පහුගිය දවස් ටිකේම මොකුත් ලියනවා තියා කට්ටියගේ බ්ලොග් ටිකවත් හරියට බලාගන්ඩ වෙලාවක් හම්බ උනේ නෑ.අපේ වෘත්තිය පුහුණුවේ අවසාන අවුරුද්ද පටං ගත්ත නෙව.ආතල් ජීවිතේට තිත තියලා හොටු පෙරාගෙන දත්මිටි කාගෙන දැං බරටම වැඩ.මේ කියන්නේ ඔය කට්ටිය අහලා ඇති නේ ඔය මහාචාර්ය ඒකකයේ පුහුණුව කියන එක.අන්න ඒක ගැන.මාර ආතල් අප්පා.උදේ 7.30ට වාට්ටුවට ගියාම සමහර දවස්වලට බෝඩිමට එන්නේ රෑ 10.30ට විතර.මොකෝ කලිං අවුරුදු හතරෙම අයිස් ගහපුවට හරියන්ඩ වැඩ කරන්ඩ එපායැ.
මේ කියන මහාචාර්ය ඒකකවල පුහුණුවේදි මම ඇතුළු කණ්ඩායම මුලින්ම වැටුනේ නාරිවේදය ඉගෙන ගන්ඩ.පටං ගත්තෙම අවුල් තැනකිං.ඔය කකා දාලා තියෙන්නේ ඒකේ වටිනාකම.
ඔන්න නාරි වේදය කිව්වම කතාවක් මතක් උනානේ,
නාරිවේදය කරනකොට කරන්ඩ තියෙන එකක් තමයි යෝනි මාර්ගයට ඇඟිල්ල දාලා පරීක්ෂා කරන එක.මේක ගොඩක් වෙලාවට හැම රෝගියෙක්ටම වගේ කරන්ඩ ඕනෙ.කතාවට කියන්නේ ලෙඩෙක්ට PV (per vaginal examination) එකක් නොකර ඉන්නේ එක්කෝ කන්යාවක්නම්, එහෙම නැත්තං යෝනියක් නැත්තං කියලා.අනිත් එක ගොඩක් වෙලාවට අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එහෙම කරන්නෙත් යෝනි මාර්ගය හරහා.ඒ විතරක් යැ, සමහර ශල්‍යකර්ම කරන්නෙත් යෝනි මාර්ගය හරහා නෙව.
ඔන්න ඉතිං අමතර දැනුම හරි ඈ.
නාරිවේදී දොස්තර කෙනෙක් තමංගේ වෘත්තිය ගැන කළකිරුණලු.නිතර දකින කුකුලගේ කරමලේ සුදු වෙනවා වගේ ගෙදර උන්දැත් එපා වෙයි කියලා බය වෙලා වෙන්ඩ ඇති.කොහොම හරි පොර ගියාලු වාහන එන්ජින් හදන්ඩ ඉගෙන ගන්න කෝස් එකක් කරන්ඩ.පොරත් අනිත් මජං අයියලා එක්කම හරි හරියට වැඩේ අල්ලගෙන යනවලු.කොහොම හරි අවසාන එග්සෑම් එක තියෙනවලු.මේක ඇවිල්ලා ප්‍රායෝගික පරීක්ෂණයක්.කැඩිලා තියෙන ඇංජිමක් හදන එක තමයි වැඩේ.
පරීක්ෂණය අවසානෙදි ඩොකාට ලකුණු 100% යි ලු.ඔය ගැරෙජ්වල වැඩ කරලා කරලා හොඳට වැඩ පුලුවං උනාට සහතිකයක් ගන්ඩ ඕනෙ කමට කෝස් එකට එන්ටර් වෙච්ච හොඳ හොඳ එංජින් වැඩ කාරයින්ටත් 50%, 60% වගේ තියෙද්දි මේකා 100% ගත්තේ කොහොමද කියලා කට්ටියට හරි අවුල ලු.ඉතිං කට්ටිය ගියාලු විභාගෙ පවත්වපු අයගෙං මේ ගැන අහන්ඩ.
කට්ටිය ගිහිං ඇහුවම පරීක්ෂක මහත්තුරු කිව්වලු මිනිහා ඇංජිම හරියට හැදුවා ඒක හින්දා ලකුණු දුන්නා කියලා.එතකොට පරීක්ෂණේට පෙනී හිටපු ගැරේජ් බාස් කෙනෙක් නැගිටලා කිව්වලු 'ඉතිං මාත් ඇංජිම හරියට හැදුවනේ ඒ උනාට මට ලකුණු එච්චර නෑ නෙ' කියලා.එතකොට අනිත් උනුත් මුණු මුණු ගාලා උනුත් හරියට හැදුව එක ගැන කියන්ඩ ගත්තලු.එතකොට පරීක්ෂක මහත්තුරු කිව්වලු
'හරි හරී තමුසෙලා ඔක්කොම එංජිම හරියට හැදුවා ඒ උනාට ඒ යකා එංජිම හැදුවේ එක ඇණයක්වත් ගලවන්නැතුව සයිලන්සරෙන් අත දාලා' කියලා.
