මේ කොරෝනා අස්සේ ඔන්නොහේ ගෙදෙට්ට වෙලා වගාවක් කරං ඉන්න අයට කියවන්ඩ පරණ ඉස්කෝලේ කතාවක් කියන්ඩ හිතුවා. මේවා මට වෙච්ච දේවල් නොවන වග කරුණාවෙන් කියන්ට ඕනෙ. මොකෝ මම ඉස්කෝලේ හිටියේ ජීව විද්‍යා පන්තියේ හෙවත් අනිත් එවුන්ට අනුව කන්‍යාරාමය හෙවත් කොන්වන්ට් එකේ නිසාත්, ඒ කන්‍යාරාමයේ කියන්ඩ තරං වැදගත් දේවල් සිද්ද නොවෙච්ච නිසාත්, මට සිද්ද වෙලා තියෙනවා අනුංගේ කතා හොරාකාලා මගේ වගේ ලියන්ඩ. මගේ වගේ ලියන්ඩ වෙන්නේ වෙන එකෙක්ගෙං අහගත්තු කතා කියද්දි අගට දාන "ලු" කෑල්ල දැම්මම කතාවේ රසය අඩුවෙලා කතාව නිකං කරපිංචා නැති කිරි හොද්ද වගේ වෙන නිසා. (කොරෝනා අවු අස්සේ ගෙදර කරපිංචා ඉවර වෙලා.හදිස්සියේ වවන්ඩයැ.)
ඔන්න මේ සීන් එක සිද්ද වෙන්නේ අපේ ඉස්කෝලේ වාණිජ අංශයේ එහෙම නැත්තං කොමස් එකේ.
කොමස් එකේ උං ඔය විද්‍යා දිනය, කලා උළෙල වගේ "කොමස් ඩේ" එකක් ලෑස්ති කළේ වෙන දේකට නෙමෙයි කෙල්ලො ටිකක් ඉස්කෝලේ ඇතුළට ගෙන්නගෙන තමුංගේ වැඩ පෙන්නන්න. කෙටියෙන් කිව්වොත් පොරත්වය පෙන්නලා කෑල්ලක් සෙට් කර ගන්න. ඇයි ඔය වැඩේ සංවිධානය කරන අස්සේ හිතුන හිතුන වෙලාවට ඉස්කෝලෙන් පනින්නත් ඇහැකි.
ලොකුම සීන් එක තමයි කෙල්ලන්ගේ ඉස්කෝලවලට රිංගන්න ඇහැක් වීම. ආරාධනා පත්‍ර දෙන්න ඊට පස්සේ ඒ ඉස්කෝලෙන් උත්සවේට මොනවා හරි අංගයක් ඉදිරිපත් කරනව නං අන්න ඒ කෙල්ලෝ සෙට් එකෙං එකක් බා ගන්ඩ චෑන්ස් එකක් වදිනවා. මොකද සම්බන්ධීකරණ කටයුතු කරන්ඩ කෙල්ලෙක් එක්ක සම්බන්ධතාවයක් ගොඩනගා ගන්ඩ වෙනවනේ. ගොඩක් වෙලාවට ඉතිං වැඩේ ගොඩ යනවා. අනික ඔය කෙල්ලෝ පාරේ යද්දි ලොකු ලයින් එකෙන් ගියාට උංගේ ඉස්කෝලෙකට ගියාම තමා හැබැ ස්වරූපේ පේන්නේ. කොල්ලො දෙතුන් දෙනෙක් ඉස්කෝලෙ මැද්දෑවෙන් ඇවිදං යද්දි කූඩුවල දාපු මාර දූතිකාවෝ වගේ අර කොට බිත්තිය උඩින් ගහල තියෙන කම්බි දැලේ එල්ලිලා පෙරේත බැල්ම දානවා. "සූ සූ" ගානවා. විසිල් ගහනවා. එක කෙළියයි.
