21 January 2013

දීපිකා පදුකෝන්ට ප්‍රියංකා චොප්‍රාගෙන් පා පහරක්....

  

මම එහෙමට කියලා හින්දි චිත්තරපටි බලන්නේ නැත.කොහොමත් දහයක් බැලුවත් එකක් බැලුවත් ගොඩක් වෙලාවට එකය.ඒ උනත් සිංහල චිත්තරපටිවලට වඩා දාස් ගුණයක් හොඳ නිසා ඉඳ හිටලා එකක් දෙකක් බලනවා ය.වැඩිපුරම නොබලන්ඩ හෙතුව මේවා අම්බානකට දිග වෙච්ච එකය.පැය දෙකහමාරක් කට ඇරගෙන බලං ඉඳලා ගන්ඩ ලබ්බක් නැත්තං ලැපත් පොළවේ ගහන්ඩ හිතෙන හින්දා බලන්නේ කට්ටියගෙන් අහලා බලලා හොයලා තෝරලා ය.

කට්ටියගෙන් අහලා බැලුවත් මගේ අදහස් අනිත් උංගේ අදහස්වලින් වෙනස් වෙන්ඩ පුළුවං නිසා අපරාදේ කාලය නාස්ති කරන්ඩ සිද්ද වෙච්ච අවස්ථාද එමටය.ඉන්දියාවේ උන්ට අපේ රටේ උන්ට විතරක් නෙමෙයි මුළු ලොකෙටම බොලිවුඩ් කිව්වොත් ශාරුක් ඛාන් කියන එකා නැත්තං වැඩක් නෑ වගේය කතා කරන්නේ.ශාරුක් නැති බොලිවුඩ් එක උං කියන විදිහට අස්සයා මැරිච්ච කව්බොයි වගේ තේරුමක් නැති මෙව්වා එකකි.ඇත්තය ඒකා දස්සයාය.ඒ උනාට ඌ හැමදාම කරන්නේ එකම චරිතය ය.ඕනෑම එකෙක් අවුරුදු විස්සක් විතර එකම දේ කරගෙන යනකොට ඌ ඒ කාර්යයේ කෙළ පැමිණෙනවාය.ශ්‍රම විභජනය සහ විශේෂ ප්‍රාගූන්‍යය කියන්නේ ඒකට වෙන්ඩ ඇතිය.ශාරුක් අයියා ඉස්සර ඉන්දියාවේ තේමා චිත්‍රපටි වෙච්ච දුෂ්ඨයා වීරයා සහ පෙම්වතිය චිත්තරපටිවල ද රඟ පාලා පස්සේ 'කුච් කුච් හෝතාහේ' එක්ක ඇරඹිච්ච ගෙවල් ඇතුලේ ජිල් බෝල සයිස් ප්‍රශ්න ජම්බෝල කරලා අපිට පෙන්නන චිත්තර පටිවල දුක්ඛිත පෙම්වතාගේ චරිතය කරන්ඩ පටං ගත්තේය.උගේ පරණ චිත්තරපටි එකකුත් අළුත් චිත්තරපටි එකකුත් බැලුවාම ඔබ ශාරුක්ව දන්නවා වෙනවාය.

මට අල්ලලා ගියේ අමීර් ඛාන් කියන හාදයා ය.මිනිහාත් අර පරණ චිත්තර පටිවල වීර චරිතේ කරලා සංක්‍රාන්තියෙං පස්සේ විසාල පරාසයක චරිතවල රඟපෑවේය.ත්‍රී ඉඩියට්ස් එකේ අමීර් ඛාන් ගජිනි එකේ නැති අතර ලගාන් එකේ අමීර් ඛාන් මංගල් පාණ්ඩේ එකේ නැත.ඉතිං මට ඒ හාදයාව හිතට ඇල්ලුවේය.