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
මේක මේ අමතර කතාවක්නේ.කියන්ඩ හැදුවේ ඒක නෙමෙයි නේ.ඔන්න මේ නාරිවේදී පුහුණුවට අදාලව අපිට සිද්ද උනා මහරගම පිළිකා රෝහලට ගිහිල්ලා නාරිවේදය හා සම්බන්ධ පිළිකා ඒ කියන්නේ ඔය ගර්භාශ පිළිකා, ගැබ්ගෙල පිළිකා, ඩිම්බකෝෂ පිළිකා ගැන එහෙම ඉගෙන ගන්ඩ.ඔය ගිය වෙලාවේ ආච්චි කෙනෙක් හිටියා ගැබ්ගෙල පිළිකාවක් හැදිලා.අපිට තියෙනවනේ රෝග ඉතිහාසය අහන්ඩ.මමයි තව දෙන්නෙකුයි මේ ආච්චිව කතාවට අල්ලගෙන ඔන්න විස්තරේ අහගෙන අහගෙන යනවා.ගෙවල් රත්නපුරේ කහවත්තේ, වයස අවුරුදු පනස් අටයි,රස්සාව තේ දලු කඩන එක.දරුවො තුන්දෙනයි.මල්වර වෙලා තියෙන්නේ අවුරුදු දහතුනේ දි, අවුරුදු දහ හතරෙදි කසාද බැඳලා.
මුල් කාලේ ඉඳංම ඔසප් වීමේදී අධික රුධිර වහනයක් වෙලා තිබුනට ප්‍රථිකාර අරගෙන නෑ.ඇයි කියලා ඇහුවම අහිංසක විදිහට හිනා වෙනවා.අපි බණියි කියලා බය වෙලා.හරිම බැගෑපත්.ඇයි මිනිස්සු අනිත් මිනිස්සුන්ට බයේ ඉන්නේ කියලා මටනං තේරෙන්නෙ නෑ.අන්තිමට පිළිකාවකුත් ඇතිවෙලා ඒක හොඳටම පැතිරුනාට පස්සේ තමයි රත්නපුරේ ඉස්පිරිතාලෙට ගිහිං තියෙන්නේ.
'එහෙං මාව කොළඹ එව්වා. උපං තේකට කොළඹ ඇවිත් නෑනෙ මහත්තයෝ...'
ආච්චි කියන්නේ හිනා වෙවී සතුටෙන්.ඒ මනුස්සයට පිළිකාවක් කියන එක තේරෙන්නේ නෑ.ඒකෙන් ජීවිත අවධානමක් තියෙනවා කියන එක වැටහෙන්නේ නෑ.කොළඹ දැකපු එක ලොකු සතුටක්.
මට කියාගන්ඩ බැරි මොකක්ද එකක් උගුරේ හිර වෙලා වගේ දැනුනා.මම කතා කරන එක නවත්තලා එන්ඩ ආවා.
මේක ගැන විග්රහ කරන්ඩ එක එක අයට එක එක විදිහට පුළුවං.අයිටීඑන් එක එක දෙයක් ගැන කියන දේ හාත් පසින්ම වෙනස් විදිහට සිරසෙ කියන්ඩ පුළුවං.මමනං මං ගැන සතුටු උනා.අඩුම තරමේ මම හිල්ටන් එක සිනමන් ග්‍රෑන්ඩ් එක ළඟින් ගිහින් තියෙනවා.රේස් කෝස් පැවිලියමේ සුපර් මාකට් එක දැකලා තියෙනවා.එම් සී එකේ අනිත් උන් බඩු ගන්නවා බලං ඉඳලා තියෙනවා.ඒත් අපි හැම තිස්සෙම හැමෝටම බණිනවා අපිට මදි කියලා.
මේ ආච්චි මාරන්තික ලෙඩකට ප්‍රථිකාර ගන්ඩ කොළඹ ඇවිත් කොළඹ දැකලා සතුටු වෙනවා.............
ඔය යුද්දෙ තිබුන පැත්තේ කොලුවෝ ටිකක් කොලඹ එක්කං ආපු වෙලේ උන් මෙච්චර ලයිට් දාලා තියනවා වත් දැකලා තිබිලා නැහැයි කියනවනේ! ඔන්න ආශ්චර්ය!
ReplyDeleteඇත්තටම මචං මේ බස්නාහිර පළාතෙ ඉන්න උන්ට වඩා අනිත් පැතිවල ඉන්න උන් සෑහෙන්ඩ දුක් විඳිනවා බන්.ඔය දැං කට්ටිය කොළඹ පාරවල්වල ගල් අල්ලලා චිත්‍ර ඇඳලා ලස්සන කරලා සල්ලි නැති වෙද්දි ළිං බද්දක් ගහන්ඩනේ ප්ලෑන් කළේ.ඒක ආවනං ඒකෙනුත් බඩේ පාර වදින්නේ අර දුප්පත් උන්ටම තමයි.
