12 May 2015

මා ආදරේ නෑ මුළු ලොවටත් වඩා



"මා ආදරෙයි මුළු ලොවටත් වඩා.....මා කාටවත් නෑ එලෙසින් කියා..."

"ඉතිං මට කියන්ඩකෝ සුදෝ.." එයා කිව්වේ මට තව තවත් තුරුල් වෙන ගමං.තවත් තුරුල් වෙන්ඩ ගියොත් මේ කෙල්ල මගේ ඇඟ ඇතුලටම රිංගලා තමයි නවතින්නේ කියලා මට හිතුනා.

"එහෙම කියන්ඩ බෑනේ.මම එහෙම කාටවත් කියලා නැත්තේ මම බොරු කියන්ඩ කැමති නැති හින්දා." මම කිව්වා.

"ඒ කියන්නේ ඔයා මට ආදරේ නෑ..." අර හැම කෙල්ලෙක්ම කරනවා වගේ මාව බොරුවට තල්ලු කරලා එහාට උනේ බැරි වෙලාවත් මම මළ පැනලා නැගිටලා ගියොත් බදලා අල්ල ගන්ඩ පුළුවං දුරකට විතරයි.

"ඔයාට ආදරේ නැත්තං මම මෙහම තනි පංගලමේ ඔයත් එක්ක මේ වගේ ගමං එනවද? අනික මං ඔයාට පොරොන්දු වෙලානේ තියෙන්නේ වෙන කෙල්ලෙක් සෙට් උනේ නැත්තං ඔයා බඳිනවාමයි කියලා.මම කිව්වේ ලෝකෙට වඩා ඔයාට ආදරේ කරන්ඩ බෑ කියලා."

"ඇත්තටම ආදරේ නං මොකද ඕක කියන්ඩ බැරි.වෙන කොල්ලන්ට එහෙම කියන්ඩ පුළුවංනං ඇයි ඔයාට කියන්ඩ බැරි?"

"ඇත්තට ඔයාට කී දෙනෙක් එහෙම කියලා තියෙනවද?"

" ඔය ඉතිං ඔයාට ඔය වගේ කුණුහරුප තමයි අල්ලගන්ඩ තියෙන්නේ."

"නෑ මගේ රං කඳ, වස්තුව මාගේ නිර්මල නිසැක ප්‍රේමය ඔබට හැර කාට නම් පුදන්නද? පෙර සිටි ස්ත්‍රීන් කිහිප දෙනාම මාගේ හදවත තලා දමා මා හට උස් පාවහන දී ගිය පසු මාගේ කුළුඳුල් ප්‍රේමය පිදුවේ තිට නොවෙම්ද? මා පැවසූයේ මාගේ හෘදයේ තී කෙරේ ඇති ප්‍රේමයට වඩා මා තුළ මේ මුළු මහත් ලෝ තලය කෙරේ ඇති ප්‍රේමය අධික බව පමණක් නොවේද?"

"මේ කියන බම්බුවක් තේරෙන්ඩ කියනවද?"

"මං කිව්වේ තොට ආදරෙයි තමයි හැබැයි තොට වඩා මම ලෝකෙට ආදරෙයි කියලා."

"ඉහි...ඉහි..... මම මැරෙනවා මුහුදට පැනලා" ඇය හොඳින් හරි බරි ගැසී රැල්ල නො එන හරියේ අරලිය ගහක් යට වාඩි වූවාය.

"නෑනේ සුදෝ මෙහෙමනේ දැං හිතන්ඩ ඔන්න මට තීරණය කරන්ඩ සිද්ද වෙන මොකක් හරි අවස්ථාවක් එනවා එක්කො ලෝකේ නැත්තං ඔයා කියන දෙකෙන් එකක් විතරක් බේරගන්ඩ සිද්ධ වෙන.එහෙම ෆිල්ම් ඔය ඕනේ තරං තියෙන්නේ.එක්කෝ ඔයාව බේරගන්ඩ ලෝකේ කැප කරන්ඩ වෙනවා නැත්තං ලෝකෙ බේර ගන්ඩ ඔයාව කැප කරන්ඩ වෙනවා.මම මොකක්ද තෝර ගන්නේ?"

"ඇයි අනේ මාවනේ තෝරගන්ඩ ඕනේ.ඔයා ඇත්තටම මට ආදරේ නං."

