13 July 2011

මා ලියූ පළමු ලිපිය( සිංහලෙන්)

මා ඉංග්‍රීසියෙන් ලියා ඇත්තේද එකම ලිපියකි.



         මාගේ මිත්‍රයෙකු වන බූටා උගේ පාසල් කාලයේ සිට හදවතේ දරාගෙන ආ කුළුඳුල් දෙවෙනි හෝ තුන්වෙනි ආදරය වෙනුවෙන් පශ්චාත්තාප වෙමින් නොකා නොබී ජීවිතය නැති නාස්ති කරගන්නා බවට මට ලැබුණු ඔත්තුවක් නිසා මගේ හෘදයේ කන්තුක ගතිකරයේ සිටම අකර්මන්‍ය වී ගියේය.එනිසා මගේ ප්‍රතිපත්ති ඉවත දමා මිත්‍රයා වෙනුවෙන් ලිපියක් ලිවීමට මම බැරෑරුම් තීරණයක් ගතිමි.

උගේ මේ හදවත සොරාගත් කෙලි සිඟිත්ත මුස්ලිම්ය (මුගේ ශරීර අංගයකටද තර්ජනයක් ඇත ).මූට වඩා සෑහෙන්න බාලය(වයසින් පමණි.මුගේ තරම් බාල ගති ඇති එකෙක් මම මගේ ජීවිතේටම දැකලා හෝ අහලා හෝ නැත ).ඊටත් හපන් ඒකි මෑතකදී අඩු වයසෙන්ම බැඳලාය (දැං මුගේ ජීවිතේට ද තර්ජනයක් තියෙනවාය ).ඉතිං මාගේ මිත්‍රයාගේ නුවණැස පෑදීමේ තිර අදිටනින් යුක්තව මම ඌට ලිපියක් ලීවෙමි.

අන්තර්ගතය පිළිගැනීම හෝ නොගැනීම ඔබට බාර ය.



හිතවත් බූටා,

 උඹ තවම අර ලව් එක නිසා තරුණ ජීවිතය නිරපරාදේ නැති නාස්ති කරගන්නට යන බව දැනගන්නට ලැබුනා.තෝ මහ ලොකු ඇටකිච්චෙක් නොවුනාට කාගේ උනත් දරුවෙක් නිසාය මේ උඹගෙන් අහන්නේ.තොට අමු කැවිලා ද? නැත්නම් මේ හරි අමාරුවෙන් ලබාගත් මනුශ්‍ය ජීවිතේ හරි හැටි බුක්ති විඳීමේ ක්‍රමවේදය පිළිබඳ අවබෝදයක් නැද්ද? චවියා තණකොළ කෑ හැටිත්, චමිලයා බලාපොරොත්තු දී කඩකල හැටිත්, මම කෑ අසූචි කඳු පිළිබඳවත්, දේශානයාගේ අභිරහස් පෙම ගැනවත්, නයිසාගේ ඉතිහාසගත බූට් එක ගැනවත් උඹට මතකයක් නැද්ද?.

 උඹ ගම්පෙරලියේ පියල්ගේ චරිතය කරන්නද මේ හදන්නේ? ජිනදාස කලින් මළොත් හොඳය.නැත්තං උඹටත් වෙන්නේ ෆ්ලොරෙන්තිනෝ අරීසාට වෙච්ච දේය.ඌ කෙල්ලව සෙට් කරගෙන බඳින කොට කෙල්ලට හැට ගාණකි.ඌට හැත්තෑ ගාණකි.කෙල්ලෙක් නෙමෙයි ය.නාකි හම්පඩ මඟුලක් ය.නැත්තං උඹටත් දේව්දාස් කෙනෙක් වෙන්න පුළුවංය.ඒකට හොඳට බොන්න ඕනේය.බීලා නිතරම අඬන්න ඕනේය.අර වැඩේට ගණිකාවකුත් හොයාගන්න ඕනේය.අද කාලේ ගණිකාවෝ චාටර් නිසා උඹට කොන්ඩම් ගොඩකුත් ඕනෑය.