හොලිවුඩ් තරු ගැන මම වැඩිය දන්නේ නැත.ඒ මම චිත්තරපටිය පටං ගන්නකොට දාන නම් ටික බලන්නේ නැති හින්දාය.ඉවර වෙනකොට දාන නම් ටික බලන්නේද නැත.ඒ කෙසේ වෙතත් 'ජොනි ඩෙප්' කියන හාදයා සිරාය, එළැය, පස්ටය.පොරගේ 'පයිරට්ස් ඔෆ් ද කැරිබියන් හෙවත් කැරිබියන්වල මුහුදු කොල්ලකාරයෝ' එකේ රංගනයට වෙනස්ම මෙව්වා එකක් 'එඩ්වඩ් ද සිසර් හෑන්ඩ්ස් හෙවත් එඩ්වඩ් හෙවත් අත් කතුරා' චිත්තර පටියේ ඇත.'ෆ්‍රොම් හෙල් හෙවත් අපායෙන්' චිත්තරපටියේ එකට වෙනස්ම චරිතයක් 'චාලි ඇන්ඩ් ද චොකලට් ෆැක්ටරි හෙවත් චාලි සහ චොකලට් කර්මාන්ත සාලාව' එකේ කොරනවාය.අනිත් හාදයා 'ලියනාඩෝ ඩිකැප්‍රියෝ' ය.මිනිහාගේ චිත්තරපටි මට ඔක්කොම වගේ මතක නැති උනත් 'J. එඩ්ගාර් හෙවත් CIA හි කතාව', 'ඉන්සෙප්ශන් හෙවත් හීන කතාව', 'ශටර් අයිලන්ඩ් හෙවත් පිස්සු කතාව', 'කැච් මී ඉෆ් යූ කැන් හෙවත් පුළුවන්නං අල්ලපං', වගේම 'ටයිටැනික් හෙවත් ඒකත් ගිලුනා' චිත්තරපටිවල රඟපෑව එකිනෙකට වෙනස් චරිත වගේම රංගනයේ ප්‍රතිභාව, රංගනයේ ස්වභාවික බව මේ හාදයත් මට හිතට අල්ලන්ඩ හේතුවක් උනා.



ඉතිං ඔන්න බොලිවුඩ් නිළියො ගැන කතාවට එමුකෝ.මම ගෑනුංගේ ලස්සන අගේ කොරන මනුස්සයා තමා.ඒ උනත් නිළියකට කැමති වෙද්දි බොලව් රඟ පාන එක ගැන එපායැ හිතන්ඩ.නැද්ද මං අහන්නේ.දැං ඔය ලංකාවේ මම කැමතිම නිළිය දුලීකා මාරපන අක්කා උනාට කවදාවත් උන්දෑ ජනප්‍රියම නිළිය වෙන්නෑනේ.මම කැමතිම නළුවා මහේන්ද්‍ර පෙරේරා උනාට රංජන් රාමනායකනේ ජනප්‍රියම නළුවා වෙන්නේ.මට බෑ අයියෝ......මට දුකයි....ඇඬෙනවා හයියෝ............

ඔන්න දැං දෙවෙනි පාරටත් බොලිවුඩ් නිළියො ගැන කතාවට එනවා.මට අල්ලලා ගියපු නිළිය තමයි 'දීපිකා පදුකෝන්' අක්කි.අක්කා හැඩයි තමයි ඒ වගේම රඟපෑමත් පස්ටයි.'කාර්තික් කෝලිං කාර්තික් හෙවත් ඌ ඌටම කෝල් කරනවා' චිත්‍රපටියේ දීපිකා අක්කි දෙනව ඇක්ටිං පාර මට පුටුව උඩ නැගලා විසිල් පාරක් ගහන්ඩ හිතුනා ඉන්දියාවට ඇහෙන්ඩ.ඔන්න ඉතිං දීපිකා අක්කිට දිනුක ජයකොඩි අනුස්මරණ අභියොගතා රංගන තරගාවලියේ හොඳම නිළිය කුසලානේ දීලා තිබ්බේ.එතකොට තමයි මට අහු උනේ 'බර්ෆි හෙවත් ගොලු කොල්ලා' චිත්තරපටිය.හෆොයි දෙයියනේ මම මුළිං හිතුවේ ඔටිස්ම් ඇත්තටම තියෙන කෙල්ලෙක් අරගෙන රඟපාවන්ඩ ඇති කියලා.චිත්තරපටිය ඉවර වෙලා ඇති වෙච්ච පසු කම්පනයට ස්ක්‍රීන් එක දිහාම බලං ඉද්දි තමයි ජිල්මිල්ට රඟපෑවේ ප්‍රියංකා චොප්‍රා කියලා දැක්කේ.මම පුටුවෙං වැටුනා.මගේ හද මන්දිරේ දීපිකා අක්කි වාඩිවෙලා උන්නු තැනට ආව ප්‍රියංකා අක්කි දීපිකාගෙ බෙල්ලෙං අල්ලලා උස්සලා පස්සට පයින් පාරක් දුන්නා අට ඉස්බක් දුරට විසික්කා වෙලා යන්ඩ.දැන් මගේ හදමන්දිරේ ඉන්නේ ප්‍රියංකා අක්කි තමයි (මගේ පවුලත් ඉන්නවා ඈ....ඕක කිව්වේ නැත්තං චිත්තරපටි බැලිල්ලත් හමාරයි ).