මේ මරඟන රැගුම් බලලා ආපහු කොල්ලො ටික තමුංගේ ඉස්කෝලෙට යන්නේ ස්ටාලින්ග්‍රාඩ්වලිං නාසි හමුදාව එලවලා ගෙදර යන සොල්දාදුවෝ වගේ. ගමනට සෙට් වෙන්ඩ බැරි වෙච්ච උන්ට මුං දැකපු අහපු දේවල් කියන්නේ අතිං පයින් ලුණු ඇඹුල් යහමිං දාලා නිසා ඇත්තටම වෙච්ච දේ අනිත් කාටවත් දැනගන්ඩ විදිහක් නෑ.
"පට්ට කෑල්ලක් හිටියා බං දැලේ එල්ලිලා අපි දිහෑ කන්ඩ වගේ බලාගෙන. එක කෙල්ලෙක් තව කෙල්ලෙක්ගෙ තනේ මිරිකලා දිව්වනේ බං. කෙල්ලෙක් හිටියා බං පඩිපෙලක වාඩි වෙලා. ඔක්කොම එළියේ. ජංගිය රෝස පාට එකක්. කෙල්ලෝ දෙන්නෙක් ආවා ටොයිලට් එකේ ඉඳං එකියෙක්ගේ ඇස් උඩ ගිහිල්ලා, අනිත් එකී මූන පිහදදා ආවේ, ෂුවර් එකටම ආප්පයක්."
මේවා පච කියලා දන්නවා උනත් කවුරුත් මේවා නිවැරදි කරන්ඩ යන්නේ නෑ. ඒවා හිතෙං මවාගෙන රස විඳිනවා. තලු මරනවා. "අනේ පලයං ඩෝ බොරු නොකියා" කියලා අනිත් උංගේ ආතල් කඩන්නෑ.
ඔන්න උත්සවේ දවස ආවා. කට්ටිය උදේ ඉඳං වැඩ. කරන ඇති වැඩකුත් නෑ. නොකරන දෙයකුත් නෑ. පස්ස කැඩිච්ච කඩියෝ වගේ එහෙට දුවනවා මෙහෙට දුවනවා. හෙනම සීන් එකෙන් ඉන්නේ එන කෙල්ලොංව හසුරුවන්ඩ බාරදීලා තියෙන උන් ටික. අත් දිගට දාලා ටයි දාලා, කොණ්ඩෙ පීරලා, පොළව මට්ටමට ඩිංගක් විතර ඉහළිං පාවෙනවා. උංගේ හීනේ උත්සවෙං පස්සේ හිස් පන්ති කාමරේකට ගිහිං කන්‍යාභාවය අහිමි කර ගන්ඩ. පව්. ඒ දවස්වල අපිට තිබ්බ හීන.
බරපතලම වැඩේ බවලත් උදවියට වැසිකිළි පහසුකම් සපයන එක. පිරිමි පාසලක වැසිකිළි කොයිවගේද කියලා අමුතුවෙන් කියන්ඩ උවමනාවක් නෑ මගෙ හිතේ. කවුරුත් දන්නවා.අසහනෙන් ඉන්න උන් අසහනේ පිට කරන්නේ කලාවට යොමු වෙලා. ඒ කලාකෘති හැම කලාකෘතියක් වගේම සමකාලින විචාරකයින් අතින් බරපතල විදිහට විවේචනයට ලක් වෙන ඒවා. ඒවයේ සෞන්දර්යය රසවිඳින්න හැමෝටම බෑ. කෙල්ලන්ගේ කලා රසාඥතාවය ගැන පොඩි අවබෝධයක් තිබිච්ච උන් වෙනම තැනක තිබ්බ වැසිකිළියක් තීන්ත ගාලා සුද්ද කරවලා ලෑස්ති කෙරෙව්වා.
