම ආයි සින්ඩි වලත් දාන්න වෙයි. ඒ නිසා වෙන නමකින් ලීවට නම් කමක් නෑ.

    ReplyDelete
  3. @ සුශාන් ප්‍රියනාත් රත්නායක : අපොයි අපොයි පස්සෙ දොරෙන් සරස්වතී යන්නෙ ඉස්සරහ දොරෙන් ලක්ෂ්මි ආවොත්නෙ.මගෙ ගෙදෙට්ට ලක්ෂ්මි එන පාටක් නෑ.ඉතිං සරස්වතිත් යන එකක් නෑ.කෝකටත් දොර අඩවල් කරලා තියන්නංකෝ.

    @ මධූ : අපොයි වෙන මොකුත් වෙනස් කරන්නෑ.(මම දන්නෙත් නෑ)

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...