මගේ කතාව මෙයින් අවසානයි බලා සිති ඔබ සැමට ඉස්තූතියි!!!

ප.ලි. බලලා නැත්තං බර්ෆි බලන්ඩ ඈ........බලලා නං ආයේ බලන්ඩ ඈ............




32 comments:

  1. බාර්ෆි මගේ ජිවිතේටම බලපු හොඳම චිත්‍රපටි වලින් එකක් , කත්‍රිනා කයිෆ් ඇරුණාම බොලිවුඩයේ අලුත් නිලියො ගොඩ දෙනෙක්ගේ හැඩ වගේම වැඩත් තියෙයි . දකුණු ඉන්දියානු කොපි වලින් හදන මසාල වර්ගයේ ඒවා ඇරුණාම බලන්න හොඳ ඒව්වා දැන් තියනවා , 90 ගණන් වල වගේ එකම කථාව නලුවා වෙනස් ඒවට වඩා .බොලිවුඩ් වලින් ෂාරුක් , අමිර් , රන්බීර්, ආක්ශේ වගේ අයටත්
    හොලිවුඩ් නලුවන්ගෙන් විල් ස්මිත් , ටොම් කෘස් , ජේසන් ස්ටැතම් වගේ අයටත් තමා කැමති . ඒ ඇර කැමතිම නලුවෙක් තමයි ජැකි ජැන් . එක නලුවෙක් රඟපාපු වැඩිම චිත්‍රපට ගාණක් හොය හොයා බැලුවා නම් ඒ ජැකී චැන්ගේ .

    නිලියන්ගෙන් නම් ඉතින් බොලිවුඩ් තමා .....හොලිවුඩ් නිලියන්ගේ වැඩ හොඳ වුනාට රූපය හිතට වදින්නේ අයිට වඩා බොහොම අඩුවෙන් .

    ලංකාවේ මම කැමතිම නිලියක් කියා කෙනෙක් නැතිම තරම් , නලුවො නම් ගොඩක් ඉන්නවා මහේන්ද්‍ර කමල් ජැකා , ශ්‍රියන්ත (අන්තිම දෙන්න දේශපාලනේ ගැන කථා නොකරන වෙලාවට ) , රොශාන් රවීන්ද්‍ර , රවින්ද්‍ර රන්දෙණිය ........


    මගේ කැමතිම චිත්‍රපටි ලෝඩ් ඔෆ් ද රින්ග්ස් සහ හොබිට්ස් ! බොලිවුඩ් වලින් වීර් සාරා = ත්‍රි ඉඩියස්ට්= බාර්ෆි= ඩොන් 2, ජැකි චැන්ගේ ඒවයින් ශැන්හයි නයිස්ට්, නූන්ස් චිත්‍රපටි දෙක

    ReplyDelete
    Replies
    1. P.s - රන්ජන් රාමනායක නලුවෙක් විදිහට තේරුමක් නැතත් පාර්ලිමෙන්තු මන්ත්‍රි කෙනෙක් විදිහට නම් ඉස්තරම් !!!!