DeleteSorry for singlish.
ReplyDeletemeka nemeida lankawe media valin karanneth....?
Minisunta etta penne ne mokada ita vada dekin eka vahala.
eh gembo 58 manussayata achchi kiyanne mona rateda? it sounds offensive ha ha..
ඇයි මට ගෙම්බා කිව්වේ මං කැතද......?
Deleteඇත්ත තමයි.අපේ උන්දැලට ඔක්කොම අමතකයි මොකක් හරි පොඩි ෂෝ එකක් දැම්මම.ඊට පස්සේ ෆොන්සේකා හිරේ දාපුවා කේ.පී නිදහස් කරපුවා ඔක්කොම අමතකයි.
අනේ ඒ ගෑනු මනුස්සයාට 58ක් උනාට වැඩ කරලම සහ ලෙඩෙත් එක්ක හොඳටම වයස පාටයි.මම හරියට විස්තරයක් අහගත්තේ නැති උනාට ඒ මනුස්සයා 14න් බැන්දානං 15,16 වෙද්දි ළමයෙක් හම්බ වෙන්ඩ ඇතිනේ.ඒ විදිහට හිතුවම අපේ වයසේ මුණුපුරොත් ඇති නෙව.ඉතිං ආච්චි කිව්වට වරදක් නෑනේ.
හිනාවත් එක්ක දැනුම කලවම් උනහම හරිම රසයි , අන්තිමට දුකහිතෙන කතාවක් එකතු උනහම නං , මස්කටුයි ඉදිආප්පයි වාගේ
ReplyDeleteඅපේ අනාගතේ ඒ වගේ තමයි.ගෑනු මනුස්සයෙක් දරු පැටියෙක් අතට ගත්තම ඒ සතුට දැකලා අපිත් සතුටු වෙනවා වගේම දරු පැටියෙක් බඩෙදි නැති වෙලා ඒ මළකුණ බඩෙන් අයින් කරනකං වාට්ටුවේ නැවතිලා ඉන්න අම්මා කෙනෙක්ගේ මූන දැක්කම හිතෙන දේ කියන්ඩ ඕනෙ නෑනෙ අටමො....
Deleteදැන් ෆිනල් ද ?, එහෙනම් මේ පැත්තේ අවේ නැති උනාට කාරී නෑ. එකත් අල්ලලා ලබන අවුර්ද්දේ බැරිය. ආච්චි ගෙන දුකයි එත් ඔහොම සතුටු වෙන්න පුළුවන් තරම් සරල මනසක් තියෙන්නේ අපි කී දෙනාටද ?
ReplyDeleteෆයිනල් නේන්නං.මමත් නිකං ලංකාවේ ක්‍රිකට් ටීම් එක වගේ ගහගෙන ගහගෙන ඇවිල්ලා අන්තිමට ඇන ගනීද කියලා තමයි මට තියෙන බය.බ්ලොග කියන්නේ ආතතිය පිට කරවගන්ඩ මරු තැනක් උනාට සෑහෙන්ඩ වෙලාව යන එක තමයි අවුල.
Deleteඒ වගේ පොඩි දෙකින් සතුටු වෙන්නේ අල්පේච්ඡතාව හින්දා නෙමෙයිනේ බන්.නොදැනුවත්කම හින්දනේ...
මලයා කාලෙකට පස්සේ ඇවිදින්.
ReplyDeleteඋඩ ඇනෝ කිව්වා වගේ විභාග නම් මේ පැත්තේ නාවට කමන් නෑ..
වැඩ වැඩියි අප්පා.....බලමුකෝ ඇහැක් හැටියට බ්ලොග බලාගන්ඩත් එපායැ....
Deleteඒ මිනිස්සුන්ගේ ලෝකේ කොච්චර නම් පොඩිද ? හැබැයි සතුටින් ඉන්න එක නම් වටිනවා. කොළඹකරේ ඉන්න මනුස්සයෙක්ට පිළිකාවක් කියලා දැන ගත්තොත් ඒ මනුස්සයා ඒක ගැන හිතලාම අසනීප වෙනවා නොවැ.
ReplyDeleteමුලින් තිබුණු කතාව නම් සුපිරියි ඕන් :P
හසිතට කාලෙකින් නිවාඩුවක් ලැබිලා වගේ.ඉස්තූතියි අදහස් දැක්වීමට
Delete@ දිනුක
Deleteනිවාඩුවක්මත් නෙමේ අද පොඩ්ඩක් විවේකයක් තිබුනා. ඒක නිසා උදේ ඉදන්ම කළේ බ්ලොග් කියවිල්ල තමා :)