"ඈ යකෝ ලෝකෙම විනාස වෙන්ඩ දීලා තෝව බේරගෙන ඊට පස්සේ උඹයි මායි බුදියන්ඩ යන්නේ හඳටද? තෝ වගේ මී නෑම්බියක් එක්ක ඉඳලා ටික දවසකින් මට ජීවිතේ එපා උනාම පොඩි ඩ්‍රින්ක් එකක් ගන්ඩ යන්නේ සිකුරුවලටද?ලෝකේ ඉන්න අනිත් ගෑනු ලස්ස කෝටි ගාණක් විනාස වෙන්ඩ දීලා තෝව විතරක් බේර ගන්ඩද මට කියන්නේ? අඩුම තරමේ මේ ගහකොල සතා සීපාවා ගැනවත් උඹට අනුකම්පාවක් නැද්ද? තෝ හොඳයි අර බදුයුදීන් කාරයා එක්ක විල්පත්තුවේ කැලේ කොටන්ඩ අරින්ඩ.කෝටි ප්‍රකෝටි ගාණක් මිනිස්සු සත්තු මැරිලා ගිහිල්ලා ඒ ජීවිත නැති කිරීමට වක්‍රව දායක වෙච්ච එකෙක් හැටියට මට ස්වර්ග මෝක්ෂ සැප ලැබෙයිද? උත්තම නිර්වාණෙට යයිද? ඒ ඔක්කොමත් හරි ලෝකෙම විනාස උනොත් අර දීපිකා පදුකෝන් කෙල්ලයි, සහෝදර හිතිං මිනිහා නැති වෙලාවට මට ඇඳේ නිදාගන්ඩ දෙන වසුන්දරා අක්කයි දෙන්නත් මැරිලා යනවා නේද යකෝ?" මාගේ වාග් ප්‍රහාරය අවසන් වන විට නැවතත් මා තනිකඩයෙක් වී සිටියෙමි.


20 comments:

  1. හෙහ්, හෙහ් නියමයි. අමූලික ඇත්ත කටේ කිඹුල බනිස් ගෙඩියක් ඔබන්න වටින කතාව :)

    ReplyDelete
    Replies
    1. ගෑනු හරි ආත්මාර්ථකාමී නේද?

      Delete
  2. // ඈ යකෝ ලෝකෙම විනාස වෙන්ඩ දීලා තෝව බේරගෙන ඊට පස්සේ උඹයි මායි බුදියන්ඩ යන්නේ හඳටද?//

    හැක් පට්ට කතාව.. ග්‍රැවිටි එක එක්ක මරුවට තියෙයි..

    ReplyDelete
    Replies
    1. හඳේ අඩු ගුරුත්වය තියෙද්දි රමණය පහසු වෙයිද අපහසු වෙයිද? හිතන්ඩ හොඳ දෙයක්...

      Delete
  3. නියම පිරිමියෙක්...................

    ReplyDelete
    Replies
    1. අපි එහෙමයි හුහ් හුහ් හූ...

      Delete
  4. මාරම කතාවක්.ඇගේ එල්ලෙන්න එන අයගෙන් ‍බේරෙන්න හොද උපක්‍රමයක්.

    ReplyDelete
    Replies
    1. ආයෙ මොනවද ඉතිං. හිතට එන ඒවා කෙළිං කිව්වානං ගොඩක් උං අද තනිකඩයි

      Delete
  5. හුඟක් කොල්ලෝ මෙහෙම හිතුවට කෙල්ලෝ ඉස්සරහ මේවා කියාගන්නබැහැ..මොනවා උනත් ෆස්ට කතාව..

    ReplyDelete
    Replies
    1. එහෙම ඇත්ත කිව්වොත් අර මෙව්වා එකට ඇටුල් වීම තහනම් වෙනවනෙ...

      Delete
  6. ඩ්‍රින්ක් එකක් දාන්න සිකුරැවලට ගියත් බ්‍රෑන්ඩ් එක ගල්
    එල ද බ්‍රා

    ReplyDelete
  7. thota nam pissu hodatama. anunta upades dena wela bada pirenna kala, hoda nindak daala hitapiya. AKKA.

    ReplyDelete
  8. යකෝ තො බැන්දෙ එහෙනම්

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. http://yoalizer.com/IdO click krlm blnnko පට්ට

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...