      Delete
    2. https://www.facebook.com/groups/385026481579326/
      මේං මේකට ජොයිං වෙන්න...
      බොලොවුඩ් ගැන කතා කොරන්න්ට

      Delete
    3. බුවා මම බලන ජාතියේ චිත්තරපටි බලන්නෑ වගේ.ජැකී චෑංගේ චිත්‍රපටි මම පොඩි කාලේ ආසාවෙන් බැලුවා.පස්සේ පස්සේ ඇක්ෂන් ඒවා බලන එක අඩුම වෙලා ගියා.පුලුවන්නං 12 ඇන්ග්‍රි මෙන් කියන චිත්‍රපටිය හොයාගෙන බලන්ඩ.මම බලපු පට්ටම චිත්‍රපටියක්.අතුල පතිරන මහත්තයා දොලහක් කියලා වේදිකා නාට්‍යයක් කළේ මේ චිත්‍රපටිය සහ එහේ අයගේ නාට්‍යයක් බලලා.නාට්‍යයත් පට්ටයි.

      Delete
    4. @aamir Khan : මම ෆේස්බුක් එකේ නෑ මචං.

      Delete
    5. මම ඇක්ශන් කොමඩි ෆැන්ටසි වගේ ඒවා තමයි බලන්නේ , ඔලුව නිදහස් කරගන්න තියන වෙලාවේ සිරියස් ඒවා බැලුවට අදාල වැඩේ සිද්ධ වෙන්නේ නැති නිසා . වෙලාවක් ලැබුන වෙලාවක මේක හොයාගෙන බලන්නම්

      Delete
    6. කොමඩි සහ ෆැන්ටසි මාත් කැමතිම ජාති තමයි.වැඩේ ඒවයේ සිරා ෆිල්ම් අඩුයිනේ.

      Delete
  2. ෂාරුක් ගැනයි අමීර් ගැනයි දිනුක කරන සංසන්දනයට සම්පූර්ණයෙන් ම මාත් එකඟයි. 80 අග 90 කාලෙ ආපු ඛාන් පරපුරෙන් තමන් යන පාර වෙනස් කරපු එකම ඛාන් අමීර් ඛාන් විතරයි. ඌට මාත් කැමති ඒකයි. බොලිවුඩ් නළුවෝ වගේම නිළියොත් එක වගේම දස්සයි. හැබැයි හුඟක් අයට වෙලා තියෙන්නෙ එකම රාමුවකට කො‍ටු වෙන්නයි. ඔය කො‍ටුවෙන් පිට පැන්න නිළියක් විදිහට දැනට මට මතක් වෙන හොඳම නිළියක් තමයි විද්‍යා බාලන්. පුළුවන් නම් එයාගේ ‍ෆිල්ම් ටිකකුත් බලපන්........

    ReplyDelete
    Replies
    1. විද්‍යා බාලන් නේද කහානි එකේ ඉන්නෙ.මම ඒකනං බැලුවා.ෆිල්ම් එක සිරා උනාට අනේ මන්දා මොකක්ද මන්දා අඩුවක් තියෙනවා.

      Delete
  3. මටත් හින්දි චිත්‍රපටි අල්ලන්නෙ නැත්තේ ඔය කාලය ගැන කාරණාව නිසාය. ඒ කාලය තුල හොලිවුඩ් චිත්‍රපටි දෙකක් බලා හින්දි විත්‍රපටි 10ක පමණ ආතල් එකවර ලබාගත හැකිය.

    ‍බොලිවුඩ් නළුවං ගැන ඔයා කිව් එක හරිය. ෂාරුක් ඉන්නේ හිර වෙලා වගේය. මෑතකදී උන්දැගේ හොඳම ඇක්ටිං තිබුණේ රබ්නේ බනාදි ජෝඩි එකේය. ඒකනං පට්ට චිත්‍රපටයක්ය. ඒත් ෂාරුක් දැන් බෝරිං වෙලා වගේය. අමීර් ඛාන් ඒ අතින් බැලුවම පට්ට සිරාය. මම තව අර මුන්නා භායි එකේ ඉන්න අර්ෂාඩ් වාර්සිට කැමතිය. තව ඇමේසිං පයිඩර්මෑන් එක ඇතුලු හොලිවුඩ් එව්වයෙත් රඟපාන ඉර්ෆාන් ඛාන්ද සිරාම නළුවක්ය. ඇයි නස්රුදීන් ෂා ද සුපිරිම නළුවෙකි. අළුත් උන්ගෙන්නම් මට අල්ලලා ගියේ බාර්ෆි එකේ රන්බීර් කපූර්ය. ඒකා ඉස්සරහට හොඳ හොඳ වැඩ පෙන්නන බව ෂුවර්ය. දීපිකා අක්කා ගැන ඔයා කිව් එක හරිය. මම එයාට ලයික්ය. කොහොමත් බොලිවුඩ් අක්කලා සේරම මට එක වගේය.