හැමතැනදිම වගේ සවුන්ඩ් සෙට් කරන එක ප්‍රොජෙක්ටර් එක චෙක් කරන එක කොම්පියුටරේ අටවගන්න එක සිද්ද උනේ සෙනඟ ශාලාවේ වාඩි උනාට පස්සේ. එක පාරට "ආ............හ්" කියලා මහා සද්දෙන් ගෑනු කටහඬක් ස්පීකර්වලින් ආවා. කොම්පියුටරේ තිබ්බ වැලක් ප්ලේ වෙලා. වෙලාවට ඒක තප්පරෙන් නවත්ත ගත්තා. ප්‍රේක්ෂකාගාරේ කාටවත් ඒක ගානක් ගියේ නෑ. හැබැයි තිරේ පිටිපස්සේ උන්ට එයින් එහා දෙයක් නෑ. සීන් එක එතනින් ඉවරයි. උත්සවේ ගානට ගියා. උත්සවෙන් පස්සේ ආව කෙල්ලෙක්ට අතට අත දී ගත්ත එක තමයි අර කන්‍යාභාවේ නැතිකරගන්ඩ බලං හිටපු උන්ට යන්ඩ පුළුවන් උන උපරිම දුර. සියල්ලෝ සතුටින් විසිර ගියා.
කතාවේ ඉතුරුටික කියන්ඩ කලිං එක චරිතයක් හදුන්වලා දෙන්ඩ ඕනේ. ඒ දවස්වල කොමස් එකේ අංශ ප්‍රධානියා උනේ "ලොක්කා" කියලා කොල්ලො හදුන්වපු ලොකුලියනගේ සර්. සිරා ඩයල් එකක්. ඉගැන්වීමේ පුදුම හැකියාවකුත් තිබ්බා මගේ හිතේ. (මම ඉගෙනගෙන නෑනේ). කොහොම උනත් කොල්ලෝ යනු මොක්කුද කියන එක ගැන බොහොම ලොකු දැනුමක් තිබ්බ ගුරුවරයෙක්. කතාකරද්දි දත් අතරින් හුළං යෑම නිසා විශේෂ උච්චාරණයකින් කතා කළේ. ලොක්කා බල්ලන්ට බයයි කියලා දැන ගත්ත කොල්ලෝ කොමස් එකේ උඩ තට්ටුවට නගින තැන හොරිකඩ බල්ලෙක්ව කොහු ලණුවකින් ගැට ගහගෙන කන්ඩ දිදී තියාගත්ත කාලෙකුත් තිබ්බා.
කොල්ලො අර තල්ලට දිව තියලා "ටොක්" කියලා සද්දේ දාන එකට ලොක්කා කැමතිම නෑ. කොල්ලො ලොක්කා එනවා දැක්කම "ටොක්" ගාලා හැංගෙනවා. එක දවසක් කොල්ලෙක් ලොක්කට කියනවා මෙහෙම.
" සර් මේ කොල්ලො සර්ට "ටොක්"(කටින් සද්දේ දාන ගමං) ගානවා නේද? අපි දන්නවනේ සර් "ටොක්" ගානවට කැමති නෑ කියලා. එහෙම උං සර්ට "ටොක්" ගාන එක හරි නෑනේ සර්. ඕකුන්ට ආයේ "ටොක්" ගෑවොත් දෙන්ඩ ඕනේ සර් ආයේ "ටොක්" ගාන්නැති වෙන්න. මූත් එක්ක එකඟ වෙන්නද නැත්තං මූටත් ගහන්නද කියලා ලොක්කට හිතාගන්න බැරි උනා.
තව කොමස් එකේ හිටියා ලස්සන ගුරුවරියක්. අපේ වයසේ දුවෙක් හිටියට බොහොම තරුණ පෙනුමට හිටියේ. එතුමියත් කොල්ලො ගැන හොඳ අවබෝදෙකින් හිටියා වගේම අති දක්ෂ ගුරුවරියක්.
හරි දැං ආයෙත් පරණ කතාවට යමු.