ප්‍රේමය ගැන ලෝකයා කියන දේ මම දන්නේ නැත.මම දන්නේ මෙච්චරය.ප්‍රේමයේ දිග අඩි 6කි.පළල අඩි 4 1/2කි.උඹ මෙයිට වඩා උසනම් අඩි 7ක් දිග ඇඳක් ගනින්.එතකොට ප්‍රේමයේ දිග තව අඩි එකකින් වැඩි වේ.ගෑනි මහතනම් උඹට ප්‍රේමයේ පළල තව අඩි එකකින් වැඩි කරගන්න පුළුවන්ය.හැබැයි එතකොට හරියන මෙට්ට තියෙනවාදැයි මම දන්නේ නැත.

ප්‍රේමය එච්චරටම ලඝු කළ නොහැකි බවද දනිමි.සැලකිය යුතු තවත් සාධක කීපයක් තිබේ.

-කොල්ලාට රැකියාවක් තිබිය යුතුය.
-බිරිඳ හා සිය මව අතර දුරස්තභාවය රැකෙනු පිණිස වෙනම පදිංචියක් තිබීම වඩාත් උචිතය.
-කෙල්ල පාරේ ගෙන යා හැකි විය යුතුය.
-කොල්ලා නොබොන එකෙක් විය යුතුම නැති උවත් බිව්වට පසු වලි නොදාන එකෙක් විය යුතුය.
-කෙල්ල කොල්ලාගේ මිත්‍ර සම්බන්දකම්වලට ඤරුඤුරු නොගෑ යුතුය.
-කෙල්ලට තේ එකක්වත් හැදීමට හැකි විය යුතු අතර කොල්ලාට ඒ මොන එක උනත් අගය කිරීමට තරම් ඉවසීමක් තිබිය යුතුය.
-කෙල්ල දිනපතා නාන දත් මදින එකියක් විය යුතුය.(සැලකිය යුතුයි: කොල්ලාද මෙම සාදකය සපුරා නැත්නම් එතරම් ගැටළුවක් පැන නගින්නේ නැත.)
-කොල්ලා ඉඳ හිට හෝ කෙල්ලට ජංගියක්වත් අරන් දිය යුතුය.

ඉහත සාධක ඇත්නම් ඔබ දැන් ප්‍රේම කිරීමට සූදානම්ය.වෙන මගුල් නොසොයන්න.හැම එකම සෙට් වෙන තුරු සිටියොත් තුංමංහන්දියේ අබිලිං මාමා වගේ ගෙදෙට්ටම නාකි වෙන්නට වෙනවාය.ඉහත සාධක නොමැතිනම් ගෑනු අමතක කරන්න.පොතක් පත්තරයක් බලන්න.ක්‍රිකට් බලන්න.පන්සල් යන්න.බණක් භාවනාවක් කෙරේ සිත යොමු කරන්න.එය වඩා උචිතය.

ඉතිං මගේ මිත්‍රයා මම උඹට මේ මිත්‍ර සෙනෙහසින් කියන්නේ.ඕක අමතක කරපන්.කොන ගැන හිතපන්.ලෝකය කවදාවත් ගෑනුන්ගෙන් හිඟවෙන්නෙ නෑ.

මීට උඹේ සදාදර මිත්‍රයා
දිනුක ජයකොඩි

4 comments:

  1. අනිවාර්යෙන් කොන ගැන තමයි හිතන්න ඕනේ. අපි කිව්වට බෑ. උටම හිතිලා තීරණයක් ගන්න දෙන්න ඕනේ. අපිට කරන්න තියෙන්නේ බලන් ඉන්න එක විතරයි.

    ReplyDelete
  2. ඒක ඇත්ත.ලව් ඔළුවට ගහපුවාම අනිත් උන් කියන එව්වා ගැන නිකමටවත් හිතන්නැහැ...

    ReplyDelete
  3. kaviyekuta thawath kawiyek therum ganna beri heti.dinukagei yaluwagei attitudes ahasata polowa wage.....

    ReplyDelete
  4. කවියෝ එකා එකා කොච්චරනං වෙනස්ද අප්පා.......යාළුවා වගේ බොළඳ සුකොමල ප්‍රේම ගැන මගෙ විශ්වාසයක් නෑ.තියෙන එක සිරා කරනවා.අවිනිශ්චිත එව්වා පස්සෙ ගිහින් තරුණකාලෙ නාස්ති කරගන්න මටනං ඕනෙ නෑ.

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...