    හොලිවුඩ් ගැන කියන්ඩ ගියොත්නං මෙතන පෝස්ටුවක්ම කොටන්ඩ වෙනවාය. ඒ නිසා දැනට නවතිමි. කාර්තික්ගේ ස්වයං මල්කැඩීමේ චිත්‍රපටිය ගැන ඔත්තුවට මෙන්න තොත්තුය!

    ReplyDelete
    Replies
    1. කාර්තික්ගේ ස්වයං මල් කැඩිල්ල පට්ටම පට්ටය.හොලිවුඩ්වල ( පමණක් නොව ලංකාවේ ඒවාද ඇතුළුව ) ගැටළුව ඇත්තේ කොමඩි කියන මෙව්වා වලදීය.උං කොමඩි කියලා කක්කා කතා දැම්මාම හිනා යන්නේ නැත වමනේ යන්න එනවාය.සිරා කොමඩි නැතුවා නොවේ.හිඟය.ඔබ දන්නා සිරා කොමඩි ඇත්නම් අසරණ මා හට ඔත්තුවක් ලබා දෙන්න.

      Delete
    2. මං බලල තියෙන හොඳම හින්දි කොමඩිය ලගේ රහෝ මුන්න භායි තමයි. ඒක ගැන ඇම්ම මේං. මුන්නා භායි එම්බීබීඑස් වුණත් හොඳයි. උඹට වඩාත් හොඳ වෙයි. Dehli Bellyත් මරු කොමියක් තමා. මෙන්න මේක තියෙන්නෙ ඒකෙ (http://www.youtube.com/watch?v=NRPeJs175eA)

      ඉංගිරිස් කොමි, ෆැන්ටසි එව්වා නං imdb පැත්තෙ කරක් ගහල ඕන තරං හොයාගන්න පුළුවන්නෙ.

      Delete
    3. @ hare :-)

      Dehli Belly උපරිමයි :D

      Delete
  4. "ඇත්තය ඒකා දස්සයාය" ඔව් ඒත් වැඩේ කියන්නේ ඌට ලැබෙන්නේම අඬන චරිතය.. හැම එකේම මොකකට හෝ අඬනවාය..

    "අමීර් ඛාන් කියන හාදයා ය" අමීරුත් දස්සයාය. ඔයා කියන්නා වගේ උගේ චරිත විශාල පරාසයකය..

    "ඉෆ් යූ කැන් හෙවත් පුළුවන්නං අල්ලපං" සිංහල පරිවර්තන නම් නම් නියමයි ඈ..

    "මගේ පවුලත් ඉන්නවා ඈ....ඕක කිව්වේ නැත්තං චිත්තරපටි බැලිල්ලත් හමාරයි " මොකද බං හැම වීරයාම පවුලට බය.. අපිටත් කවදහරි ඔහොම වෙයිඩ මන්දා?

    ReplyDelete
    Replies
    1. Don 2 , Chakde India , Swadesh මේවායේ ඇඬුවේ නැනේද?

      Delete
    2. ඇයි My Name is Khan? ශාරුක් ඛානුත් වෙනස් චරිත කරලා තියෙනවා. ඒත් වැඩිය මතක හිටින්නෙ kuch kuch hotha hai වගේ ඒවා.

      Delete
    3. @හරී : අනේ මන්දා බං.මම හිතන්නේ වීරකම එන්නේ ගෑනිට බය කියන එකත් එක්කම තමයි.හරියට ෆෝන් එකක් එක්ක චාර්ජර් එකත් එනවා වගේ.

