28 January 2015

ඇති යංතං....



පහුගිය කාලේ පුරාවටම හරියට රෑට නින්දක් නැත.නින්ද ගියත් මහ රෑ එක පාරට නින්දෙන් අවදි වෙනවාය.බය හිතෙන හීන පේනවාය.හරියට කෑමක් කන්න බැරිය.එන්ඩ එන්ඩ කෙට්ටු වෙද්දී අම්මාත් කම්පා වෙලා හිටියාය.උත්තරයක් නැති ප්‍රශ්නයක් හිතට ආවම කොල්ලෙක් කොච්චර අපහසුතාවකට පත්වෙනවාද කියා තේරුම් ගන්න නම් එහෙම උත්තරයක් නැති ප්‍රශ්නයකට මුහුන දීලාම බලන්ඩ ඕනෑය.

කොල්ලෙක් පාරේ යන හැඩ කෙල්ලෙක් දැක්කාමත් මේ වගේ උභතෝකෝටික ගැටළුවකට මුහුණ දෙනවාය.ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නවාද? අයියලා ඉන්නවාද? තාත්තා වසයිද? ඒ ඔක්කොම හරිනං මට කැමති වෙයිද? කේන්දරේ මැච් වෙනවද? දෑවැද්ද කොච්චරක් විතර දෙන්ඩ බලාපොරොත්තු වෙනවද? මීට කළිං සුළු වරදක් වෙච්ච කෙනෙක් ද? ආදී වූ දාහක් ප්‍රශ්න කොල්ලාගේ ඔළුවට එනවාය.ලොකුම අවුල මේවා කෙල්ලගෙං එක පාර අහගන්ඩ කෙල්ලව අඳුරන්නේ නැති එකය.ඉතිං කෙල්ලව හොඳින් දන්නා වෙන යාළුවෙක් හෝ කෙල්ලගේ මල්ලිව (කෙල්ලට මල්ලි කෙනෙක් ඉන්නවානං) සෙට් කර ගන්ඩ ඕනේය.ඕකේම අනිත් පැත්ත කෙල්ලන්ටත් තියෙනවා වෙන්ඩ පුලුවං ය.හැබැයි උං ඒවා අපිට කියන්නේ නැත.

කොහොම වෙතත් මට තිබුණු ඒ හිත ඇතුලේ බුර බුරා තිබුණු ගැටළුවට උත්තරයක් අද උදේ හම්බ උනේය.මීට කළිං තිබුණේ ඔක්කොම උපකල්පන විතරය.දැං හරි උත්තරය ලැබිලා තියෙන හින්දා කන්ඩ පුලුවංය.නින්දත් යනු ඇත.මගේ මූනත් සිරියාවන්ත වෙලා කියලා අපේ උන්දෑත් කිව්වාය.මේ ප්‍රශ්නේ ගොඩක් අයට තියෙන්ඩ ඇති නිසා කාගේත් දැන ගැනීම සඳහා මෙසේ සටහන් කර තබමි.




R. දුමින්ද සිල්වාගේ 'R' එකෙන් කියවෙන්නේ රොමෙලෝ යන නම මිස රේප් නොවේ.


අරුමාදුර රොමෙලෝ දුමින්ද සිල්වා යනු සම්පූර්ණ නමය.



මෙය දැන ගැනීමට ලැබීමෙන් වීරසංගිලි පණික්කියලාගේ විමලසේන යන්න දැනගත්තාටද වඩා මහා සහනයක් සැනසිල්ලක් හිතට දැනේ.දැං ඉතිං ඉතිරිව ඇත්තේ කොණ්ඩේ ක්‍රේල් හම කළු චීනෙක් දකින්ඩ ලැබීම විතරය.ඒකත් ලැබුණොත් මට එහෙම්මම නිවන් යා හැක.



29 comments:

  1. මෙන්න විදේශ කුමන්ත්‍රණයක්.. එන් ජී ඕ කාරයා ඩයස්පෝරා කාරයා ..

    ReplyDelete
    Replies
    1. කෝ කොහෙද ඈ ඔන්න අපිනං දන්නේ නැතෝ.....

      Delete
  2. මාර ප්‍රශ්න උඹලටත් තියෙන්නෙ බං.