ඩේ එකෙන් පස්සේ දවසේ කොමස් එකේ හෙනම සාකච්ඡාව. දොර ගාව එකෙක් මුරට තියලා එක පන්තියක උන් අතිශයෝක්තියෙන් කතාව. "අඩෝ පට්ට වැල ඩෝ. ලොක්කගෙයි ****** මැඩම්ගෙයි. ප්‍රොජෙක්ටරෙන්නෙ පෙනුනේ. ලොක්කගේ ***** මෙන්න මෙච්චර විතර ලොකුවට දැක්කේ...... " එකෙක් දැක්කා වගේ විස්තර විචාරයක් දෙනවා. අනිත් උනුත් අරූට මිස් වෙච්ච අලංකරණ දාලා අතුරු කතා එකතු කරලා වර්ණනාතික්‍රාන්ත ගද්‍ය කාව්‍යක් බවට පත්කරනවා. දොරගාව මුරට තිබ්බ එකා තනියම "හිකි හිකි" ගාන්නේ මොකද කියලා බලන කොට තමයි දන්නේ ලොක්කා සෑහෙන වෙලාවක ඉඳං දොර ගාවට වෙලා තමුං කිසිදා අත් නොවිඳි ලිංගික අත්දැකීමක වීඩියෝ සාක්ෂි එකා එකා දිග අරින හැටි අහං ඉඳලා කියලා. ලොක්කා මුරට හිටපු එකාට කට වහං ඉන්න සංඥා කරලා කතාව රස විඳලා.
පන්තියේ කොල්ලො ටික පන්තියෙන් එළියට ගෙනල්ලා දණ ගස්සවලා ලොක්කා නෙළපු නෙළිල්ල අපේ පන්තිවලටත් පෙනුනා.
"අනේ සර් මේ පාරත් හිටලා."
"පාර හිටින්ඩ නෙමෙයි තොපිට පු* පැලෙන්ඩ දෙන්නෙ අද. යකෝ තොපේ දෙමව්පියෝ වගේ ඉන්න ගුරුවරුන්ට නේද තොපි මේ අවලං කතා හදන්නේ"
කතාව ඉවරයි. දැං පසු කතාව.
ලොක්කා කොල්ලන්ට ගැහුවට අමානුෂික විදිහට ගැහුවේ නෑ. වෛරයක් හිතේ තියාගත්තෙත් නෑ. ඒ පන්තියට වෙනසක් නැතුව ඉගැන්නුවා. කොල්ලොත් ඉගෙනගෙන අද රටේ තැන් තැන්වල වැදගත් විදිහට ජීවත් වෙනවා. කොල්ලො ලොක්කව විහිළුවට ගත්තට ගුරු ගෞරවේ නැති උනේ නෑ. කවදාවත් කොල්ලෙක් ගුරුවරයෙක්ට අතක් උස්සල නෑ. පස්සේ කාලෙක විදුහල්පතිතුමාට දූෂණ චෝදනා ආව වෙලාවක ශිෂ්‍යයින්ව උද්ඝෝෂණ සඳහා යොමු කෙරුනේ විවිධ බලවේග මගින්. විදුහල්පතිට කඩේ නොයන ගුරුවරුන්ට විරුද්ධව ශිෂ්‍යයින්ව උසිගැන්වුනා. ගුරුගෞරවේ නැති උනා. හොඳ ගුරුවරු ඉස්කෝලේ දාලා ගියා. අසූචි ගොඩක් උනා.
සමහරු හිතයි යකෝ මේ කොල්ලෝ මහ නැහැදිච්ච හැත්තක්නේ කියලා. වයසට යනකොට සිද්ද වෙන ලොකුම අවුල තමයි පොඩි කාලේ හිතපු විදිහ අමතක කරන එක. දෙපාර්ශ්වයම අවබෝධයක ඉන්න තාක් කල් සහ සීමාව නොපනින තාක් කල් හැමෝම සතුටින්.