      @බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! : ඩොන් බැලුවට පස්සේ මට දෙවෙනි එක බලන එක එපා උනා බුවා.අනිත් ඒවානං බලලා නෑ.

      @Anonymous : ඇත්ත මිනිහෙක් වැඩිපුර කරන ඒවනේ මතක හිටින්නේ.

      Delete
    4. @ Anonymous January 21, 2013 at 9:41 PM

      ඇයි chak de india ?

      Delete
  5. Replies
    1. ඔත්තුවට ඉස්තූතියි.සිරා චිත්‍රපටියක් වගේ පේනවා.

      Delete
  6. deepika aai mandireta ei 'cocktail' beluwama. film eke e heti deyak nethath acting superb!

    ReplyDelete
    Replies
    1. කොක්ටේල් බැලුවා මචං.මං හිතන්නේ ඒකේ දීපිකා ඕවර් ඇක්ටිං කළා වගේ කියලා බං.අනිත් එක ෆිල්ම් එක ඉවර වෙච්ච විදිහනං අන්තිම චාටර්.

      Delete
  7. https://www.facebook.com/groups/385026481579326/
    මේං මේකට ජොයිං වෙන්න...
    බොලොවුඩ් ගැන කතා කොරන්න්ට

    ReplyDelete
    Replies
    1. මම ෆේස්බුක් එකේ නෑ බං.

      Delete
  8. මේ ලඟදි හින්දි කියලා චිත්‍රපටියක් බැලුවේ සනී ලියෝන් ඉන්න "ජිස්ම් දෙක හෙවත් ඇඟ දෙක" !
    ඒ උනාට ලියෝන්ගේ රංගනය එතරම් තාත්වික නෑ. අපි බලාපොරොත්තු වෙච්ච රංගනය ඒ කතාවේ තිබ්බේ නෑ.

    ඊට අමතරව මේ ලඟදි බලපු හොලිවුඩ් නිර්මාණය තමයි "බ්‍රේව් හෙවත් නිර්භීතකම" ඒක ලස්සන කාටූන් කතාවක් ! මරු !

    ReplyDelete
    Replies
    1. ඇඟ දෙක නං මම බැලුවේ නෑ.කට්ටිය සනී ලියෝන් ගැන කිව්වට මම ඒ මනුස්සයව දන්නෙවත් නෑ.බ්‍රේව් හෙවත් නිර්භීතකම නං මම හොයාගෙන ආවා.බලන්ඩ ඕනේ.

      Delete
  9. මේක බැළුවේ නෑ දිනුක.. දැන් නම් හොයාගෙන බලන්නම වෙනවා..

    ReplyDelete
    Replies
    1. අනිවා හොයාගෙන බලන්ඩ.මොනම චිත්‍රපටි රසිකයෙක්වත් අවුලක් කියන ජාතියේ චිත්‍රපටියක් නෙමෙයි.එකම අවුල මේකප්වල.මිනිස්සු නාකි කරන එකනං හරියට කෙරිලා නෑ.

      Delete
  10. try schindler's list, pursuit of happiness,shawshank redemption, the terminal , inside man, american gangster, gladiator,crash, invictus, a beautiful mind, hotel rwanda, memories of geisha, blood diomand, cinderella man, the next three days, inglorious busterds, million dollar baby, unforgiven. gran torino, the prestige, the fighter,seven pounds, traitor, Hindi-Life in a metro, Trishna, dhobi ghat ....:)

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තූතියි සහෝදරයා.මෙහි සඳහන් චිත්‍රපට කිහිපයක් බලලා තියෙනවා.අනිත් ටිකත් හොයාගන්ඩ බලන්නම්.

      Delete
  11. කවුරු මොනවා කිව්වත් හසිත ගුණසිංහ අනුස්මරණ සම්මානේ නම් දෙන්නේ කත්‍රිනා කයිෆ්ටම තමා :D

    ReplyDelete
    Replies
    1. රඟපාන්නත් පුලුවන් වුනා නම් මොකක් හරි කරන්න තිබුනා . මෙයා හොඳයි ඊට වඩා

      http://en.wikipedia.org/wiki/Alia_Bhatt

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...