    ReplyDelete
    Replies
    1. ඒක ඒ දවස්වල හැමෝතම තිබ්බ ප්‍රශ්නයක් නෙව.පොරගේ ඡන්ද ඇඩ් ඔක්කොම පොර දැම්මේ ආර්. දුමින්ද කියලනේ.

      Delete
  3. අජරාමර රත්තරං දුමින්ද සිල්වා

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න ආයේ පටලවන්ඩ එපා.පොලොස් පෙත්තප්පු කිව්ව එක තමයි මම පිළිගන්නේ ඕං...

      Delete
  4. වීර සංගිලි පනික්කිය කියල ගරහන එක වැරදියි නේද? මිනිසුන්ගේ කුල අරගෙන. ලංකා ඊ නිව්ස් එක තම පටන් ගත්තේ. විවේචනයේත් සදාචාරාත්මක බවක් තිබෙන්න ඕනේ නේ. සැහෙන කාලයක් ලියපු සිරා බ්ලොගක් අපේ රාඩර් එකට වැටුන්නැති.

    ReplyDelete
    Replies
    1. අජිත් මෙතන කුලවාදයක් නෑ. ඒක ඔහුගේ වාසගම. වාසගම අනුව කාස්ට් එක කියවෙන වෙලාවක් විතරයි මේක.

      Delete
    2. ඔයාගේ බ්ලොගයේ සඳහන ගැන නෙමේ කිව්වේ. ලංකා ඊ නිව්ස් හෙම ඒ නම පාවිච්චි කරන්නේ ඔලොක්කුවට නිසා.

      Delete
    3. අපොයි අපහාසයකට නෙමෙයි.ඒ උනත් ඒ නමේ පට්ට ආතල් එකක් තියෙනවා.මම ඒකේ ශබ්ද රසයට කැමති.

      Delete
    4. කුලවාද ඇදලා ගන්න එපා. ඒක හරි පහත් දෙයක්. අපි හැමෝම එක විදියකට බිහි වෙන්නෙ.ඇයි ඔයාලා පිරිමි වෙලත් ලිඳ ලඟ සංගමය වගේ මේ වගේ කුනු අවුස්සන්නේ.විමල් වීරවංශ කරන වැඩ ඔයාලට අල්ලන්නේ නැත්නම් ඒවාට බනින්න, එයාගෙ කුලය අල්ලාගන්න එපා. ඔය කවුරු හරි ඒ වගෙ පවුලක ඉපදුනා නම්, අද අපි ඔයාට ගරහනවට කැමතියිද? තමන්ගෙ කුලය තමන්ට තීරනය කරන්න බැහැ.අපි මොන කුලයක ඉපදුනත් ඒක අපිට ගෞරවයක් වත්, අවමානයක් වත් නෙවෙයි. හේතුව ඒක අපේ දක්ශ කමකට වූ දෙයක් නොවන නිසයි.
      එතකොට සූරියාච්චි දේව රසික හරිස්චන්ද්‍ර ( කකා), එතකොට මාතලන්, එතකොට අරූගෙ අඩවිය ලියන අරූ,සිකුරාදිපති(ඕනයා) වගේ අය ගැනත් ඔයාල හිතන්නේ ඔහොමයි.මෙතන හිනාවෙන ඔක්කොම ගොවිගමද? විශේශයෙන් තංගල්ලෙන් ආපු මෞර්ය රාජ්?

      Delete
    5. මන් හිතන්නේ අර වෙන ඇනෝ කෙනෙක් පහල දාල තියෙනවා වගේ විරවංශ අනිත් අයට නොමනා විධිහට කතා කල නිසා එයටත් ඒ විධිහට අනිත් අය සලකන්න ගතතා.

      Delete
    6. කුලවාදය වැරදියි. ප්‍රතික්ශේප කල යුත්තක්. නමෙන් කුලය කියවෙන එක නවත්වන්න නං බෑ. ඊ නිව්ස් එක එහෙම පාවිච්චි කරනව නං ඒක එයාලගෙ අවුලක්!

      උඩ ඇනෝ බ්ලොග්කරුවන්ගෙ නම් අරගෙන කැකුන තලන්න හදන්නෙ. ඒක කුලවාදයට වැඩිය කැත වැඩක්.

