03 July 2011

රමණයත් අහිමි හිමි


දවසම කුරුටු ගාලත්
බෑ ගන්න 
ෆයිල් මිටිය
නාහෙ මට්ටමටවත්
ඉර තීරණේ කළාම
බැහැල යන්ඩ
දුවගෙන ඇවිත් 
නඟින බස් එකෙත්
දාඩිය ගඳ
වැලමිටි පාරවල්
බෑග් මලු
තඩි ගෑනු
ඇඟේ ඉතුරු වෙන 
සොච්චං හයියත්
මිට මොළවං උඹ වෙනුවෙන්
ගෙට ගොඩවෙද්දි
වගක්වත් නෑ උඹට
ඔය ඉලව්ව වහල දාල
එනවද ඉක්මනට
නැත්තං
නින්ද යයි මට

5 comments:

  1. ඊටපස්සේ කෑ ගහනවා . අන්න අර කෙල්ල දිහා බැළුවා මේ කෙල්ල දිහා බැලුවා කියලා ..

    අනේ මන්දා කාන්තාවන්ගේ හැසිරීම් රටාව නම් ....

    ReplyDelete
  2. එන්න කිව්වට එන්නෙ නැති කොට ආයේ අර කිව්වත් වගේ වෙන කෙල්ලෙක් දිහා බැලුවා කියලා එහෙම ආඩපාලි කියනවා නෙමෙයි !!!!

    ReplyDelete
  3. ගෑනු ටීවී බලනව වගේ ආසාවෙං උනන්දුවෙන් තමා පිරිමි ගෑනු දිහා බලන්නෙ.මිනිහ එපා කියල ගෑනි අරක දිහා බලං ඉන්නවනං මිනිහට සිද්දවෙනවනෙ අනාචාරෙ යන්න.මොකෝ උඩ ඉන්න එක්කෙනා තත්වෙ බලල හෝමෝන ටික කොන්ට්‍රෝල් කරල දෙන එකක්යැ..

    මදුරංග සහෝදරයා සාදරයෙං පිළිගන්නවා ඕං මගේ පර්චස් එකට....ආයිබෝං කිව්වා...

    ReplyDelete
  4. ඉස්තූතියි මකුළු පැංචියේ...

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...