      Delete
  5. demawpiyo,minihata weerasangili panikkiyalage weerasena,kiyala dapu nama,eka apahasayak wenne kohomada?Miniha anith desapalakayanta Apahasa karanahetiyata,uge kate hetiyta weeraSAKKILI kiwwath waradak nahe.

    ReplyDelete
    Replies
    1. ඇනෝ ගේ කතාව ඇත්ත තමා. නමුත් අපි එතෙන්ට වැටෙන්න ඕනේ නැහැ. මිනිහට දඬුවම් ලැබෙයි ඉස්සරහට.

      Delete
    2. පොරගේ ඔය නම් වෙනස් කිරිල්ල පවුලටත් බෝ වෙලා නේද? ඒ උන්දෑ උපන් දිනෙත් වෙනස් කරලලු අවුරුදු තුනකිං තිරිහං වෙන්ඩ

      Delete
  6. අම්මපා උඹට වෙන ප්‍රශ්ණ ඇත්තෙම නැත්නම් මට තියෙන ඒවයින් ටිකක් දෙන්නම් ණයට අරං හිතපන්කෝ..

    ReplyDelete
    Replies
    1. හා හා මේවා හරි වැගත් සාමාජීය ප්‍රශ්න.ඔන්නොහේ උඹට ගොඩක් ප්‍රශ්න තියෙනව නං එකක් දෙකක් දීපං හිතලා දෙන්නං

      Delete
  7. සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්ණයක්. (කෝක්)

    ReplyDelete
    Replies
    1. මව්බිමද කොකාකෝලද?
      බොනවනං අයියේ බොන්ඩ දේශියා රා ටිකක්.බොන්ඩ කළිං බලන්ඩ පොල් කට්ටේ සූර්ය සිංහ ලාංඡනේ තියෙනවද කියලා ඕං.

      Delete
  8. පෑල දොරේ .. . . යන්නකෝ කපුවෙක් අල්ලාගෙන රවුමක් ජොලියටත් එක්ක..

    ReplyDelete
    Replies
    1. කොහෙද මචං.ඔන්න මාත ආවා පොල්වත්ත පැත්තේ.අටමා බැන්නත් හරි ඔන්න හොඳට ශුද්ධ බුද්ද කරලා තියෙන්නේ

      Delete
  9. කස්ටියගේම උප්පැන්න සහතික එලියට එනවා වගේ . හඃ හඃ හඃ හඃ

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බං මට දැං මගේ නමත් ශුවර් නෑ වගේ.

      Delete
  10. මදැයි ටික දවසක් ප්‍රශ්නයක් නැතුව හිටියා , දැන් ඉතින් මේක හිතපන්කෝ

    ReplyDelete
    Replies
    1. මොකක්ද ඩො මගේ පට්ට පරණ පොස්ට් එකක් බ්ලොගේ එල්ලන් ඉන්නේ ,ඕකට පස්සේ කීයක් දමම්ද? උඹේ බ්ලොග් රෝල අප්ඩේට් වෙන්නේ නෑ. වහාම හදාගනින්, නැත්තම් අපි ලියන උත්කෘෂ්ට සාහිත්‍ය නිර්මාණ දැකීමේ වාසනාව උඹෙන් ගිලිහී යනවා

      Delete
  11. ඒක නේන්නං .... සෑහෙන ප්‍රශ්නයක් !!!

    ReplyDelete
  12. බලාගෙන යනකොට මාර ප්‍රශ්න නේ තියෙන්නේ.

    ReplyDelete
  13. වීරසංගිලි පනික්කියා කීවම මට මතක් වෙන්නෙ ඉස්සරහට නෙරපු බඩක් තියෙන ඒ බඩ උඩ කලු බුරියක් තියෙන අත පය ඉරටුවගේ හීනි මන්දපෝෂනේ හැදිච්ච, බෙරයක් බැදගෙන ගහ ගහ යන ඩයල් එකක්. මට දවසක් හම්බුනා විමලෙ හිරු පත්තරේ ඉන්න කාලෙ ගහපු පොටෝ එකක්. ඒක මගෙ හිතේ තිබුණ ඉමේජ් එකට ගානට සෙට් වුණා. නාමෙ නොදිරනා කුණු කය දිරනා හේ.............හේ.............හේ....................!

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...